රංජිත් මද්දුම බණ්ඩාර එ.ජා.ප නව සන්ධාන මහලේකම් ධුරයට එක්සත්ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කර තිබේ. 05 February 2020
වීදි සිත්තම් ඇඳි සිත්තරුන්ට සම්මාන ඉකුත් සමයේ තාප්ප, බස්නැවතුම්, පාලම් කණු ඇතුළු ස්ථානවල වීදි සිතුවම් ඇඳි සිත්තරුන් අතරින් හොඳම සිතුවම් හා සිත්තරුන් තෝරා ත්‍යාග හා සම්මාන පිදීමේ වැඩපිළිවෙළක් පරිසර රාජ්‍ය අමාත්‍යංශය ආරම්භ කර ඇත. 05 February 2020
ශ්‍රී ලංකන් ගුවන් සේවය චීන ගුවන් ගමන් හෙට සිට සීමා කරයි ශ්‍රී ලංකන් ගුවන් සේවය හෙට (06) සිට චීනයට සඳහා ගුවන් ගමන් වාර අඩු කිරීමට තීරණය කර ඇත. 05 February 2020
චීනයේ වූහාන් සිට පැමිණි 33 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය තවම යහපත් චීනයේ වුහාන් සිට මෙරටට පැමිණ දියතලාවේ රදවා සිටින ශි්රලාංකයින් 33 දෙනාගෙන් අද (5) දිනය වනතෙක් ම කෙරෝනා වෛරසයේ කිසිදු රෝගී ලක්ෂණයක් පහළ වී නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් චන්දන වික්‍රමරත්න මහතා පැවසීය. 05 February 2020
’කොරෝනා’ යැයි සැක කරන තරුණියක් බදුල්ල රෝහලට කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ ඇතැයි සැකකරන තරුණියක් අද (5) සවස බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 05 February 2020
තිළිණ ගමගේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරයි අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (5) තින්දු කළේය. 05 February 2020
කැබ් රියක් පොලිසියට කඩා වදී - කතක් මරුට කැබ් රථයක් පාපැදියක ගැටී වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාල භූමියට ද කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් අද(05) පාපැදියේ ගමන්ගත් කාන්තාවක් මිය ගොස් ඇතැයි වවුනියාව පොලිසිය පවසයි. 05 February 2020
’නිදහස් දිනය දා ජනපතිගේ කතාව හොඳයි - ඒත් වැදගත්වෙන්නේ ක්‍රියාවයි’ නිදහස් දින උළෙලේ දී ජනාධිපතිතුමා කළ කතාව හොඳ බව තමා පිළිගන්නා නමුත් වඩා වැදගත් වන්නේ කියන කතා නොව කරන ක්‍රියා යැයි එක්සත් ජාතික පෙරමුණු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය. 05 February 2020
නගර ශාලාව අවට තදබදයක් කොළඹ නගර ශාලාව අවට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. 05 February 2020
කෝප්-කෝපා කමිටු සාමාජිකයෝ නම් කෙරෙති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් ලෙස තෝරා ගත් ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම අද ( 05) පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. 05 February 2020
උතුරුමැද රැකියා විරහිත උපාධිධාරීහු වීදි බසිති උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරිහූ තමන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද (05) අනුරාධපුරයේ පළාත් සභා සංකිර්ණය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වුහ. 05 February 2020
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳුදා තෙක් කල් යයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10) දක්වා කල් දමා ඇතැයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 05 February 2020
ලියාපදිංචි නොවූ ඖෂධ කිහිපයක් ගාල්ලෙන් සොයාගනී ගාල්ල නගරයේ ඖෂධ ශාලා පරික්ෂාවකදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවු බවට සැකකරන ඖෂධ වර්ග කිහිපයක් සොයාගත් බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතා පැවසීය. 05 February 2020
පුජිත්ට-හේමසිරිට ඇප හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය අද (05) ඇප ලබා දුන්නේය. 05 February 2020
කන්කසන්තුර මුහුදු සීමාවෙන් කේරල ගංජා තොගයක් සොයාගනී කන්කසන්තුරය මුහුදු සීමාවේ මුහුද අභ්‍යන්තරයේ සඟවා තිබූ කේරල ගංජා කිලෝ 157ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 05 February 2020
කොරෝනා වයිරසයෙන් 492ක් මිය ගිහින් චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 492දක්වා ඉහළ ගොස් තිබේ. 05 February 2020
පැය දෙකක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් කිසිඳු අවසරයකින් තොරව ඊයේ (03) හදිසියේ පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 04 February 2020
