IMG-LOGO

ඉන්දියාවේ කොරෝනා මරණ 80,000 පනී

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන අද (15)  80,000 ඉක්මවා ගියේය.
 
අවසන් පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් වයිරස ආසාදිත මරණ 1,054ක් වාර්තා වීමත් සමඟ එලෙස සමස්ත මරණ ගණන 80,000 පසු කළේය.
 
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 83,809 දෙනකු හඳුනාගත් බව ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 
සතියකට පසු ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ අඩුම වයිරස ආසාදිතයන්ගේ ගණන එය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 
 පසුගිය සතියේ ඇතැම් දිනවලදී ඉන්දියාවෙන් 90,000 ඉක්මවමින් වයිරස ආසාදිතයන් හඳුනා ගැනිණි.
 
ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් ජීවත් වන රට වන ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 4.93ක් වේ. වයිරස ආසාදිතයන්ගේ ගණන හෙට දිනය වනවිට මිලියන පහ ඉක්මවා යනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
අන් කිසිදු රටකින් වාර්තා නොවූ තරම් වේගයකින් ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. තවමත් ලොව වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එහි දෙවැනි තැන ඉන්දියාව ද තෙවැනි තැන බ්‍රසීලය ද පසුවෙයි.
 
ඒ.එෆ්.පී./රොයිටර්
055



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා මරණ 80,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site