මළසිරුරු ශීතාගාරවල තැබීම කොරෝනා වයිරසය ගබඩා කරතැබීම හා සමානයි කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා සමාන බව ගාල්ලේ ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුර ඇසුරින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ගාල්ලේ අධිකරණ වෛද්‍යවරු කියති. 26 December 2020
තවත් කොවිඩ්-19 මරණයක් කොරෝනා ආසාදිත තවත් රෝගීයකු අද (25) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි. 26 December 2020
අද කොරෝනා ආසාදිතයන් 551 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (25) පස්වරු 8.45 වනවිට එක්වූ ආසාදිතයන් 90 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 551 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 25 December 2020
වනාතවිල්ලුවේ මිය ගිය පක්ෂීන්ගේ කොටස් රජයේ රස පරීක්ෂකට විල්පත්තුව ජාතික වන උද්‍යාන ප්‍රේරක කාලප මායිමේ පිහිටි රාල්මඩුව කුඹුරු යායක් තුල කුඩා පක්ෂීන් සිය ගණනක් හදිසියේ මරණයට පත් වීමේ සිද්ධියට අදාළව රජයේ රස පරීක්ෂකවරයාට හා වනජීවි පශු වෛද්‍ය ඒකකයට පක්ෂීන්ගේ කොටස් යැවීමට කටයුතු කරන බව පුත්තලම වනජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි. 25 December 2020
රජිනිකාන්ත් රෝහල්ගත කෙරේ හදිසියේ ඇති වූ දැඩි අසනීප තත්ත්වයක් හේතුවක් ඉන්දියාවේ සුපිරි නළු රජිනිකාන්ත් මහතා රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 25 December 2020
වටවල ඇඟලුම් කම්හලක සේවකයන් 28කට කොරෝනා හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක අද(25) උදෑසන සිට කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදි සේවක සේවිකාවන් 28 දෙනෙකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත. 25 December 2020
ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය එපායි කියා කළුතර මුස්ලිම් ජනයා විරෝධතාවක කොවිඩ් වයිරසය නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ ආදාහනය කිරීම නිසා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් බිඳ වැටෙන බවත් සංස්කෘතියට හානි වන බවත් එමගින් මෙතුවක් කල් පැවති සිංහල මුස්ලිම් සංහිඳියාව බිඳ වැටීමට හැකි බවත් ලෝකයේ රටවල් 182ක භූමිදානය සඳහා අවසර දී ඇති බවත් අද (25) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වෙමින් කළුතර වෙට්ටුමකඩ මුස්ලිම් ජානතාව කීහ. 25 December 2020
නිධානයකින් ගත්තායැයි කී භාණ්ඩ ව්‍යාජ ඒවා වීමෙන් හෘදයාබාධයක් වැළඳී මරුට නිධානයකින් ලබාගත්තැයි කියන භාණ්ඩ කිහිපයක් රුපියල් ලක්ෂ 5කට මිලදීගත් පුද්ගලයකු ඒම භාණ්ඩ ව්‍යාජ යැයි දැනගත් පසු ඇති වූ කම්පනයෙන් මියගියේ යැයි කියමින් ඔහුගේ මව පැමිණිලි කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. 25 December 2020
ආසාදිතයෝ 771ක් සුවය ලබා යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 771දෙනෙකු අද(25)සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 25 December 2020
සිහිසුන්ව කොස් ගසේ සිටි තරුණයාගේ දිවි බේරාගනී බදුල්ල, තෙල්බැද්ද වත්ත ප්‍රදේශයේ අඩි 45 ක් පමණ උසැති කොස්ගසකට නැඟ සිහිසුන්ව සිටි තරුණයෙක් දැඩි පරිශ්‍රමයකින් යුතුව පැය 2ක මෙහෙයුමකින් පසු පහළට ගැනීමේ පුවතක් අද (25) බදුල්ලෙන් වාර්තා විය. 25 December 2020
විදුලි රැහැනක පැටැලි සිවිල් ආරක්ෂක සෙබළා මරුට වව්නියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ වගා භූමියක ඇද තිබූ විදුලි කම්බියක පැටලී විදුලි සැර වැදීම හේතුවෙන් සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු මිය ගොස් ඇති බවට වව්නියාව මාමඩුව පොලීසිය පවසයි. 25 December 2020
නුෂාඩ් පෙරේරා සතොසෙන් ඉවතට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සභාපති තනතුරෙන් නුෂාඩ් පෙරේරා මහතාව ඉවත් කරනු ලැබ තිබේ. 25 December 2020
හොරෙන් කැනඩාවට යන්න ගිය තරුණියක් අත්අඩංගුවට වෙනත් අයෙකු සතු , කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපතක් උපයෝගී කර ගනිමින් , එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩුබායි හරහා කැනඩාව වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 25 December 2020
දික්වැල්ලේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. 25 December 2020
කෘෂි අපද්‍රව්‍ය එවීම ගැන බාසල් සම්මුතියට පැමිණිලි කරන්න පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහළුම් 28 සම්බන්ධව බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද දින (25) පෙරවරුවේ උපදෙස් දුන්නේය. 25 December 2020
