(ඉන්දිකා රාමනායක)

ගිනි ගැනීමට ලක්ව තිබූ එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ   ප්‍රධානියා වශයෙන් කටයුතු කළ කපිතාන්වරයා අද  (11) ගොඩබිම වෙත රැගෙනවිත් නිරෝධායනය සඳහා යොමුකළ බව නාවික හමුදාව පවසයි.

ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක සිටි මෙම කපිතාන්වරයා නාවික හමුදාව විසින් ගාල්ල ප්‍රදේශයට රැගෙන ආ බව නාවික හමුදාව කියයි.

නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ එහි සිට බේරාගෙන විත් ගොඩබිම වෙත රැගෙනවිත් සිටි කාර්ය මණ්ඩලයේ 20 දෙනෙක් ද මීට පෙර නිරෝධායනය සඳහා යොමු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන්  ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

ගිනිගත් නැවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවීමෙන් පසුව  එය දැනට නාවික සැතපුම් 50 ට ආසන්න දුරින්  රඳවා ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.