අංගොඩ ලොක්කාට අයත් ගිනි අවි මුල්ලේරියාවේ ඉඩමකින් ගොඩගනී ඉන්දියාවේ දී මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වූ අංගොඩ ලොක්කාට අයත් නවීන පන්නයේ පිස්තෝල, ගිනි අවි, ජීව උන්ඩ සහ මැගසින් මුල්ලේරියාව සැළලිහිණි මාවතේ ඉඩමක වල දමා තිබියදී අද (23) සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 23 December 2020
ජනවාරියේදී ශ්‍රීපාද වන්දනාවේ එන්න එපා එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 23 December 2020
’ජිනා’ මැඩම් චෝදනාවලින් නිදහස් කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 3 ක් සිරදඩුවම් ලැබ සිටි රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය එම චෝදනා වලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. 23 December 2020
වඳවීයන ශාකය ගලවා සිටුවීමට වනජීවීයේ අවසරය මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකීරීමේ දී හමුවු මෙරටට ආවේණික වඳ වී ඇතැයි විශ්වාස කරමින් සිටි ශාඛයක් වන කෲඩියා සිලනිකා ශාකය පවතින තැනින් ඉවත් කොට යළි රෝපණය කර සංරක්ෂණය කිරීම සදහා පුද්ගලික සමාගමට ලබාදීම කෙරෙහි විරුද්ධත්වයක් නොමැති බව වනජීවී සංරක්ෂණ දොර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා යවා ඇත. 23 December 2020
සුවය ලැබූ 582 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 582 දෙනෙකු සුවය ලබා අද(23) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 23 December 2020
කොරෝනා ආසාදිත දේහයේ අවසන් කටයුතු පෙර චක්‍රලේඛ අනුවම කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මියගිය ගාල්ල දෙද්දුගොඩ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ අවසන් කටයුතු, කොවිඩ් - 19 මෘත දේහ සම්බන්ධයෙන් මින් ඉහත නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරන ලෙසත්, එම උපදෙස් පිළිබඳව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය දැනුම්වත් කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා විසින් ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අද (23) ලිඛිතව දැනුම් දී තිබේ. 23 December 2020
දෙවිනුවර නිලවරණය හදීසියේ කල් දමයි ඓතිහාසික දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සදහා අද(23) පැවැත්වීමට තිබු නිලවරණය හදිසියේ කල් දමා තිබේ. 23 December 2020
බන්ධනාගාර කැරලි මර්දනයට විශේෂ ඒකකයක් බන්ධනාගාරවල විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමට හා බන්ධනාගාර වල ඇතිවන කැරලි මර්දනය කිරීමට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධව විශේෂ ඒකකයක් පිහිටුවන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. 23 December 2020
කරාපිටියේ අධිකරණ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට තීරණය කළ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පවසති. 23 December 2020
කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි කඩඉම් ලකුණු අනුව ඉංජිනේරු හා භෞතික විද්‍යා පීඨවලට සිසුන් අතුලත් කර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමෙන් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප්‍රතික්ෂේප කරනු ලැබීය. 23 December 2020
පහතරට වතුකම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක් වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන්ගේ කොන්දේසි දෙකට සිය සංගමය කැමති බවද, ජනවාරි වනවිට වැඩි කළ වැටුප නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවද, පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා කීවේය. 23 December 2020
දකුණේ කොරෝනා ආසාදිතයන් 714යි දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 714ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්තානය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 415ක්, මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 238ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 61ක් දක්වා ඉහල ගොස් තිබේ. 23 December 2020
මාතලේ හිග්ගොල්ලට සංචරණ සීමා කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 06 දෙනෙකු එකවර හමුවීමත් සමග මාතලේ මහ නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් වැඩි වශයෙන් ජීවත්වන මාතලේ හිග්ගොල්ල මාවත ප්‍රදේශයට අද(23) උදෑසන සිට සෞඛ්‍ය උපදෙස් අනුව සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මාතලේ මහ නගර සභාවේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පැවසීය. 23 December 2020
අද තවත් කොරෝනා මරණ 02ක් අද (22) දිනයේදී කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. 22 December 2020
