කොරෝනා වසංගතය පාලනය වන අතට ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වූ කොරෝනා දෙවැනි රැල්ල පසුගිය 14 වැනිදා එහි උපරිම අගයට ළඟා වීමෙන් පසුව මේ වන විට තරමක් දුරට පාලනය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවියෙන් (http://www.epid.gov.lk/web/index.php?lang=en) පෙන්නුම් කරයි. එම වෙබ් අඩවයේ මේ වන විටත් පෙන්නුම් කරනු ලබන දත්ත අනුව වසංගතය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමේ බරපතළම අවධිය වී ඇත්තේ දෙසැම්බර් මස දෙවැනි සතියයි. 29 December 2020
මාවනැල්ල නගරයට හමුදාව - පොලිසිය කැඳවයි මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට මේ වන විට පොලිස් විශේෂකාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත. 29 December 2020
ඒකල කර්මාන්ත ශාලාවක 39 දෙනකුට කොවිඩ් ඒකල කර්මාන්ත ශාලාවක කරනු ලැබූ පී සී ආර් පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා කීවේය. 29 December 2020
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය වැළදුණ ආසාදිතයින් 6 ක් ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යයෙන් මුල්වරට හඳුනාගත් කොවිඩ් - 19 වයිරසයෙහි නව ප්‍රභේදය වැළඳුනු රෝගීන් හය දෙනකු ඉන්දියාවෙන් හමුවී තිබේ. 29 December 2020
අනුර මනතුංග නව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ධුරයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත්කිරීමට රජය තීරණය කර ඇත. 29 December 2020
දකුණේ කොරෝනා ආසාදිතයන් 883යි දකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 09 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 883ක් දක්වා ඉහළ ගොස් තිබේ. 29 December 2020
තවත් කොරෝනා මරණ 3 ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් තිදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) නිවේදනයක් නිකුත්කරමින් පවසයි. 28 December 2020
හිමිනමක් දුම්රියක හැපී අපවත් වෙති මුහුදු බඩ දුම්රිය මාර්ගයේ හික්කඩුව කහව ප්‍රදේශයේදී අද (28) රාත්රියේදී භික්ෂූන්වහන්සේ නමක් දුම්රියක හැපී අපවත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 28 December 2020
අද කොරෝනා ආසාදිතයන් 530 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (28) පස්වරු 9.45 වනවිට එක්වූ ආසාදිතයන් 164 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 530 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 28 December 2020
කෑගල්ලේ උපකාරක පන්ති ආරම්භ කිරිමට පියවර සෞඛ්‍ය සේවාවන් ලබා දෙන උපදෙස් හා නිර්දේශයන් මත 50% සිමාව මත කෑගල්ල දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති ආරම්භ කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. 28 December 2020
ශවේන්ද්‍රට - කමල්ට උසස්වීම් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ජනරාල් නිලයට උසස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. 28 December 2020
කොරෝනා ආසාදිත සිරුර මාසයක් මෝචරියේ කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ලේ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ සිරුර මාසයකට ආසන්න කාලයක් තිස්සේ කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන බව රෝහල් පොලිසිය පවසයි. 28 December 2020
සමූපකාර තොග වෙළඳ සංස්ථාවට හා සතොසට නව සභාපතිවරු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතීඥ වෙනුර ගුණවර්ධන මහතාත්, ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාත් පත් කරනු ලැබ ඇත. 28 December 2020
සුවය ලැබූවන් ගණන 33,000 පනී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 520ක් සුවය ලබා අද(28)පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 28 December 2020
කහ කිලෝ 530 ක් විනාශ කරයි ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 532 ක් අද (28) මන්නාරම මූලස්ථාන පොලිසිය විසින් විනාශකරනු ලැබීය. 28 December 2020
තේ කර්මාන්තශාලාවෙි ගින්නෙන් ලක්ෂ 80 ක පමණ අලාභයක් බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඕලුගංතොට ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක අද (28) දා ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පැවැසීය. 28 December 2020
