වූහාන් ගිය ගුවන් යානය මත්තලින් කටුනායකට චීනයේ වූහාන් නුවර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් පිරිස රැගෙන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද (01) පස්වරුවේ පැමිණියේය. 01 February 2020
ගුරු පුහුණුව දුන්නත් 1300කට රැකියා දෙන්න බෑ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් ගුරු පුහුණුව ලබා දුන් 1300කට රැකියා ලබාදීමේ හැකියාවක් නැතැයි ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන්ට දැනුම් දී තිබේ. එහෙත් අතරමග නතර කර ඇති පුහුණුව සම්පූර්ණ කිරීමට පහසුකම් සලසා දිය හැකි බව ජනාධිපති ලේකම්වරයා ඔවුන්ට දැනුම් දී ඇත. 01 February 2020
එළවළු ලොරියෙන් ලක්ෂ 4.5 ක් කොල්ලකයි වේයන්ගොඩ සිට නුවරඑළිය හරහා කැප්පෙටිපොල දක්වා ධාවනය වූ ලොරි රථයක් හරස්කර එම ලොරිරථය තුළ තිබුණේ යැයි කියන රුපියල් ලක්ෂ 4 ½ක මුදලක් පැහැරගත් බවට එම ලොරි රථයේ රියදුරා විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව වටවල පොලිසිය පැවසීය. 01 February 2020
වූහාන්වල සිටි සිසුහු 33දෙනා මත්තලට චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (01) ළඟාවිය. ඔවුන් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතය. 01 February 2020
කොරෝනා වෛරසය පැතිරීම සාර්ස් වසංගතය අභිභවා යයි ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2003 දී චීනයෙන් ආරම්භ වී ව්‍යාප්ත වූ සාර්ස් වසංගතයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත. 31 January 2020
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි මහ බ්‍රිතාන්‍යය අද (31) එරට වේලාවෙන් රාත්‍රී 11 ට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය. 31 January 2020
කැබ් රියක් වෙළඳසලකට කඩා වැදී කාන්තාවක් මරුට කැබිතිගොල්ලෑවේ සිට පදවිය දෙසට ධාවනය වූ කැබ්රථයක් පාරෙන් ඉවතට පැන කුඩා වෙළඳ සැලක ගැටීමෙන් එහි සිටි 70 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය කියයි. 31 January 2020
වී මිලදී ගැනීමේ කටයුත්තට හමුදාව මැදිහත්වෙයි හමුදාවේ මැදිහත්වීම මත අතරමැදියන් නොමැතිව සාධාරණ මිලක් යටතේ ගොවීන්ගේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩල මගින් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් අද (31) සිට රටපුරා ක්‍රියාත්මක කර ඇති බව හමුදාව කියයි. 31 January 2020
ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ තොගයක් පිටකොටුවෙන් හමුවෙයි අලෙවි කිරීම සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් ඉන්දියාවෙන් ආනයනය කර තිබූ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 36,400 ක් පිටකොටුවේ පිහිටි ගබඩාවක සහ වෙළඳ සැලක තිබී පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (30) සහ අද (31) අත්අඩංගුවට ගනු ලැබීය. 31 January 2020
පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි තරුණියක් පෙරේදා (29) මියගොස් තිබේ. 31 January 2020
‘‘කොරොනා මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන්න‘‘ මාරාන්තික කොරොනා වෛරසය මැඩලීම සඳහා ජාතික වැඩපිළිවෙළක්, ජාතික සැලැස්මක් අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 31 January 2020
දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු ජාවාරමක් හෙළිවෙයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක මිනිස් පරිභෝජනයට නුසුදුසු විදේශයෙන් ගෙන්වූ ලොකු ලූණූ තොගයක් පැළවුණු ගොබ කපා ඉවත්කර හොඳ ලූනුවලට කලවම්කර වෙළඳපොළට යැවීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි .එදිරිසිංහ මහතා ඇතුළු කණ්ඩායමට හැකිවිය. 31 January 2020
පෙබ : 3 වැනි දා කොළඹ පාසල් 15 ක් වහයි නිදහස් දින සැමරුම් පෙරහුරු හේතුවෙන් පාසල් 15 ක් පෙබරවාරි 3 වැනිදා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 31 January 2020
තෙත් බිම් දිනය වෙනුවෙන් මුද්දර 10 ක් ලෝක තෙත්බිම් දිනය නිම්ත්තෙන් තෙත් බිම් හා ආවේණික ශාක ඇතුළත් මුද්දර 10 ක් නිකුත් කිරීමට නියමිතය. 31 January 2020
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වූහාන් යයි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ වූහාන් බලා පිටත්ව ගියේය . 31 January 2020
කොළඹ-යාපනය නව ගුවන් සේවාවක් හෙට ඇරඹෙයි කොළඹ සිට යාපනයට නව ගුවන් සේවාවක් හෙට (1) සිට ඇරඹෙන බව කාර්මික අපනයන අයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි. 31 January 2020
