ශ්‍රී පාද සමය 29 දා ආරම්භ වේ - දේවාභරණ හා සමන් දේව ප්රථීමාව බැතිමතුන්ගේ වන්දනාමානයට මෙවර ශ්‍රී පාද සමය මෙම මස 29 දා ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න මහ නායක හිමියෝ අද (27) පැවසූහ. 27 December 2020
අද කොවිඩ්-19 ආසාදිතයන් 668 යි මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (27) පස්වරු 8.50 වනවිට එක්වූ ආසාදිතයන් 206 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 668 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 27 December 2020
දොළොස් හැවිරිදි දරුවාගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයා ගැනේ හය හැවිරිදි සහෝදරිය සමග සමඟ නිවසේ සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුර කුඩා රෙදි කැබලි දෙකකින් මදුරු දැල එල්ලීම සඳහා උපයෝගි කරගන්නා කොක්කක එල්ලෙමින් තිබෙන දුටු මව දරුවා එයින් ගලවාගෙන අද (27) රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පිළියන්දල පොලීසිය කියයි. 27 December 2020
වතුකම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් 700 කරන්න යෝජනා වෙයි වතුකරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක් කිරීමට කලාපීය වැවිලි සමාගම් සහ ලංකා වැවිලිකරුවන්ගේ සංගමය යෝජනා කර තිබේ. 27 December 2020
තායිවානයට කොවිඩ් ගෙනා ගුවන් නියමුවාට රැකියාව අහිමි වෙයි තායිවානයේ ,ඊවා එයාර් ගුවන් සමාගම වෙනුවෙන් සේවය කළ නවසීලන්ත ජාතික ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එම ගුවන් සමාගම කටයුතු කර තිබේ. 27 December 2020
උද්භිත උද්‍යාන සංවර්ධනයට මිලියන 517ක් ලබන වසර තුල මෙරට උද්භිද උද්‍යාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 517ක් වෙන්කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 27 December 2020
වෙනිවැල්ගැට කිලෝ 700ක් හොරණ ගොඩනැගිල්ලකින් සොයාගනී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අයුරින් වෙනිවැල්ගැට කිලෝ 700ක් ගබඩා කර තිබියදී අද(27) හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේදී සොයාගත් බව ඉංගිරිය අඩවි වන නිලධාරීහු කියති. 27 December 2020
රුපියල සියයට 4.5කින් අවප්‍රමාණය වෙයි මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 24 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 4.5%කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 27 December 2020
සංගා - මාලිංග දශකයේ කණ්ඩායම් වලට ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරග සඳහා දශකයේ කණ්ඩායම් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (27 වැනිදා) නිවේදනය කරන ලදි. ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර සහ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ වත්මන් නායක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද දශකයේ කණ්ඩායම් වලට තෝරාගනු ලැබ සිටිති. 27 December 2020
ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනයට කින්නියාවේදී විරෝධයක් කොවිඩ් -19 ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ආදාහනය නොකර භූමිදානය කිරීමට ඉඩකඩ ලබාදෙන ලෙස බලකරන උද්ඝෝෂණයක් අද (27) කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණි. 27 December 2020
සිනමා ශාලා විවෘත කරන්න අවසර එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට දිවයිනේ සියලු සිනමා ශාලා සෞඛ්‍ය උපදෙස්වලට අනුව විවෘත කිරීමට අවසර ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ. 27 December 2020
ආසාදිතයන් 650 ක් සුවය ලැබූවත් 7000 කට වැඩි පිරිසක් රෝහලේ කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 650ක් සුවය ලබා අද(27) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 27 December 2020
කොළඹ ගම් 5 ක් - පොලිස් වසම් 2 ක් හෙට සිට නිදහස් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වලින් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමටත්,තවත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කිරීමට මෙන්ම අලුතින් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමටත් රජය පියවර ගෙන තිබේ. 27 December 2020
