
'සිඩුස් කැඩිලා' ඖෂධ නිෂ්පාදන සමාගම හඳුන්වා දුන් 'ඩී.එන්.ඒ.' වර්ගයේ නව ප්‍රතිශක්තිකරණ එන්නතට අමතරව, ඉන්දියාවෙන් තවත් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම එන්නත එම්.ආර්.එන්.ඒ. (mRNA) වර්ගයේ එන්නතක් වන අතර, මෙය නිපදවන්නේ, 'ජිනෝවා බයෝපාමසියුටිකල්ස්' ඖෂධ නිෂ්පාදන සමාගමය. ඉන්දියා තුළ නිපදවන පළමු එම්.ආර්.එන්.ඒ. එන්නත වන්නේ මෙයයි. ඊට අමතරව, 'ජිනෝවා බයෝපාමසියුටිකල්ස්' සමාගමේ මෙම එන්නත, ඉන්දියාව තුළ නිෂ්පාදය වන තෙවැනි එන්නත වෙයි.
'ජිනෝවා බයෝපාමසියුටිකල්ස්' එන්නත 'ඩෙල්ටා' ඇතුළු නව කොරේනා වයිරස විකෘති ඉලක්ක කර ගනිමින් නිපදවන ලද්දක් වන අතර, අවසන් සායනික අත්හදා බැලීම් සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අවසරය හිමිවී තිබේ.
මෙතෙක් නිපදවා ඇති සාර්ථක එන්නත් දෙකක් ලෙස සැලකෙන 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් අයත් වන්නේ ද එම්.ආර්.එන්.ඒ. (mRNA) වර්ගයේ එන්නත් අතරටය. ඒ අනුව, ඉදිරියේ දී ලොවට හඳුන්වා දෙන තෙවැනි එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත වනු ඇත්තේ මෙම 'ජිනෝවා බයෝපාමසියුටිකල්ස්' එන්නත වීම විශ්ෂත්වයකි. එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත්වල ඇත්තේ, 'කොවිඩ් 19' වයිරස විෂබීජයේ ජානවලින් සකසනු ලැබූ කේතයකි. සිරුරට එව එන්නත් කිරීමෙන් ප්‍රතිශක්තිය නිර්මාණය වෙයි.
'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්', 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා', රුසියාවේ 'ස්පුට්නික් 5' සහ චීනයේ 'සයිනෝෆාම්' ආදී එන්නත් නිපදවා ඇත්තේ, 'කොවිඩ් 19' වයිරසය සිරුරට ඇතුළු වුවහොත්, සිරුරේ ඊට එරෙහිව ප්‍රතිශක්තියක් ඇති කිරීමට සිරුරේ ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයකටය.
(ඉන්දීය පුවත් සේවා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ට මෙවැනි දේවල් කිරීමට නොහැක්කේ සෞඛ්ය අමාත්‍යංශයේ සියලු කටයුතු දොස්තරලාම කලයුතුයි යන වැරදි ආකල්පයයි. ජාන තාක්ෂනය වෙනමම විෂයකි . ඒවායේ ප්‍රවීනයන් බිහි කිරීමේදී ඒ අංශවල ඉගෙන ගත් අය බඳවා දොස්තරලාට වඩා ඉහල තැනක් වේතනයක් වුවත් දීම කාලෝචිතයි.. අනිකුත් ක්ෂේත්රත් එසේමයි. රෝගීන් සුවපත් කිරීමට අදාළ ව තවත් විද්‍යාත්මක රාජකාරි බොහොමයක් තියෙනවා. ඒවාට වෙනත් විද්‍යා උපාධිධාරීන් යොදවන්න පුළුවන්.