රෝ බිය දුරුවේවා! අවුරුදු පැතුම් ඉටුවේවා!!
ලෝක වසංගත රෝ බියකින් මුළු ලොවම ඔත්පළව තිබිය දී සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සුබ නැකතින්, සුබ මොහොතින් අනිද්දායින් උදා වේ. මරණ බිය රැගෙන පැමිණි කොරෝනා මාරාන්තික උවදුරේ සැහැසි ග්රහණයෙන් මුළු ලොවම නිදහස්ව නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙත්වා යන පරම රමණීය ප්රාර්ථනාව පෙරදැරිව අලුත් අවුරුද්ද දෝතින් පිළිගැනීමට අපි පෙළ ගැසෙමු.