අකීකරු වන අලියා පොලිස් වෙඩි පහරන් මරුට මුස්ලිම් නෙලුගොල්ලාකඩ ගම්මානයට අද (27)දින කඩා වැදුණ වන අලියෙකු පලවා හැරිමට නොහැකි විම නිසා පොලිස් නිලධාරින් තැබු වෙඩි පහරකින් එම වන අලියා මිය ගොස් තිබේ. 27 December 2020
ඇහැලියගොඩ - ගොඩකවෙල ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කරයි ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරිමට පියවර ගත් බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 27 December 2020
එක්සත් රාජධානියේ මිලියන ගණනකට දැඩි සීමා ඉතා වේගයෙන් පැතිරෙනවා යැයි සැක කෙරෙන ‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානියේ මිලියන ගණනක ජනතාවට සිට දැඩි සීමාවලට මුහුණ දීමට සිදුව ඇත. 27 December 2020
ගාල්ලේ මළ ගෙදරක ගිය තිදෙකුට කොරෝනා ගාල්ල, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උක්වත්ත ප්‍රදේශයේ පැවැති මළ ගෙදරකට සහභාගී වූ තිදෙනෙක් මේ වනවිට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 27 December 2020
වව්නියාව රෝහලේ වෛද්‍යවරු 5 ක් ඇතුළු කාර්යමණ්ඩලය නිරෝධායනයට වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලය අද (27) සිට නිරෝධායනයට යොමුකළ බව වවුනියාව සෞඛ්‍ය අංශ කියයි. 27 December 2020
ගාල්ලේ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් හෙට (28 ) සිට සිය රාජකාරී වලින් බැහැරව ගැනීමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මණ්ඩල ද සොයිසා මහතා පැවසීය. 27 December 2020
ගාල්ලේ ඇඟලුම් ආයතනයකින් කොරෝනා රෝගීන් 9 ක් ගාල්ලේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතතයකින් කොරෝනා රෝගීන් 09 දෙනකු වාර්තාවී ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය අංශය පවසයි. 27 December 2020
උතුරුමැද ප්‍රධාන අමාත්‍යංශයේ ගිණුම් අංශය තාවකාලිකව වහයි උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ සේවය කළ නිලධාරිනියකට කොරෝනා ආසාදිතව ඇති බවට තහවුරු විම නිසා අද (27)වැනි දින සිට ගිණුම් අංශය තවකාලිකව වසා දැමිට පියවර ගෙන ඇත. 27 December 2020
වව්නිවයාවේ ජනඋදාන ගම්මානයකට සංචරණ සීමා වව්නියාව පෙපරියඋළුක්කුලම් ජනඋදා ගම්මානයට සංචරණ සීමා පනවා තිබේ. 27 December 2020
කෝටි 12ක කහ තොගයක් කළමැටිය වරායෙන් පටවද්දී අල්ලයි නීතිවිරෝධීව මෙරටට ගෙන එනු ලැබූ රුපියල් කෝටි 12 ක පමණ වටිනා කමකින් යුක්ත කහ තොගයක් හුංගම කළමැටිය ධීවර වරායේදී අද(27) අලුයම කඩවත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිය බාරයට ගෙන තිබේ. 27 December 2020
ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හෙට(28) සිට සිය රාජකාරි කටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි. 27 December 2020
දකුණේ කොරෝනා ආසාදිතයන් 835ට නගී දකුණු පළාතෙන් අලුතෙන් හමුවු කොරෝනා ආසාදිතයින් 43 සමග මේවන විට දකුණු පළාතේ මුලු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මැදිරියේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පැවසීය. 27 December 2020
අදත් කොරෝනා මරණයක් අද (26)එක් කොරෝනා මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. 26 December 2020
ඉපැරණි බුදු පිළිමයක ශීර්ෂය අතුරුදන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ බුදු මැඳුරේ තැන්පත්කර තිබූ ඉපැරණි බුදු පිළිමයක සිරස්පත සොරකම්කර ඇතිබවට අද(26) පැමිණිලි ලැබී ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. 26 December 2020
අද ආසාදිතයින් 593යි අද (26) වන විට පෑලියගොඩ කොරෝනා පොකුරෙන් ආශ්‍රිතයින් 448කටද, බන්ධනාගාර කොරෝනා පොකුරෙන් ආශ්‍රිතයින් 52 කටද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. . 26 December 2020
අයිස් සමග අයෙක් අත්අඩංගුවට පල්ලම මදවක්කුලම ප්‍රදේශයේ නිවසක සගවා තිබු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග එක් පුද්ගලයෙකු අද (26) පස්වරුවෙ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 December 2020
වැලිකන්ද කොරෝනා රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් ලෙඩවෙති පොලොන්නරුව, වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට අද(26) තහවුරු වී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කලේය. 26 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026