‘කොරෝනා ගැන මිස වෙන දේවල් අහන්න එපා’ කොරෝනා වෛරසය හේතුවෙන් රටට භයංකාර අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් දේශපාලන කරුණු ගැන පසුව කතා කිරීමට අපේක්ෂා කරන බව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය. 31 January 2020
බීමතින් සිටි ලංගම රියදුරුගේ සේවය අත්හිටුවන්න ඇමැති උපදෙස් බීමතින් බස් රථයක් ධාවනය කළ යාපනය ශ්‍රී ලංගම ඩිපෝවේ රියැදුරුගේ සේවය වහා අත්හිටුවීමට කටයුතු කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතාට අද(31) උපදෙස් දුන්නේය. 31 January 2020
විදේශිකයෝ 2000කට වැඩි පිරිසක් වූහාන්හි තවමත් සිරවෙලා මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් විදේශිකයන් දෙදහස් ගණනක් ද ඇතුළුව මිලියන ගණනක ජනතාව මේ වනවිට වූහාන් නගරයේ සිරවී සිටිති. 31 January 2020
දියණියට වද හිංසා කළ පියා-කුඩම්මා රිමාන්ඩ් නව හැවිරිදි තම දියණියට දෙවන විවාහයේ බිරිඳ සමඟ එක්ව පහරදි තුවාල සිදුකර අත් පා ගැට ගසා ලිංගාශ්‍රිත ප්‍රදේශයට උණු වතුර දමා බර පතල තුවාල සිදුකර මිනි මැරිමට තැත් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දැරියගේ පියා සහ ඔහුගේ දෙවන විවාහයේ බිරිඳ පෙබරවාරි 13 වනදින දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (31) නියෝග කළාය. 31 January 2020
වූහාන්හි සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු බව චීන තානාපති කියයි නව කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරය සිටින සියලූම ශ්‍රී ලංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂුවාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත. 31 January 2020
වේරහැරදී හෙට රියදුරු බලපත් නිකුත් නොකෙරේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පමණක් හෙට (1) දිනයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරිම සිදුනොකරන බව වැඩබලන කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර මහතා පැවසීය. 31 January 2020
කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව ෆේස්බුක් වැටබඳියි නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුහුණුපොතේ පළවන ව්‍යාජ ප්‍රකාශ, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඉන් වහා ඉවත්කිරීමට කටයුතු කරන බව ෆේස්බුක් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. 31 January 2020
‘කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟ වුණා’ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණවලට තම පාර්ශ්වය ද එකඟ බව එම පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. 31 January 2020
සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ පියා ඇතුළු 6 ක් යළි රිමාන්ඩ් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි ඉබ්‍රහිම් හජ්ජියාර් ඇතුළු සැකකරුවන් 6 දෙනකු ලබන 14 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය නියෝග කළාය. 31 January 2020
ඉන්දීය ගුවන් යානයක් වූහාන් බලා පිටත්වෙයි එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් නව කෙරෝනා වෛරසය ව්‍යාප්තව තිබෙන චීනයේ වූහාන් ප්‍රදේශය බලා පිටත්විය. 31 January 2020
නාවික හමුදාවෙන් සතියක පොදු සමා කාලයක් පෙබරවාරි 4 වන දින සිට පැවැත්වෙන ජාතික නිදහස් දින උලෙළට සමගාමීව සතියක් පුරා නාවික හමුදාව විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක සූරියබණ්ඩාර මහතා පැවසීය. 31 January 2020
'හෙට සිට සතියක් ජාතික ධජය ඔසවන්න' ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් හෙට(01) සිට සතියක් පුරා සෑම පෞද්ගලික හා රාජ්‍ය ආයතන ගොඩනැගිල්ලකම ජාතික ධජය ඔසවා තබන මෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දන්වා සිටී. 31 January 2020
ආහාර විස වීමකින් ගිනිගත්හේනේ සිසුහු 41 ක් රෝහලේ ආහාර විස විමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කළුගල සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 41 දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 31 January 2020
ගුවන්තොටුපොළ මගීන් සඳහා නව බස් සේවයක් කටුනායක ගුවන් තොටුපළට විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට , ගුවන් තොටුපොළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය . 31 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026