රට විරුවෝ බත්තරමුල්ලේ පොලක් පවත්වති විදෙස් රැකියා වලට ගොස් ව්‍යවසායකයන් වූ අයගේ නිෂ්පාදන විකුණන පොළක් බත්තර මුල්ලේදී පවත්වන බව විදේශසේවා නියුක්ති කාර්යංශය පවසයි. 23 December 2024
ගම්පහ දුම්රිය හරස් මාර්ග දින 3ක් වහයි ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ ජාඇල මාර්ගයේ සැතපුම් 16 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුතු සඳහා මේ මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය පොර්තමේන්තුව පැවසීය. 23 December 2024
ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් අසිරිය ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන නත්තල් කැරොල් ගී ප්‍රසංගය කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 23 December 2024
අඹතලේ ප්‍රදේශයේ අමුතු කොල්ලකරුවන් පිරිසක් මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට ආසන්නව රාත්‍රී කාලයේදී ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා වාහනවල පැමිණි පුද්ගලයන් කොල්ලකෑමේ කටයුත්තක් සිදුවන බව එම ප්‍රදේශයේ ජනතාව පවසති. 23 December 2024
චන්ද්‍රසේන සර්වජන බලයට එක්වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සර්වජන බලය පක්ෂයේ සාමාජිකත්වය අද (23) ගත්තේය. 23 December 2024
පාසල් ජනවාරි 2 වැනිදා ඇරඹේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන ජනවාරි මස 2 වැනිදා (බ්‍රහස්පතින්දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 23 December 2024
නියඟ අවදානම අවම කිරීමට සෞදිය පෙරමුණ ගනී සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ‘දකුණු ආසියාව සඳහා කලාපීය නියඟ අවදානම් කළමනාකරණය සහ අවම කිරීමේ උපායමාර්ගය’ එළිදැක්වීමේ වැඩසටහන පසුගියදා ආරම්භ කළේය. 23 December 2024
මාලඹේ- අඹතලේ පාරට විශේෂ ආරක්ෂාවක් සොර සතුරන්ගේ ග්‍රහණයට නතුවී ඇතැයි කියන මාලඹේ සිට අඹතලේ දක්වා වන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ප්‍රදේශයේ පොලිසිය ඇතුළු අදාළ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය. 23 December 2024
නිධන් හොරු 5ක් පළායති:අයෙක් මාට්ටු කහටගස්දිගිලිය,නෙකටුනවැව ප්‍රදේශයේ බඩ ඉරිගු වගා භුමියක නිධන් හැරිම සදහා පුද්ගලයන් පිරිසක් කැණිම් කරන බවට ලද තොරතුරක් මත ඊයේ (22) පොලිස් නිලධාරින් විසින් එම ස්ථානය වටලන අවස්ථාවේදි පුද්ගලයන් පස් දෙනෙකු පලා ගොස් තිබු අතර එක් සැකකරුවෙකු පමණක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 23 December 2024
විදුලිය වැදී අලි 50 ක් මෙම වසරේ මැරිලා මෙම වසරේ මේ දක්වා කාලයේ විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනකු පමණ මරණයට පත්ව ඇති බවත් එම අවස්ථාවලදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අනවසරයෙන් ගෙන තිබූ බවත් එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 23 December 2024
අප ගත් තීන්දු අපට පරාජය ගෙනාවත් රටට ජය ගෙනාවා ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීම සදහා ලබාගත් ජනප්‍රිය නොවන දේශපාලන තීන්දු හා කැපකිරීම් වල ප්‍රථිඵල අප දේශපාලන වශයෙන් පරාජය කලත් රටක් ලෙස අත්පත් කරගත් වර්ධනයෙන් තෘප්තිමත් වීමට හැකියාව ලැබීම ගැන සතුටු වන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 23 December 2024
ඉඩම් ආරවුලට අසල්වැසියාට වෙඩි තියලා බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබා 28 හැවිරිදි පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකරනු ලැබු පුද්ගලයෙකු ඊයේ (22)දින කිරිමැටියාවේදි අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි. 23 December 2024
පැනමා ඇල සුදුසු විදියට කළමනාකරණය කරනවා මධ්‍යම ඇමෙරිකානු රටක් වන පැනමාව තමාට පිළිගත හැකි ආකාරයකට පැනමා ඇළ කළමනාකරණය නොකරන්නේ නම් නැවතත් පැනමා ඇළ ඇමෙරිකාවට බාරදිය යුතු බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 21 වැනිදා ප්‍රකාශ කළේය. 23 December 2024
