එජාප ප්රමුඛ සන්ධානය ඡන්දෙට එන්නේ අලියා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයෙන් ඉදිරිපත් වන්නේ අලියා ලකුණින් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (3) පැවැසීය. 04 February 2020
නිදහස් දින සැමරුම උලෙළ නිමා වෙයි නිදහසේ පියා වන ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව සෙවණේ, කොළඹ 07,නිදහස් චතුරස්රයේදී අභිමානවත් අයුරින් පැවැත්වුණු 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු අද පෙරවරු 11.00ට ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව නිමාවිය. 04 February 2020
සන්ධානයෙන් ආවත් සම නායකයන් නැහැ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවී මහ මැතිවරණයට ඉදිරිපත් වුව ද පක්ෂ දෙකෙන්ම සම නායකයන් පත්නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බත්තරමුල්ලේදී ඊයේ (3) පැවැසීය. 04 February 2020
කුවෙට්හිදී හිරිහැරයන්ට ලක්වූ ගෘහ සේවිකාවෝ 58 ක් යළි ශ්‍රී ලංකාවට කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ , ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි . 04 February 2020
‘අන්තවාදයට යළි හිස ඔසවන්න දෙන්නේ නැහැ‘ ත්රස්තවාදයට මග පාදන අන්තවාදයට යළි කිසිදු දිනක ශ්‍රී ලංකාවේ හිස ඔසවන්න ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවසීය. 04 February 2020
නිදහස් දින උළෙල ඇරැඹේ ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ විය. 04 February 2020
72වැනි නිදහස් සැමරුම නිදහස් චතුරස්රයේදී ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස්රයේදී දී අද(4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 04 February 2020
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවත් කෙරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය 30 වැනිදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරා මහතා අද (03) එම තනතුරින් ඉවත් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 February 2020
වෘත්තිකයන්ගෙන් ජනපතිට වාර්තාවක් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් බිහි කිරීමට රාජ්‍ය නායකයා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සකස් කළ වාර්තාව අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්විණි. 03 February 2020
කෝටි 200 ක හෙරොයින් ප්‍රවාහනය කළ කැබ් රථය සොයාගනී රුපියල් කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගය සහ මිලිමීටර් නවය වර්ගයේ නවීන පිස්තෝල ප්‍රවාහනයට යොදාගත් බව කියන කැබ් රථය අද (03) කොළඹ ප්‍රදේශයේදී සොයාගත් බව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය කියයි. 03 February 2020
ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 57 ක් ඉකුත් පැය 24 ඇතුළත මාරාන්තික කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 57ක් බවත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,105කින් ඉහළ ගිය බවත් ප්‍රංශ පුවත් සේවය අද (3) වාර්තා කළේය. 03 February 2020
නව විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් ද දිලිප් නවාස් මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිව්රුම් දුන්හ. 03 February 2020
‘‘අපි වීරයන් නෙමෙයි - රට වෙනුවෙන් අපේ රාජකාරිය ඉටුකළා’’ ‘‘අපි වීරයන් නෙමෙයි රට වෙනුවෙන් අපි අපේ රාජකාරිය ඉටුකළා’’ යැයි මාරාන්තික කොරොනා වෛරසය හේතුවෙන් සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා පැවැසීය. 03 February 2020
වූහාන් ගිය ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ජනපතිගේ ඇගයීමට කොරෝනා වයිරසය පැතිරයාම නිසා වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සඳහා ජීවිත අවදානම ද නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්විය. 03 February 2020
‘‘සජිත්ගේ නව සන්ධානයේ මහලේකම් 6 වැනිදාට පෙර නම් කරනවා‘‘ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයේ මහලේකම්වරයා ලබන බ්‍රහස්පතින්දා (06) වැනිදාට පෙර නම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා කොළඹදී පැවැසීය. 03 February 2020
පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් හෑරූ තිදෙනෙකු අත්අඩංගුවට සියඹලාණ්ඩුව දොඹගහවෙල ගල්වැටිය ප්‍රදේශයේ පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලීසිය පවසයි. 03 February 2020
ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන්න ගිය උප සභාපතිධූරය පවිත්‍රා එපා කියයි ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදීමට යෝජනා කළ උප සභාපතිධූරය තමා ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 03 February 2020
ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී-බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නයෝමි විජේනායක යන අය මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේ වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ. 03 February 2020
නිදහස් දින සැමරුම් වියදම් අඩුවෙයි පෙර වසරවලට සාපේක්ෂව මෙවර නිදහස් දින සැමරුම් ජාතික උළෙලේ වියදම් අඩු කර ඇතැයි රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ලංකාදීපයට අද(3) පැවසීය. 03 February 2020
සමන් රත්නප්‍රිය දිවුරුම් දීම අනිද්දා වෘත්තිය සමිත ක්‍රියාකාරිකයකු වන සමන් රත්නප්‍රිය සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබන 05 වැනිදා දිවුරුම් දීමට නියමිතය. 03 February 2020
සිරිධම්ම විදුහලේ විදුහල්පති අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස් පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා එම සිසුවාගේ පියාගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයාට එරෙහිව පවරා තිබු නඩුවේ චෝදනා ඔප්පු කර නොමැති බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය. 03 February 2020
‘චීන ජාතිකයන් කොන්කරන්න එපා’ ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසද, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසද ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(03) පැවසුවාය. 03 February 2020
‘පරිසරය ආරක්ෂා කරගත හැක්කේ ජනතාවට ඒ ගැන අවබෝධ කර දීමෙන්’ පරිසරය ආරක්ෂාකර කරගත හැක්කේ ඒ පිළිබදව ජනතාවට අවබෝධ කරදීමෙන් මිස නීති පැනවීම මගින් නොව්යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(3) පැවැසීය. 03 February 2020
මුඛ ආවරණ හිඟ බව චීනය කියයි කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා කඩිනමින් මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ ඇස් ආවරණ අවශ්‍යව ඇතැයි චීනය අද (3) ප්‍රකාශ කළේය. 03 February 2020
පූජිත්-හේමසිරි යළි රිමාන්ඩ් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගෙන රාජකාරී වගකීම පැහැර හැරීම හා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කොට අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අනිද්දා (5) තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහත්මිය අද (3) නියෝග කළාය. 03 February 2020
හිටපු ජනපති වගඋත්තරකරුවෙක් වෙයි තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අහෝසි කර යළි එම ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) පෙත්සම්කරුට අවසර ලබා දුන්නේය. 03 February 2020
මරදාන අවට රථ වාහන තදබදයක් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මරදාන හා ඒ අවට ප්‍රදේශයන්හි දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. 03 February 2020
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට නයිජීරියානු වදන් 29ක් එක්වෙයි ලෝකප්‍රකට ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ නව මුද්‍රණය සඳහා නයිජීරියානු වචන සහ කියමන් 29ක් එක් කර තිබේ. 03 February 2020
බීමතින් රිය පැද පොලිසියට බැණ වැදුණු අයෙක් රිමාන්ඩ් රියදුරු බලපත්‍රය නොමැතිව බීමත්ව පොලිස් අණ නොතකා යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් පුද්ගලයකු පෙබරවාරි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළේය. 03 February 2020
නිවාස සංකීර්ණයකින් ලක්ෂ 5ක තඹ බට කපයි දඩල්ලේ නිවාස සංකීර්ණයක වායු සමීකරණ පද්ධතියෙන් රුපියල් 543,000ක් පමණ වටිනා තඹ බට කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 03 February 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026