චින්නුන්ට පහර දුන් නේපාල් දෙකක් අත්අඩංගුවට වාද්දුව ප්‍රදේශයේ සංචාරකදී හෝටලයක චීන ජාතිකයින් දෙදෙනකුට පහරදී හෝටලයේ දේපල වලටද පහරදී අලාභහානි සිදු කළ බව කියන නේපාල ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි . 10 August 2024
හමුදා සැරයන් 1990 පාලිකාවකට අතවර කරලා අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර ,පොලිස් මුරපොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 10 August 2024
අද වැස්ස තත්වය කොහොමද බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 August 2024
විවාහ වයස් සීමාව අවුරුදු 9 ට අඩු කෙරේ කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. 10 August 2024
බ්‍රසීල ගුවන් යානයක් අනතුරේ පුද්ගලයන් 62 ක් සමග පියාසර කරමින් තිබුණු බ්‍රසීලයට අයත් එරට අභ්‍යන්තර ගුවන් යානයක් කඩා වැටුණි. යානය කඩා වැටුණේ සාඕ පාවුලෝ ප්‍රාන්තයටය. 10 August 2024
පොලිසියෙන් කියා ඇවිත් ගුරුවරියටයි දරුවන්ටයි ගහලා පොලීසියෙන් බව පවසමින් කටුගස්තොට ධර්මවිජය විද්‍යාලයට පැමිණි පුද්ගලයකු ගුරුවරියකට හා සිසුන් පස් දෙනකුට පහරදී පළාගොස් ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි. 09 August 2024
නවීන ගිනි අවියක් විකුණන්න ගිහින් මාට්ටු කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ තුනක ඇමරිකාවේ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් අලෙවි කිරීම සඳහා රැගෙන ආ යුද හමුදා පුහුණුවලත් අයකු මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී පිස්තෝලය සමග අත්අඩංගුවට ගෙන තිබේ. 09 August 2024
පොලු පහර කෑ පී.සී මරුට තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේදී මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්ව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි . 09 August 2024
ඔයේ තිබූ සිරුරෙන් තොරතුරු එළියට අත්තනගලු ඔයෙහි දාරළුව ප්‍රදේශයේ තිබී ඉකුත් 5 වෙනි දින සොයා ගත් මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ගම්පහ මූලස්ථාන පොලීසිය මගින් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට ඇතිවූ සැකය මත බැලුම්මහර ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි. 09 August 2024
අරගලයේ නායකයන් දෙදෙනකුට ඇමැතිකම් බංග්ලාදේශ විරෝධතා මෙහෙයවූ ’’වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ’’ ව්‍යාපාරයේ නායකයන් දෙදෙනා වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද්ට නව අන්තර්වාර රජයේ ඇමතිකම් පිරිනමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 09 August 2024
විශ්‍රාමික දීමනාව ඔක්තෝබරයේ දෙකම එකට ගෙවන්න ආණ්ඩුව විශ්‍රාමිකයන්ට ගෙවීමට බලාපොරොත්තු රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාවද සමඟ දෙකම එකට ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට අද (9) දැනුම්දී ඇත. 09 August 2024
මාලිමා රජයක පිල් මාරුව තහනම් කිරිමේ නීතියක් මාලිමාවේ රජයක් තුල පක්ෂ මාරු කිරීම තහනම් බවට නීතියක් පනවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය අද (09) දින මාලබේ දී පැවසීය 09 August 2024
ජනපති අපේක්ෂකයන්ට ආරක්ෂාව දෙන්න කමිටුවක් ජනාධිපති අපේක්ෂකයන්ට සහ හිටපු ජනපතිවරුන්ට ආරක්ෂාව සැපයීම සදහා මහජන ආරක්ෂ අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල ආරක්ෂක කමිටුවක් පත්කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. 09 August 2024
සාගරට එරෙහි නඩුවකට දින දෙයි මහජන රැළියකදී කරන ලද ප්‍රකාශයෙන් සිදුවූ අපහාසයට රුපියල් බිලියන දහයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පොදුජන එක්සත් පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව පැවරූ නඩුව දෙසැම්බර් 20 වැනි දින කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (09)දින නියම කළේය. 09 August 2024
