
(නිමන්ති රණසිංහ)
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුලු බන්ධනාගාර නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ නැමැත්තාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පැය 6ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කළ නියෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) බූස්ස බන්ධනාගාරය වෙත ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් අද (18) පෙරවරු 9.00 ට පමණ බූස්ස බන්ධනාගාරය වෙත ගොස් එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු සවස 4.00 ට පමණ එය අවසන් කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුලු බන්ධනාගාර නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කර ඇත්තේ ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ නැමැත්තා ය. මෙහි පළමු සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර ඇත්තේ තාරක පෙරේරා නොහොත් “කොස්ගොඩ තාරක” නැමැත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් ජීවතුන් අතර සිටියොත් රට විනාසයි. ජනතාව ගැන හිතලා සුදුසු දේ කරන්න.