( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල තෝරයාය නාරම්පොළ ප්‍රදේශයේ කැණීමකදී හමුවූයේ පොසිලයක් හෝ සත්ත්වයකුගේ ඉපැරැණි අස්ථි කොටස් නොව කාලයක් තිස්සේ පස් තට්ටු අතර ඝනීභවනය වීමකට ලක්වූ හුනුගල් පාෂාණ ස්ථරයක් බවට විද්‍යාගාර පරීක්ෂණ වලින් තහවුරු වූ බව පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයේ පුරාවිද්‍යා විශේෂඥ කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා ප්‍රකාශ කළේය.
පොළොව මතුපිට තිබූ හුනුගල් පාෂාණ විවිධ පාරිසරික සාධක මත පොළොව ගැඹුරේ තැම්පත් වීමෙන් නිර්මාණය වූ හුනුගල් පාෂාණ තට්ටුවක් මෙසේ හමුවී ඇති බව ඒ මහතා සඳහන් කළේය .
වැසි ජලයත් සමග පැමිණ ඇති හුනුගල් පාෂාණ මෙම ස්ථානයේ මේ ආකාරයට තැම්පත් වී ඇති බවද ඒවා වවුල්පනේ හුනුගල් ගුහාවේ නිර්මාණය වී ඇති හුනුගල් ස්ථර හා සමාන බවද පුරාවිද්‍යා කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා පැවසීය .
නාරම්පොළ පදිංචි මිල්ටන් සෝමරත්න මහතාගේ නිවසේ වැසිකිළි වලක් කැපීමේදී පොළොව මට්ටමේ සිට අඩි 10 ක් පමණ ගැඹුරේදී පස් අතර තිබී හමුවූ මෙය ඉපැරණි පොසිලයක් හෝ සත්ත්වයෙකුගේ අස්ථි කොටස් විය හැකි බවට මුලින් අනුමාන කෙරිණි .
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි අධිකාරි මහත්වරුන්ගේ උපදෙස් අනුව කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා මෙම පරික්ෂාව සිදු කළහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පරීක්ෂණවලින් මේක රාවණා රජතුමාගේ කාලයට අයිති යෝධයෙකුගේ පොසිලයක් බව තහවුරු වුණා...
'මේක මානව අස්ථි නොවේ. හුණුගල්වලම කොටස් වගේ පේන්නේ'... යනුවෙන් ප්‍රතිචාරයක් පල වුනා. සමන්ත යන අයෙක් එය ලියා තිබුණා.. ඒ මුල්ම හෙළිදරව්වට... ඔහුට හෝ ඇයට හොඳ විෂය දැනුමක් ඇති... ඉතින්, ඔබ ගැන ආඩම්බරයි. අගය කිරීම උදෙසා මෙය ලියා එවමි...