අදත් තැනින් තැනට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 December 2024
මුලතිව්වලට ගොඩබට මියන්මාර් සරණාගතයින්ගේ අදෝනාව අපි බෝට්ටු තුනකින් රටින් පිටවුණා බෝට්ටු දෙකක් කැඩුණා. ඒ බෝට්ටු දෙකේ සිටී පිරිස අපේ බෝට්ටුවට නැග්ගා. ඒ එන අතරමගදී අපේ හයක් දෙනෙක් මැරුණා ඉන් හතර දෙනෙක් ළමයි. එම මළ සිරැරැ මුහුදට විසිකලා යැයි මියෙන්මාරයේ සිට සරණාගතව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල්වී සිටියදී නාවික හමුදා භාරයට ගනු ලැබු මියෙන්මාර් සරණාගත පිරිස අතරින් කිහිපදෙනෙකු එසේ පැවසීය . 20 December 2024
මාධ්‍ය අදහස් දැක්විම ඔළුවෙන් හිටගෙන පොළොන්නරුව ඇළහැර ගොවි ජනපදයේ අලි මිනිස් ගැටුම පිළිබඳ බලධාරීන්ට කොතෙක් අදහස් ප්‍රකාශ කළ ද ඊට කිසිදු අවධානයක් නොමැති හෙයින් ඇලහැර ඉකිරිවැව ගම්මානයේ 51 වියති එච්.එම්.උපුල් හෙට්ටිනායක ගොවිමහතා ඔලුවෙන් හිටගෙන අලි මිනිස් ගැටුම පිළිබඳ අදහස් ඉදිරිපත් කළේය. 20 December 2024
පුංචි ඡන්දය ගැන ජනපතිගෙන් ඉඟියක් පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද (20) පැවසීය. 20 December 2024
අඹුසැමි යුවළට වෙඩි:සැමියා මරුට ගාල්ල දඩල්ල කනත්ත අසලදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවලකට මීට සුව වේලාවකට පෙර එල්ල කළ වෙඩි පහරකින් සැමියා එම ස්ථානයේම මියගොස් තුවාල ලැබු බිරිඳ කරාපිටිය රෝහලට ඇතුලත් කළ බවත් ගාල්ල පොලිසිය පවසයි. 20 December 2024
බිරියගේ පැමිණිල්ල ලියන්න ගිය පොලිසියට හිටපු ගුවන් නියමු සැමියා ගහලා බොරලැස්ගමුව පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට පහර දී බරපතල තුවාල සිදුකළ රංගන ශිල්පිනියකගේ ෙ සැමියා වන හිටපු ගුවන් නියමුවකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ආර්. ආර්. ගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයෙ තැබිමට නියෝග කළාය. 20 December 2024
ජනපතිවරණයට පෙර අනුර ඝාතන තැතේ විමර්ශන තවදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයට පෙර ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිස් විමර්ශන තවදුරටත් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය පවසයි. 20 December 2024
කළුතර හෝටලයක වෙඩි තැබීමක් කළුතර සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පාලනය කිරීම සඳහා හෝටලයේ උසස් නිළධාරියෙක් අහසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. 20 December 2024
ජනපති මල්වතු - අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 20 December 2024
“ජනාධිපති එට්කා ගිවිසුමට අත්සන් කළේ නෑ“ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී එට්කා ගිවිසුමට අත්සන් නොතැබූ බවත් එට්කා පිළිබඳව මෙතෙක් ඇති වී තිබෙන එකඟතාවන් තවත් සාකච්ඡාවලට භාජනය කරමින් සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට පමණක් ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද(20) ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 20 December 2024
ඔලිම්පික් කමිටුව වෙනුවෙන් ක්‍රීඩා ඇමති ඉදිරිපත්වෙයි ජාතික ඔලිම්පික් කමිටුව මුහුණ පා ඇති වත්මන් අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (20) පැවසීය. 20 December 2024
මාලු මිල ඉහළට වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 20 December 2024
පොහොට්ටුවේ නව ජාතික කැදවුම්කරුවෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පත් කර තිබේ. 20 December 2024
දොස්තරගෙන් කප්පම් ඉල්ලූ තරුණයාට වසර 5කට අත්හිටවූ වසරක සිර දඬුවමක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දුරකථන චීපයක් සොරාගෙන එහි තිබූ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටි ඇහැලියගොඩ තරුණයෙකුට වසර පහකට අත්හිටවූ වසරක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු තිළිණ ගමගේ මහතා නියම කළේය. 20 December 2024
එළුවන් ව්‍යාපෘතියෙන් කෝටි 9ක් වතුරේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එළුවන් බෝ කිරීමේ ව්‍යාපෘතියකට පසුගිය වසරේදී රුපියල් නව කෝටියකට වැඩි වියදමක් දරා ඇතත් ඉන් උපයාගෙන ඇත්තේ ලක්ෂ විසි තුනක ආදායමක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 20 December 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්දහිමි සාමාජිකයන් 60කට අඩුකරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 60 දක්වා අඩු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර නිකුත් කරමින් පවසයි. 20 December 2024
