(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මින්නේරිය ආසනයේ හිටපු සම සංවිධායකවරයෙකුද වන චාමින්ද රත්නායක මහතා ඇතුලූ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ක‍්‍රියාකාරීහු පිරිසක් අද(25) පොලොන්නරුවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූහ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රික් නායක,හිටපු මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතාගේ පොලොන්නරුව,බැඳිවැව පිහිටි නිවෙසේදී ඒ මහතා මුණගැසී මින් ඉදිරියට පෙහොට්ටුවේ ක‍්‍රියාකාරීන් ලෙස කටයුතු කරන බවත් ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පොලොන්නරුවේ ජයග‍්‍රහණය කරවීම සඳහා කැපවන බවද ඔවුහු දැනුම් දුන්හ.
හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ (ශ‍්‍රී.ල.නි.ප) හිටපු සභාපතිවරයා සමඟ මෙසේ පොදුජන පෙරමුණ හා සම්බන්‍ධවූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සෙසු ක‍්‍රියාාකාරී සාමාජික සාමාජිකාවන් වූයේ පසුගිය පලාත් පාලන මැතිවරණයට හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවට තරඟකල අපේක්‍ෂිකා එස්.පී.සුසිලා ජයමංගල,අපේක්‍ෂිකා අජන්තා නවරත්න, අපේක්‍ෂක එම්.පී.පී.සිද්ධික්,අපේක්‍ෂක ඩබ්ලිව්.ආර්.ඒ.තුෂාර විජේසුන්‍දර,අපේක්‍ෂක ධර්මසිරි පෙරේරා සහ මින්නේරිය මැතිවරණ කොට්ඨාසයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ උපාධිධාරීන්ගේ සංගමයේ ලේකම් සුනෙත් ලංකේශ්වර යන මහත්ම මහත්මීහුය.
මෙම පිරිස ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රික් නායක රොෂාන් රණසිංහ මහතා විසින් බුලත් හුරුලූදී පිළිගනු ලැබූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මීටරේ?
බැලූ බැල්මට දෙකක් වගේ පෙනුනට ඔය දෙකම එකයි. එහේ .. ඉඳන් මෙහේට එනවා.. මෙහේ ඉඳන් එහේට යනවා. ඒ තරම් ගතියක් නෑ. කොහොම ගියත් නොගියත්, එකම වල්ලේ පොල්... තම තමන්ගේ කැමැත්තනේ. අපේ මොකෝ නේද..? ඒ වුණාට මෙතන ඉන්න කට්ටියගේ මීටර් එකේ පරතරේ නැහැ. සමහරුන්ගේ මාස්ක් එකත් නැහැ. නීති හදන රජයේම අය නීති කඩනවා. අනේ මන්දා..
මේ අයට මේ ගිලෙන නැවට ගොඩවෙන්න රුපියල් 5000ට අමතරව තව කීයක් නම් ලැබුණේද? මේවා හිතා ගන්නවත් බැරි කාරණා...
"ශ්රී ලංකාවේ ජීවත්වන ගෝත්රිකයින් පිරිසක් සොයා ගැනේ..."
මහ එවුන් පනිනකොට පොඩි එවුන් නිකම් ඉදීද?
මේ ගොල්ලන්ට ඇඳිරි නීතිය නැතිද?
මේ රට බේරගන්න වෙන්න ඇති. පුද්ගලික වාසි බලාගෙන එහෙම නෙවෙයි හොඳද...?
ශ්රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් තවම තියෙනවද? ඒකෙන්ම හැදුණු පිරිසක් ඒක දැන් වාෂ්ප කරනවා කියලයි අපට නම් පෙනෙන්නේ.
හෙට අනිද්දා පොලොන්නරුවේ සරල එක්කෙනත් ආවා කිව්වොත් පුදුම වෙන්න එපා.
පොහොට්ටුව සෑහෙන්න බංකොලොත් වෙලා වගේ...