නිව් ඩයමන්ඩ් නැවේ දත්ත වල පිටපතක් සී.අයි.ඩීයට ලබාදෙන්නැයි නියෝග ‘එම්.ටී.නිව් ඩයමන්ඩ්‘ නෞකාව සමුද්‍ර ආපදාවකට ලක්වූවාද නැතහොත් වෙනත් වරදක් සිදුවූවාද යන්න සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර බැලීම සඳහා එම නෞකාවේ මුහුදු දත්ත ගමන් පටිගත කිරීමේ යන්ත්‍රයේ දත්තවල පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන්නැයි එම නැවේ පහසුකම් සපයන දේශීය නියෝජිතවරයාට අධිකරණය නියෝගයක් නිකුත් කළේය. 11 September 2020
නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන් නිරෝධායනයට ගිනි ගැනීමට ලක්ව තිබූ එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ කපිතාන්වරයා අද (11) ගොඩබිම වෙත රැගෙනවිත් නිරෝධායනය සඳහා යොමුකළ බව නාවික හමුදාව පවසයි. 11 September 2020
වාහන දුම් පරීක්ෂාව වෙනුවට නව යෝග්‍යතා පරීක්ෂාවක් වාහන දුම් පරීක්ෂාව වෙනුවට නව යෝග්‍යතා පරීක්ෂාවක් හදුන්වාදීමට කටයුතු කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 11 September 2020
ජනපති පොදු සමාව සම්බන්ධ මාර්ගෝපදේශවලට නිර්දේශ දෙන්නැයි උපදෙස් ජනාධිපති පොදු සමාව සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ සමාලෝචනයට ලක්කර නිර්දේශ ලබාදෙන ලෙසට, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි නිලධාරීන්ට අද(11) උපදෙස් දී ඇත. 11 September 2020
ගිනිගත්හේනේ අසරණ පවුලට පිහිටවෙයි කුස ගින්නට ආහාර වේලක් නොමැතිකමින් ළමුන් තිදෙනා පාසලට එවීමට නොහැකි බව දන්වමින් ගිනිගත්හේන පදිංචි දෘශ්‍යාබාධිත මවක් ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට යොමු කර තිබු ලිපියක් සම්බන්ධයෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය මගින් අද (11) දින පලවීමත් සමග එම පවුලට පිහිටවීමට දෙස් විදෙස් පරිත්‍යාගශිලින් රැසක් ඉදිරිපත් වී ඇති බව විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය. 11 September 2020
නැ’හිර මුහුදේ තෙල් ඉවත්කරන්න නැනෝ තාක්ෂණ ආයතනයෙන් පිළියමක් නැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව අවට පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන්වලින් නිපද වූ කෘතිම මෙට්ටයක් භාවිතා කිරීමේ හැකියාව පවතින බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය (11) පැවසුවාය. 11 September 2020
පාසල් ළමුන්ගේ පෝෂණය නංවන්න බිත්තර දෙන්න යයි පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පැවසීය. 11 September 2020
ලක්ෂයක මත්කුඩු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක රුපියල් ලක්ෂයකට අධික වටිනා මත්කුඩු සමග අද (11) අත්අඩංගුවට ගත් බව කුච්චවේලි පොලිසිය කියයි. 11 September 2020
කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට බූස්ස බන්ධනාගාරයේ විශේෂිත අංශයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා අද(11) බූස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කළ බව බූස්ස බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි. 11 September 2020
අටුළුගම නිවාස දෙකක නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77 ක් බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ ගිනි වතුර (නයිට්‍රික් ඇසිඩ්) කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 11 September 2020
බොරතෙල් නෞකාවේ ඉන්ධන සාම්පල රස පරීක්ෂකට ශ්‍රී ලංකාවට නැගෙනහිරින් මුහුදේ දී ගිනිගත් එම් ටී නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවෙන් මුහුදට විසිර ඇති ඉන්ධන සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ලංකාදීපයට පැවැසීය. 11 September 2020
මුඛ ආවරණ විවෘත භූමියක වියළූ දෙදෙනෙකුට දඩ ශල්‍ය මුඛ ආවාරණ තොගයක් පිටකොටුව 4 වන හරස් වීදියේ වෙළඳසැලක ඉහළ මාලයේ විවෘත භූමියක දමා වියළූ බවට වරද පිළිගත් වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් 20,000ක දඩ මුදලක් අද(11) මාළිඟාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියම කළේය. 11 September 2020
නිරෝධායන බස් දෙකක් ටිපරයක ගැටෙයි විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් පිරිසක් නිරෝධායනය සඳහා කන්දකාඩුව සහ පුනානී නිරෝධායන මධ්‍යස්ථාන වෙත බස් රථ 9 කින් රැගෙන යමින් සිටියදී බස් රථ දෙකක් අද (11) පොලොන්නරුව නගරයේ මාර්ගය අසළ නවතා තිබූ ටිපර් රථයක ගැටී අනතුරකට ලක්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 11 September 2020
’වැලිහිඳ කළු’ අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන රණවනගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කළු නැමැති පුද්ගලයකු වැලිගම වැලිහිඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිගම පොලිසිය පවසයි. 11 September 2020
දිවයින පුරා වැව් 5000 ක් කඩිනමින් පිළිසකර කරන්න දිවයිනපුරා පිහිටි වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (9) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 11 September 2020