රාජ්‍ය සේවය කප්පාදු කරන්න බලාපොරොත්තුවක් නෑ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුවක් තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. 20 December 2024
ජූලි චංග් ආරක්ෂක ඇමති හමුවෙයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි චංග මහත්මිය අතර සිදු වූ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේදී අද (20) පැවැත්විණි. 20 December 2024
’’සමූපකාර සියයට 50ක් අක්‍රමවත්’’ සමූපකාර අලෙවිසැල් වලින් සියයට 50කට වැඩි සංඛ්‍යාවක් ක්‍රමවත් අයුරින් පවත්වා ගෙන නොයන බව පෙනී ගොස් ඇතැයි සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය. 20 December 2024
උත්සය සමයේ ආරක්ෂාවට 40000 බල ඇණියක් නත්තල් උත්සවයට සමගාමීව දේවස්ථානවල සහ ආගමික ස්ථානවල ආරක්ෂාව සදහා දිවයින පුරා පොලිස් නිලධාරීන් 40,000 ක් පමණ යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 20 December 2024
පානදුර සළිදුට ඇප පානදුර සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් නියෝග කර තිබේ. 20 December 2024
වීදිය නවාතැන කරගත් පිරිස් ගැන සංගණනයක් මෙරට යාචකයින් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත් වන පුද්ගලයින් පිළිබඳ සංගණනයක් සිදු කළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 20 December 2024
කෝටි 5ක සන්නිවේදන උපකරණ තොගයක් කටුනායකින් අල්ලයි රුපියල් කෝටි පහක් පමණ වටිනා ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමඟ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු අද(20)වන දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 20 December 2024
සැඟවූ නාඩු සහල් පාරිභෝගික අධිකාරියෙන් වටලයි නාඩු සහල් තොග සඟවා තබා ගනිමින් පාරිභෝගිකයන්ට නාඩු සහල් නොමැති බව පැවසූ ගිනිගත්හේන නගරයේ සහල් තොග වෙළෙන්දෙකු ගිනිගත්හේන පොලිසියේ නිලධාරීන් සහ නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එක්ව වැටලීමක් සිදු කර සඟවා තිබූ සහල් තොග පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගැණින. 20 December 2024
ඇල්ල - වැල්ලවාය පාරේ අනතුරුදායක ගස් ඉවත්කරයි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අනතුරුදායක ලෙස මාර්ගයට කඩා වැටීමේ අවදානම් තත්වයේ පිහිටා ඇති අනතුරුදායක ගස් අද (20) කපා ඉවත් කිරීමට කටයුතු සිදු කළ බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා පවසයි. 20 December 2024
මියන්මාරයේ සිට නීතිවිරෝධීව යන්න ගිය 100ක් මුලතිව් වෙරළට මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් රැගෙන ගිය සරණාගතයින් 100 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඊයේ (19) සවස මුලතිව් මුහුදු වෙරලට ගොඩගසා ඇති බවට නවික හමුදාව පැවසීය. 20 December 2024
හම්බන්තොට වරායේ ජාත්‍යන්තර කම්හලක් ආරඹන්න ගිවිසුම් තබයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා වූ අදාළ ගිවිසුම් අත්සන් කෙරේ. 20 December 2024
දැදුරු ඔයේ ගිලි සිසුවෙක් අතුරුදන් කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුරුගොඩ ගම්මානයේ පාසල් සිසුවෙක් කොබෙයිගනේ මාවතගම ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන් වී ඇතැයි කොබෙයිගනේ පොලිසිය පවසයි. 20 December 2024
මිහින්තලය අභය භූමියේ මුවන් මෑරු අයෙක් අල්ලයි මිහින්තලය අභය භූමිය අසල මුවන් දඩයම් කර මුවන් මැරූ සැකකරුවකු මුව ඔලු 3ක් සහ මුව මස් සමඟ අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි. 20 December 2024
බදුල්ල මහනුවර ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් බදුල්ල රන්දෙණීගල හරහා මහනුවර ප්‍රධාන මාර්ගයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් ගනිමින් තිබූ ටිපර් රථයක් හා මෝටර් රථයක් අද (20) එම මාර්ගයේ මිණිපේ ඇළ ආසන්නයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් ලොරි රථයට, මෝටර් රථයට හා මාර්ගයේ ආරක්ෂක පැති බැම්මකටද හානි සිදුව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 20 December 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026