හමුදා සේවය හැර ගිය අයට පොදු සමාකාලයක් හමුදා සේවය හැරගොස් සිටින හමුදා සාමාජිකයන් වෙනුවෙන් හෙට (05) දින සිට (12) දින දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව හමුදාව පවසයි. 04 February 2020
‘‘නැගෙනහිර ආසියානුවන්ට වෙනස්කම් කිරීම කනගාටුවට කරුණක්‘‘ ශ්‍රී ලංකාවේ සිටින චීන, ජපාන සහ දකුණු කොරියානු ජාතිකයන් ඇතුළු නැගෙනහිර ආසියානුවන්ට වෙනස්කම් කිරීම කනගාටුවට කරුණක් යැයි කතානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 04 February 2020
ලෝක පිළිකා දිනය අදයි පිළිකාව මේ වනවිට ප්‍රධාන බෝ නොවන රෝගයක් වන අතර ලෝකය පුරා සිදුවන මරණ හතකින් එක් මරණයක් පිළිකා හේතුවෙන් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 04 February 2020
‘‘ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවයම දූෂිතයි‘‘ ප්‍රකාශයට පත් කෙරෙන සෑම වාර්තාවකින්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කොතරම් දූෂිත ද යන්න අනාවරණය වන බවත් එම නිසා සමස්ත පද්ධතියම කඩිනමින් පිරිපහදු කළ යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 04 February 2020
ජනපතිගේ නිදහස් දින කතාව මංගල අගය කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (4) නිදහස් දින උත්සවයේදී කළ කතාව අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත. 04 February 2020
‘‘ජාතික ගීය දෙමළෙන් ගායනා නොකිරීමෙන් බෙදුම්වාදය ශක්තිමත් කළා‘‘ ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා නොකිරීමෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය බෙදාගැනීමට දෙමළ ජනතාවට තිබූ අවස්ථාව අහිමි වී ගිය බවත් ඒ පිළිබඳ තමන් කණගාටු වන බවත් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ලංකාදිපයට පැවසීය. 04 February 2020
2035 සිට පෙට්‍රල් - ඩීසල් වාහන බ්‍රිතාන්‍යයේ තහනම් පෙට්‍රල්, ඩීසල් හා දෙමුහුන් මෝටර් රථ 2035 වසරෙන් පසු බ්‍රිතාන්‍යයේ අලෙවි කිරීම තහනම් කිරීමට එරට රජය සැලසුම් කර ඇත. 04 February 2020
වූහාන් ගිය ගුවන් සේවකයෝ දිරි දීමනා ප්‍රතික්ෂේප කරති කොරෝනා වයිරසය හේතුවෙන් සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා ඇතුලූ ගුවන් කාර්ය මණ්ඩලය එම ගමන වෙනුවෙන් ගුවන් සමාගමෙන් ලබාදී ඇති විශේෂ දිරිදීමනාව ප්‍රතික්ෂේප කර තිබේ. 04 February 2020
කොළඹ ජනගහනයෙන් 1000කට 9ක් ආඝාත රෝගීන් ලංකාව පුරා මේ වනවිට ආඝාත රෝගීන් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 04 February 2020
දිනකට පැය 2ක් විදුලි විසන්ධි කිරීමේ තීරණය අවලංගුයි හදිසි තත්ත්වයක් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දිනකට පැය දෙකක කාලයක් විදුලි බලය විසන්ධි කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කළ බව ප්‍රවාහන කළමණාකරන විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට අද (4) ප්‍රකාශ කළේය. 04 February 2020
ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරීගේ-බිරිඳගේ බැංකු ගිණුම් ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 10 ක් මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල් විශූද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන්වලට සම්බන්ධ බව කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ හා ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත්වලින් ආරම්භ කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාගෙන පරීක්ෂණ කරන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය. 04 February 2020
චීනයට ආධාර යැවීමට සාකච්ඡා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පූර්ණ සහයෝගය පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාට මේ සතියේදී ලිපියක් යවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 04 February 2020
යුද හමුදා නිලධාරීන් 244 කට උසස්වීම් 72 වැනි ජාතික නිසදහස් දිනය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 244 දෙනකුට උසස්වීම් ලබා දී ඇතැයි යුද හමුදාව පවසයි. 04 February 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026