තහනමින් පසු පළමුවරට පැමිණි විදේශිකයන් පිරිස මත්තලට කොරෝනා වසංගත ත්තත්වය සමග විදේශීය සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ මාස 09 කට පසුව නැවත විවෘත කරමින් පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද(28) මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළේය . 28 December 2020
කඩවත්සතර ප්‍රා.ලේ කාර්යාලය තාවකාලිකව වහයි ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවිම නිසා අද(28) පෙරවරුවේ සිට පුද්ගලයින් ලියා පදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සහ අනෙකුත් සාමාන්‍ය රාජකාරි කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිව නතර කර ඇති බව ගාල්ල දිස්ත්‍රක් ලේකම් කාර්යාලය පවසයි. 28 December 2020
වටවල මවුන්ජින්වත්ත හුදකලා කරයි අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වටවල මවුන්ජින් වත්ත අද (28) දින සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කල බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරින් ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය. 28 December 2020
ආසියානු රටවලින් ඇවිත් දඹුල්ලේ වෙළෙඳාම් කරති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් මාර්ගය දෙපස වාහන තුළදී මෙන්ම මහපාරේද දෙස් හා විදෙස් කණ්ඩායමක් වෙළදාමේ නිරතව සිටිති. 28 December 2020
ෂෙල්ටන් මුතුනමගේ සමුගනී ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අද (28) අභාවප්‍රාප්ත විය. 28 December 2020
ධම්මපාල නාහිමි රාමඤ්ඤ නිකායේ අභිනව මහෝපාධ්‍ය පදවියට බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුර හික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරකාවැහැර ධම්මපාල නාහිමිපානෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය පදවියට පත් කිරීමට එම නිකායේ කාරක පාලක සභාව තීරණය කරනු ලැබීය. 28 December 2020
මන්නා-කතුරුවලින් අයිය-මලෝ- බිරින්දෑවරු ඇනගෙන සිය අයියාගේ බිරිඳට කතුරෙන් ඇණ, අයියා මන්නයෙන් කපා තුවාල සිදුකළ මල්ලී, නෑනා, නැන්දම්මා යන තිදෙනෙකු ඇතුළු තවත් සැකකාරයන් තිදෙනකු අද(28)පාන්දර පහරදීම සිදු කල මන්නයද සමග තෙලවලදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි. 28 December 2020
නැගෙනහිර පළාතේ කොරෝනා ආසාදිතයින් 1000 පනී නැගෙනහිර පළාතේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 1004 දක්වා ඉහළ ගොස් ඈති බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එල්. ලතාකරන් පවසයි. 28 December 2020
කෝටි 5 කට ආසන්න කේරළ ගංජා තොගයක් යාපනය මුහුදේ පාවෙයි යාපනය කන්කසන්තුරෙයි මුහුදුවෙරළ ආසන්නයෙන් රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් කේරලගංජා කිලෝ 360 ක් තිබී සොයාගත් බව කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය. 28 December 2020
කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් පින්නවල බැංකු ශාඛාවක් වසා දැමේ රඹුක්කන පින්නවල පිහිටුවා ඇති බැංකු ශාඛාවක කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් එම බැංකු ශාඛාව වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත. 28 December 2020
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවකු සමඟ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියක දී වෙඩි පහරට ලක්ව එම සැකකරු අද(28) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 28 December 2020
දකුණේ කොරෝනා 874ට නගී දකුණු පළාතෙන් ඊයේ (27) දිනය තුල නව කොවිඩ් ආසාදිත රෝගින් 39 දෙනෙකු හමුවීමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 874 දක්වා වැඩිවි ඇති බැව් දකුණුපළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. 28 December 2020
තවත් කොරෝනා මරණ 4 ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් සිවුදෙනකු අද (27) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි. 27 December 2020
ශ්‍රී පාද සමය 29 දා ආරම්භ වේ - දේවාභරණ හා සමන් දේව ප්රථීමාව බැතිමතුන්ගේ වන්දනාමානයට මෙවර ශ්‍රී පාද සමය මෙම මස 29 දා ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න මහ නායක හිමියෝ අද (27) පැවසූහ. 27 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026