
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට පැමිණෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ඔවුන් සමඟ පැමිණෙන සියලු දෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව අනිවාර්යයෙන් නිරෝධායනය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
එම මාර්ගෝපදේශ ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානමක් මතුවීම වළක්වාගැනීම සඳහා බව කී අධ්‍යක්‍ෂවරයා එවැනි මාර්ගෝපදේශයක් දුන්විට එයට අනුගත විය නොහැකි බව කිසිවෙක් කියන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරන්නට සිදුවන බව ද සඳහන් කළේය.
බංග්ලාදේශ කණ්ඩායම තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කරන නිසා ඔවුන්ගෙන් අයෙකුට කොරෝනා ආසාදනය වී තිබුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ද කොවිඩ් වැළඳීමේ අවදානමක් මතුවන බව කී විශේෂඥ වෛද්‍යවරයා ශ්‍රී ලංකාව එම අවදානම ගත යුතු නැතැයි ද කීවේය.
ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (15) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
“බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙන්නේ නම් සුමාන දෙකක් නිරෝධායනයවීම ඉතා වැදගත්. ඒ කාලය තුළ ඔවුන්ට යෙදිය හැකි ක්‍රියාකාරකම් ගැන අපට සොයා බැලිය හැකියි. ඔවුන් නිරෝධායනය නොවුණොත් අපේ රටේ පවත්වාගෙන යන ආරක්ෂිත තත්ත්වය පවත්වාගෙන යාමට නොහැකි වෙනවා.” යැයි ද සුදත් සමරවීර මහතා කීවේය.
“මෙහිදී අපි තීරණ ගත යුත්තේ රටවල් දෙකක් අතර ඇති ක්‍රිකට් තරගාවලියකින් ලැබෙන ආදායම, ජනතාවට ලැබෙන මානසික සහනය ආදී වාසි හා අවාසි සළකා බලලයි.
එහිදී සති දෙකක් නිරෝධායනයවීමට නොහැකි නම් වෙනත් ක්‍රමවේදයක් බැලිය හැකි නමුත් මේ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දී ඇති නිර්දේශය වන්නේ කණ්ඩායම හා පැමිණෙන සියලු කාර්ය මණ්ඩල හා නිලධාරීන් සියල්ලන් දී ඇති මාර්ගෝපදේශ අනුව නිරෝධායනය විය යුතුයි.
අපි නිරෝධායනය නොකර මෙරටට ගත්තේ ‘නිව් ඩයමන්ඞ්’ නෞකාවේ ගින්න නිවීමට ආ තාක්‍ෂණ නිලධාරීන් පමණයි. එම තීරණය ගත්තේ ඔවුන් නිරෝධායනය කරමින් සිටියා නම් නැව සම්පූර්ණයෙන් ගිනිබත්වීමට පවා ඉඩ තිබූ නිසයි.
එවැනි අවස්ථානුකූලව තීරණ ගැනීම කළ හැකියි. අපි තීරණයක් ගතයුත්තේ අවදානම හා වාසියේ ප්‍රමාණය ගණනය කරලයි.” යනුවෙන් ද වෛද්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලොකු කතා ඔක්කොම දේවල් යට යනවා. නාමල් ඇමැතිතුමා ඕඩර් එකක් දුන්නාම, ඔන්න ඊට පස්සේ අපේ දොස්තර මහත්තයත් ක්‍රිකට් මැච් එක බලයි ගිහිල්ලා.
හොඳ තීරණයක්. බංගලි හරි ලොකුවට හිතන් ඉන්නේ. වෙනත් රටකට යනවා නම් ඒ රටේ නීතියට ගරු කරන්න ඕනේ.
නමුත් තොණ්ඩමන්ගේ අවමංගල්‍යයේදී ඔය නීති සේරම යටපත් වුණා. ඔහුගේ දියණිය විදේශයේ සිට පැමිණ කිසිම නිරෝධායනයක්වත් නැතිව සහභාගි වුණා නේද?
හෙට අනිද්දාට බලාගන්න පුළුවන් නිරෝධායන නීති ක්‍රියාත්මක වන විදිහ.
මොන නිරෝධායනයක් වත් නෑ. බංගලියෝ සෙල්ලම් කරනවා. මේවා අපිට පේන්න දාන සෝබන...