IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


’’ඩේසි ෆොරස්ට්ට විදෙස් තහනමක් පනවා නෑ’’

(කේ බුද්ධික කුමාරසිරි)

ඩේසි ෆොරස්ට් නමැත්තියට විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද තමන් එවැනි විදෙස් තහනමක් ඩේසි ෆොරස්ට් නමැත්තිය සඳහා නිකුත් නොකළ බව කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය  අද (14) දින විවෘත අධිකරණයේදී  ප්‍රකාශ කළාය

හිටපු ජනාධිපති දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ හවුල් බැංකු ගිණුමක රුපියල් මිලියන පනස් නවයක් හමුවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ කඩුවෙල අධිකරණයේ ගොනුකර ඇති නඩුවකට අදාලව නීතිඥ ප්‍රේමනාත් දොළවත්ව මහතා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් යලි විභාගයට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ පිළිබඳව කරුණු අධිකරණයෙහි පැවසුවාය

අදාළ නඩුව විභාගයට ගැනීමට පෙර එම තැනැත්තියට විදෙස් ගමන් තහනමක් පැනවූ බවට මාධ්‍ය හමුවක් කැඳවීමෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම අධිකරණයට අපහාස කිරීමක් වන බවද  නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය

මේ සම්බන්ධයෙන් නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය. අදාළ නඩුව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය හමුවක් කැඳවා නඩු දෙකක් පැවරීමට කටයුතු කරන බවත් එක් තැනැත්තියකට විදෙස් ගමන් තහනමක් ලබාගත් බවත් ප්‍රසිද්ධියේ පැවසීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා



අදහස් (6)

’’ඩේසි ෆොරස්ට්ට විදෙස් තහනමක් පනවා නෑ’’

අරුණි Friday, 14 February 2025 07:00 PM

සැප් 21 සිට මාස 5ක් තිස්සේ නාමල්, යෝශිත, ඩේසිආච්චි, වාහන එකලස් කතා, වඳුරු කතා, මෝඩ කතා දැන් හොඳටම ඇති. පොල් ගෙඩියක් රුපියල් 80ට, හාල් සේරුව රුපියල් 160ට අරගත්තා. සැප්තැම්බර් 21ට පෙර තිබූ අපේ ජීවන මට්ටම ආයෙත් අපිට ලබා දෙන්න. නැත්තන් ආණ්ඩුවට එලොව පොල් පෙනෙන්න වැඩි දවසක් නැතිවෙයි...

:       0       0

Weerasinghe Friday, 14 February 2025 08:09 PM

ඇයි ජනාධිපතිටයි ඇමැති මන්ඩලේටයි විතරද අවබෝධෙන් බොරු කියන්න පුළුවන්? පොලිසිය බොරු කිව්වාම හෙන ගහනවයෑ, විකාර...

:       0       0

Chathuri Saturday, 15 February 2025 06:11 AM

මරු උපාසක අම්මා. වයසෙ හැටියටද වැඩ. වෙන ආච්චි කෙනෙක් නම්. මේවගෙ රටේ දේපල හොරා ක්නවානම් තමන්ගෙ. පව්ල වටවෙලා. සාපදෙනවා ඕවා නතර කරපන් කියලා. නාකිච්චි. එහෙම කියන්නෙ නැතිව. බැන්කුවටත් ගිහින් ගිනුම් ඇරලා සල්ලිත් දාලා. මෝඩ නුගත්. මුනුපුරා. කියනවා තත්තා මැරෙන්න කලින්. මේ හොර වැඩවලින් නිදහස් කරනවා කියලා දිවයිනට කියනවා

:       51       15

Kazi Shajahan Saturday, 15 February 2025 07:49 AM

ඩේසිත් අන්තිම කාලේ පිනක් දහමක් කරගන්නේ නැතුව පව් දෙනවා මැණික් මල්ලක් නිසා

:       44       15

පොඩිඑකා Saturday, 15 February 2025 09:45 AM

මෙයාට දාන්න ඕනෑ විදේශ ගමන් තහනමක් නෙවෙයි, එලොව ගමන් තහනමක්…! කොයි වෙලේ වීසා එක ඒවිද මන්දා…!

:       0       0

de silva Saturday, 15 February 2025 10:12 AM

අන්තිමට වෙන්නේ ඩේසි ෆොරෙස්ට් රට පනිවි, නඩුවේ ප්‍රධාන සාක්ෂි කාරියක් හෝ සැක කාරියක් නොමැති නිසා ඔක්කෝම වැරැදි ඩේසි මත, යෝෂිත නිදහස් වේවි. ලංකාවේ වන අනෙක් අපරාද වල මහා මොලකරු සහ ඒවා පිටරට සිට ක්‍රියාත්මක කරන්නේ ඩේසි කියලා පොලිසිය විසින් සොයා ගනීවි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 376 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 709 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site