වෙලේ සුදාගේ මස්සිනාට රැඳවුම් නියෝග හෙරොයින් මිලිග්‍රෑම් 1500ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන සිද්ධියකට අදාළව ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ඡාවාරම්කාර “වෙලේ සුදා” ගේ මස්සිනා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනිදාතෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (10) පොලීසියට අවසර දුන්නේය. 11 September 2020
කෝටි 2 ක කේරල ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට යාපනය සහ මන්නාරම් ප්‍රදේශයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 142 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 11 September 2020
මව දරු තිදෙනාගේ පාසල් ගමන නවත්වයි කුසට ආහාර වේලක් නොමැතිව සිටින තම දරු තිදෙනා පාසලට එවීමේ හැකියාවක් නැතැයි ගිනිගත්හේනේ පදිංචි දෘෂ්‍යාබාධිත මවක් දරුවන් අධ්‍යාපනය ලබන ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත. 11 September 2020
කන්දකාඩුවට ලබන මස මුල සිට යළි පුනරුත්ථාපනලාභීන් බාර ගනී දැනට පුනරුත්ථාපනලාභීන් බාරනොගන්නා කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන මස මුල සිට නැවත ආරම්භ කරන බව කොමසාරිස් ජනරාල් කාර්යංශය පවසයි. 11 September 2020
කොළඹ කලාප කිහිපයකට හෙට ජල කප්පාදුවක් කොළඹ නගරයේ 11,12,13,14 සහ 15 යන කලාප වලට හෙට (12) රාත්‍රී 10 සිට අනිද්දා (13) පෙරවරු 10.00 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි. 11 September 2020
දුම්රිය පමාවට පිළියම් නැද්ද? බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරන් අතිකාල දීමනා ලබා ගැනීමේ අරමුණින් බදුල්ලේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට පැය දෙකහමාරක පමණ කාලයක් ගන්නා බවට දුම්රිය මගීන් චෝදනා කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. බදුල්ල සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ඇති දුර කිලෝමීටර 35 ක් වුවද වේග සීමා ඉවත් කර තිබියදීත් මෙලෙස හිතාමතා දුම්රිය ප්‍රමාද කර ධාවනය කරන බවද එම ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 11 September 2020
ලලිත් ජයසිංහට යළිත් වැඩ නෑ වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කරයි. 11 September 2020
කොග්ගල සංචාරක හෝටලයක 5දෙනෙකුට කොරෝනා මාලදිවයිනේ සිට පැමිණ හබරාදුව කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 5දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අද (11) තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 11 September 2020
කොරෝනා ආසාදිතයින් 8 ක් එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයින් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. 10 September 2020
දෙමටගොට චමින්දගේ රියදුරු රඳවා ප්‍රශ්න කරන්න නියෝග ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකුගේ රියදුරු වශයෙන් සේවය කළ බව කියන ‘කොන්ඩ රිස්වාන්‘ නැමැත්තා දින 7 ක රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කිරීමට මහර අංක 01 අධිකරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන් පතිරණ අද (10) වැනි දා නියම කළේය. 10 September 2020
කේරල ගංජා කිලෝ 2 ක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ බටපොල සාදමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී කේරල ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත්බව බටපොල පොලිසිය පවසයි. 10 September 2020
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 95,000ක් අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 95,000ක් හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 10 September 2020
‘‘20 නිසා රජයේ අංශ හතරක් අඩාල වෙනවා‘‘ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ අංශ හතරක විනිවිද භාවය හා වගවීම අඩාල වන්නේ යැයි ‘‘ට්රාන්පේරන්සි ඉන්ටනැෂනල්‘‘ ශ්‍රී ලංකා ආයතනය පවසයි. 10 September 2020
වනාතවිල්ලුවේ ඉන්සී සමාගමට අයත් ඉඩම් වල අනවසර පවුල් 500 ක් සිමෙන්ති සංස්ථාව විසින් ඉන්සී සිමෙන්ති සමාගමට බදු දී ඇති වනාතවිල්ලුවේ අරුවක්කාරු ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර පන්දසකට අධික ප්‍රමාණයේ 500 කට ආසන්න පිරිසක් අනවසරයෙන් පදිංචිව ඇතැයි විශ්වාස කරන බව ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතා ප්‍රකාශ කළේය. 10 September 2020
බේරූට් අගනුවර නැවත ගින්නක් ලෙබනනයේ බේරූට් වරායේ අද (10) පස්වරුවේ ගින්නක් ඇති වී තිබේ. එම ගින්න ඇති වී ඇත්තේ මීට මාසයකට පෙර බේරූට් අගනුවර පිහිටි එරට ප්‍රධාන වාරයේ පිපිරීම සිදු වූ ස්ථානයේම යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 10 September 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026