උල්හිටියේ වාන් දොරටු හිටිහැටිටේ අරියි උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග ජලාශයේ පිටවානේ ගේට්ටු පහක් අද (9) පස්වරුවේ විවෘත කළ නිසාවෙන් ජලාශයට පහල ජනතාවට දැඩි අවධානයෙන් සහ කල්පනාකාරීව සිටින්නැයි උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි . 09 August 2024
ත්‍රස්ත ක්‍රියා ප්‍රවර්ධනය කළැයි 6ක් රිමාන්ඩ් අයිඑස් අයිඑස් ත්රස්තවාදීන් ලෙස පෙනී සිටිමින් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත ක්‍රියාවලින් ප්‍රවර්ධනය කිරීමේ සැකයට අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික හය දෙනෙකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (09)නියෝග කළේය. 09 August 2024
’’රට දූෂණයෙන් මුදා ගන්නවා’’ යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කරන්නේ යැයි කළ පොරොන්දුව ඉටුකළා මෙන්ම ජනාධිපතිවරයා බවට පත්වී රට වෙලාගෙන සිට දූෂණය සහ විනය කඩා වැටීමෙන් මුදාගන්නා බවත් වර්තමාන පාර්ලිමේන්තුවට රට පත්ව සිටින අවාසනාවන්ත තත්වයෙන් ගලවාගැනීමේ හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) පැවසීය. 09 August 2024
අල්ලස් ගත් පී.සී වසර 8කට හිරේ වැලි ටිපර් රථ රියදුරෙකුගෙන් රුපියල් 2000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකර වූ පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයාට වසර 08ක සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියම කළේය. 09 August 2024
ජනපති සටනට 24ක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ නැග ඇත. 09 August 2024
බඩගින්න නිර්පාක්ෂිකයි කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 August 2024
අවම වේතන පනත් කෙටුම්පත මැතිසබයට සේවකයන්ගේ අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද(09)දා ඉදිරිපත් කෙරිණ. 09 August 2024
පිල් මාරු දේශපාලනය අවසන් කළ යුතුයි තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මල්වානේදී පැවසීය. 09 August 2024
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (9) මධ්‍යම රාත්‍රී 12ට අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 09 August 2024
රාජ්‍ය මූල්‍ය පනතට කතානායක සහතිකය “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 09 August 2024
බංග්ලාදේශය රනිල් කෙනෙක් හොයනවා වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව වාරිමාර්ග වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 09 August 2024
රට හදන්න ජනතා අංශයකුත් පිහිටුවනවා රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 August 2024
අමාත්‍ය ධූර අහිමිවීම එතරම් දෙයක් නොවෙයි අත්හැරීම ප්‍රගුණ කළ තමන්ට අමාත්‍ය ධූර අතහැරීම එතරම් දෙයක් නොවන බවත් අමාත්‍යංශ හතරක කාර්යයන් ඉතාම හොඳින් කළේය යැයි විශ්වාස කරන බවත් හිටපු සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (9) පෙරවරුවේ පැවසීය. 09 August 2024
මනූෂගේ පුරප්පාඩුවට බණ්ඩාරිගොඩ මනූෂ නානායක්කාර මහතාගේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වන එම ධූරයට බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කිරීමට පියවර ගෙන ඇතැයි සමග ජන බලවේගයේ මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. 09 August 2024
ෆොන්සේකා ඉල්ලා අස් වෙයි ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පැවසීය. 09 August 2024
මනූෂ - හරීන් සජබෙන් නෙරපීම හරි අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් සමගි බලවේගය පක්ෂයෙන් නෙරපීම නීතියානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය. 09 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026