විශ්‍රාමික සෙබළා රාජ්‍ය ඇමතිගේ නමත් විකුණලා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ නම අවභාවිතා කරමින් සිදුකල වංචා කිහිපයකට සම්බන්ධ විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද (22) සවස අත්අඩංගුවට ගෙන ඇත. 22 December 2020
අටුළුගම ආසාදිතයින්ගේ අමනවැඩ ගැන ලියූ මාධ්‍යවේදියාට තර්ජන ’’බස් වලින් යද්දි අටුලුගම ආසාදිතයෝ පොලිස් මුරපොල මගදෙපස කෙළ ගහලා ’’ පුවත ලියූ බණ්ඩාරගම ලංකාදීප මාධ්‍යවේදීයාට එම පුවතට අදාළව කිසියම් පුද්ගලයකු අද(22) දුරකතනයෙන් තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය ට පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 22 December 2020
අන්තර්ජාලය ඔස්සේ බිළිඳුන් 30 ක් විකුණලා බිලිඳු දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු සැකපිට මාතලේ උකුවෙලදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 22 December 2020
පානදුර ඇගලුම් කම්හලක් වසාදමයි පානදුර ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දිනෙන් දින කොරෝනා ආසාදිතයන් බවට අනාවරණය වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය. 22 December 2020
කැබලි කරන ලද වියළි පොල් මද ආනයනය කිරීමට පියවර පොල් මිල ඉහළයාම හේතුවෙන් දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් මුහුණ පා ඇති ගැටලුවලට විසඳුමක් ලෙස මාස තුනක කාලයක් සඳහා මාසයකට මෙට්‍රික් ටොන් 13,000 බැගින් කැබලි කරන ලද වියළි පොල් මද ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 22 December 2020
බස්නාහිරින් පිටව යන අයට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ බස්නාහිර පළාතේ පිටව යන පුද්ගලයන් සඳහා හෙට(22) සිට අධිවේගී මාර්ගය ඇතුලු ස්ථාන 11 කදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 22 December 2020
එංගලන්තයේ සිට පැමිණෙන මගීන් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණයෙන් නිරෝධායනයට එංගලන්තයේ සිට අද දිවයිනට ළගාවීමට නියමිත මගීන් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු, හෝටලවල නතර කර දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටී. 22 December 2020
කොවිඩ් එන්නත් ලබාගැනීමේ සම්බන්ධීකරණය ලලිත් වීරතුංගට පවරයි මේවනවිට කොවිඩ් එන්නත් නිපදවා ඇති රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොටඅවශ්ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි. 22 December 2020
මාම්පුරි වැල්ලේ සැඟවූ කෝටි දෙකකට ආසන්න කහ තොගයක් සොයාගනී නොරෝච්චෝල මාම්පුරි වැල්ල ආසන්නයේ සඟවා තිබු රුපියල් ලක්ෂ 160 කට අධික වටිනාකමකින් යුත් කහ කිලෝ 2125ක් හලාවත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ගේ බුද්ධි තොරතුරු මත නොරෝච්චෝල පොලිසිය අද(22) අත්අඩංගුවට ගෙන තිබේ. 22 December 2020
වර්ෂාවෙන් පොළොන්නරුවේ 283ක් පීඩාවට නොකඩවා ඇදහැලෙන වර්ෂාව නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබෙන සුළු ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 283ක් පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 22 December 2020
ලිදුල නගර සභාපති ලේකම් ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා , ලේකම්වරයා , එම නගර සභාවේ සේවකයින් 10 දෙනෙකු සහ ප්‍රාදේශිය මාධ්‍යවේදින් දෙදෙනෙකු (22) දින ස්වයං නිරෝධානයට යොමු කළ බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි එම්.ගනේෂ් මහතා පැවසිය. 22 December 2020
ලිඳුල නගර සභාව යළි විවෘත කරයි කොරෝනා ආසාදිත වු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණීම හේතුවෙන් වසා දමා තිබු තලවකැලේ- ලිඳුල නගර සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි අද (22) සිට සිදුකර ගෙන යාමට පියවර ගෙන ඇතැයි තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතා පැවැසීය. 22 December 2020
බ්‍රිතාන්‍යයෙන් එන ගුවන් යානා තාවකාලිකව අත්හිටුවයි එක්සත් රාජධානියේ සිට හෙට (23 ) අලුයම 2 පසුව මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා අද (22) ලංකාදීපයට පැවසීය. 22 December 2020
කොවිඩ් පැණියට ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ කොවිඞ් මර්දන ආයුර්වේද ඖෂධ පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 22 December 2020
දේශපාලඥයින්ගේ පවුල්වලට පස් බලපත් දෙන්න එපා දේශපාලඥයින්ට ඔවුන් ගේ පවුල්වල සාමාජිකයින්ට ඥාතින්ට හෝ සමීපතමයින්ට වැලි කලුගල් හෝ පස් කැණීම් බලපත්‍ර ලබා නොදෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා පතල් කැණීම් කර්යංශයට අද (22) කළේය. 22 December 2020
තනි රෝදයෙන් යතුරුපැදි පැදවූ තරුණයන් හයක් අත්අඩංගුවට දෑත් දෙපසට විහිදුවා තනි රෝදයෙන් යතුරුපැදි පැදවූ තරුණයන් 6 දෙනෙකු පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි 22 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026