මුලතිව් මුහුදු තීරයේ පුපුරණ ද්‍රව්‍ය මුහුදේ පාවෙමින් තිබූ කෝඩයිට් නැමති පුපුරන ද්‍රව්‍ය කිලෝ 14 යි ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් මුලතිව් මුහුදේදී ඊයෙ (22) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි. 23 December 2024
උත්සව සමයට 24 පැයේ රථවාහන පරීක්ෂාවක් උත්සව සමය අවසන් වන තුරු අද (23) සිට පැය 24 ම ආවරණය වන පරිදි දිවයින පුරාම රථවාහන පොලිස් නිලධාරීන් යොදවා මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 23 December 2024
මීගොඩ ඝාතනයට තවත් තිදෙනෙකු අත්අඩංගුවට මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සමෘද්ධි සහායකවරයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 23 December 2024
හොර නෝට්ටු සමඟ සිසුන් 4ක් මාට්ටු තෙල්දෙණිය පොලිසිය විසින් පාසල් සිසුන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී ව්‍යාජ 5000 නෝට්ටු 57 ක් සොයාගත් බව පොලිසිය කියයි. 23 December 2024
අක්මීමණ වෙළදසැලක් ගින්නකින් විනාශයි අක්මිමණ කුරුඳුවත්ත හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක ඊයේ (23)රාත්‍රි ඇතිවු හදිසි ගින්නකින් වෙළඳ සල සම්පුර්ණයෙන්ම විනශවි ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි 23 December 2024
ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ සහල් ආනයනය කිරීමේ අවසරය රජය මගින් දීර්ඝ කළද ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 23 December 2024
තැනින් තැනට අදත් වැස්ස දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි 23 December 2024
මෙරටට ගෙන් වූ තවත් ඖෂධ 13ක් ප්‍රමිතියට නෑ නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. 23 December 2024
ඉහළ මහලයේ වැටත් කඩාගෙන සිසුවා බිමට වැටිලා බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ දෙවන මහලේ ආරක්ෂිත යකඩ පැති වැටක් කඩා ගෙන සිසුවකුෙ බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 22 December 2024
පුංචි ඡන්දෙට නීතියෙන් බාධාවක් පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 22 December 2024
රට හදන ගමනට මාධ්‍යත් එක්කර ගන්නවා මෙරට තරුණයින් සමඟ එක්ව නව මාධ්‍යකරණයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය. 22 December 2024
කසුන් සිද්ධියට පොලිසියේ තිදෙනකුට මාරුවිම් ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත මාරු කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. 22 December 2024
අංකුර සාහිත්‍යවේදී ජයග්‍රහකයන් ලංකාදීපයෙන් හෙට අංකුර සාහිත්‍ය වේදීන් ඇගැයුණු ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහයකින් 247 දෙනකුට පදක්කම් සහ සහතික පිරිනැමීය. 22 December 2024
උත්සව සමයේ පාරේ යන්නේ මෙහෙමයි උත්සව සමයේ බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 22 December 2024
ගැඹුරු මුහුදේදී බිලී කටුවක් ඇමිණුනු ධීවරයා ජාතික රෝහලට ගැඹුරු මුහුදේදී බිලී කටුවක් අතේ ඇගිල්ලක ඇමිණීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ධීවරයෙක් නාවික හමුදාවේ විජයබාහු නෞකාව තුළදී සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව නාවික හමුදා නිලධාරීන් විසින් එම ධීවරයා වැඩිදුර ප්‍රතිකාර සදහා අද (22) ගොඩබිමට රැගෙනවිත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. 22 December 2024
කැලණි ගඟේ වැලි ජාවාරමක් විදෙස් ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවකු විසින් ගෝලයින් යොදවාගෙන කලක් තිස්සේ කැළණි ගගේ හංවැල්ල යකාබැම්ම ප්‍රදේශයේ අනවසරයෙන් වැලිගොඩ දමමින් සිටියදී වටලා වැලි ගොඩ දැමීමට යොදාගත් බෝට්ටු හයක් සිය බාරයට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 22 December 2024
ඩිජිටල් හැඳුණුම්පත කඩිනම් කරයි මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට ලබන මසදී අත්සන් තබනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 22 December 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026