වනාතවිල්ලුවේ කුරුල්ලන් මිය යාම ගැන පරීක්ෂණයක් පුත්තලම වනාතවිල්ළුව එළුවන්කුලම රාල්මඩුව ප්‍රදේශයේ වෙල්යායක කුරුල්ලන් විශාල පිරිසක් මිය ගොස් ඇති බව වනාතවිල්ළුව වන ජීවී කාර්යාලය කියයි. 25 December 2020
වෛද්‍යවරුන් ප්‍රතිකාර නොකිරීමෙන් ආසාදිත කළු ජාතික වෛද්‍යවරිය මිය යයි ඇමරිකාවේ උතුරු දිග ඉන්දියනා පොලිස් ප්‍රදේශයේ කළු ජාතික වෛද්‍යවරියක් කොරෝනා වැළදීම හේතුවෙන් මියගොස් ඇත. 25 December 2020
දකුණේ වැඩිම ආසාදිතයන් ගාල්ලෙන් දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්තානය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 438ක්, මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 266ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 67ක් දක්වා ඉහල ගොස් තිබේ. 25 December 2020
කොරෝනා මරණ සංඛ්‍යාව 185 ට නගී කොරෝනා ආසාදිත තවත් රෝගීයකු අද (24) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි. 24 December 2020
අද කොරෝනා ආසාදිතයන් 588 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (24) පස්වරු 8.20 වනවිට එක්වූ ආසාදිතයන් 182 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 588 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 24 December 2020
කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපතිවරුන් තිදෙනෙක් ඇතුළු 4කට කොරෝනා කළුතර දකුණ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් අංශ දෙකක ස්ථානාධිපතිවරුන් දෙදෙනෙක් ඇතුළු කාන්තා පොලිස් නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව කළුතර දකුණ පොලිසිය කියයි. 24 December 2020
හයිලෙවල් - ලෝලෙවල් මාර්ගවල පෞද්ගලික බස් රථ කලුඅග්ගල දක්වා පමණයි අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීම හේතුවෙන් කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන සියලු ම පෞද්ගලික බස්රථ කලුඅග්ගල දක්වා පමණක් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය. 24 December 2020
ඇනවුම් කළ කොත්තමල්ලි වෙනුවට යුක්රේනයෙන් ශාක අපද්‍රව්‍ය එවලා රුපියල් කෝටි 7කට අධික වටිනාකමින් යුතු කොත්තමල්ලි තොගයක් යූක්රේනයෙන් මිලදී ගැනීම සදහා ශ්‍රී ලාංකික ආනයනයකරුවන් පිරිසක් කළ ඇනවුමකට, ඔවුන් රවටා කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් කොළඹ වරායට එවා තිබියදී ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(24) සොයාගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය. 24 December 2020
කතෝලික දේවස්ථානවලට අද-හෙට විශේෂ ආරක්ෂාව නත්තල සමරන කතෝලික ජනතාවගේ ආරක්ෂාව සඳහා කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව සපයන ලෙස පොලිස් පොලිස්පති විසින් කොට්ඨාස භාර උසස් පොලිස් නිලධාරීන්ට සහ ප්‍රදේශ භාර ස්ථානාධිපතිවරුන්ට විශේෂ පණිවිඩයක් අද(24) සවස නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 24 December 2020
රුපියල පල්ලම් බහී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (24) 194 ක් දක්වා පහළ ගියේ ය. 24 December 2020
සුවය ලැබූවන් ගණන 30,000 පනී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන අද(24) වනවිට 30,568ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 24 December 2020
හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රි ශෂි රත්නායක (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ) මහතාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට අද(24) ලැබූ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසීය. 24 December 2020
වසා දැමුණු දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න ප්‍රදේශය විවෘත කරයි ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදු කිරීම සඳහා තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශය පැය 5 කට පමණ පසු වාහන ධාවනය සඳහා විවෘත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි 24 December 2020
ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වහයි කොරෝනා ආසාදනය වූ එළවළු ව්‍යාපාරිකයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වීම හේතුවෙන් අද (24) පැවැත්වවෙමින් තිබූ ඉබ්බාගමුව සති පොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 24 December 2020
නිරෝධායන නීති කැඩු අගරපතන ප්‍රා. සභාපතිගේ සේවය තාවකාලිකව අත්හිටුවයි නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට සහභාගි වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය (24) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 24 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026