IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


හිටපු ජනපති මහින්දගේ ආරක්‍ෂකයන්ගේ නිවසේ ජලය කපයි

(යොහාන් භාසුර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම මාවත නිල නිවස පිටුපස පිහිටි යුද හමුදා භටයන් රැදී සිටි ගොඩනැගිල්ලේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කර තිබේ.

එම නිවසේ ජල බිල්පත රුපියල් ලක්‍ෂ තුනකට අධික මුදලක් එකතු වී තිබූ බවත් බිල නොගෙවීම හේතුවෙන් මෙසේ සැපයුම විසන්ධි කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාට සපයා තිබූ යුද හමුදා ආරක්‍ෂාව පසුගියදා ඉවත්කිරීම නිසා එම ගොඩනැගිල්ලේ කිසිවකු මේ වන විට රැදී නොමැති බවත් දැනගන්නට තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට හෝ ඒ මහතාගේ කාර්ය මණ්ඩලයට කිසිඳු දැනුම්දීමක් නොකර මෙසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවත් එහි බිල්පත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙවීම සාමාන්‍ය තත්වය බවත්ය.

ජනාධිපති ලේකම් කාර්යාලය බිල ගෙවීම නොකර සැපයුම විසන්ධි කර ඇති බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (16)

හිටපු ජනපති මහින්දගේ ආරක්‍ෂකයන්ගේ නිවසේ ජලය කපයි

ගමේ එකාලා Thursday, 13 February 2025 08:59 PM

රටම හොරාකාලා විනාස කරපු අයට ජල බිල්පත ගෙවන්න බැරිකමක් නැහැනේ?

:       107       62

සත්‍යය හෙලි වෙමින් පවතීFriday, 14 February 2025 06:20 AM

කවුද කියන්නෙ හොරා කෑවා කියලා. හොරාට ඇමරිකාවෙන් සල්ලි අරන් මිනිස්සුන්ට බොරු කියලා අරගල කරන්න ඇමරිකාවෙන් සල්ලි දුන්න කියල ඇමරිකාවෙන්මයි කියන්නේ ඩොලර් මිලියන 7.2ට (රුපියල් කෝටි 216) වඩා හම්බෙලා තියෙනවා. රටේ ආර්ථිකේ වැ‍ටුනේ ලංකාවට ආදායම් ආපු සංචාරක, ඇඟලුම්, තේ, රබර්, පොල් ඇතුලු අපනයන සේරම එකපාර නැවතුනු නිසා. ආදායම් නැති වුනාට ඉන්ධන, බෙහෙත්, ආනයනය කරන්න උනා. ඔය ඇත්ත කවද හරි එලි වෙනවා. එදාට බලමුකො.

:       8       6

Lakwidu Friday, 14 February 2025 06:14 AM

එව්ව නම් පාහර වැඩ හොඳේ. රජයට වැඩක් කර ගන්න බෑ, සැලැස්මක් නෑ, තේරෙන්නෙ නෑ කියලා වැඩක් කරපු මිනිස්සුන්ගෙන් පලි ගන්න ලෑස්ති වෙන්න එපා. දැන්වත් කීපදෙනෙක් එකතු කරගෙන සැලැස්මක් හදලා වැඩක් කරන්න. නැත්තන් අපරාදෙ රටේ මිනිස්සුන්ගේ අවුරුදු 5ක් නිකන් විනාශ වෙනවා.

:       6       5

KamalFriday, 14 February 2025 02:58 PM

ලක්විදු ඔයා හරි. දැන් තමයි මිනිස්සුන්ගේ කාලය නිකන් නාස්ති වෙන්නේ... පුදුම හදිස්සියක් තියෙන්නේ. අවුරුදු 76ක් මිනිස්සු හරියට සංවර්ධනය වුණා..

:       3       3

swene Friday, 14 February 2025 06:44 AM

ආරක්ෂාව ගැන නේ පොහොට්ටු ලේකමුයි පුතාලයි කතාකරන්නේ. ඉතින් අර නාවික හමුදාවේම නවාතැන් පොලක දෙන්නා නතර කලානම් ඉවරයි. සියලුම වියදම් අඩු කල හැකියි.

:       5       8

චතුරි Friday, 14 February 2025 06:49 AM

සාගර කියන ගොනා මහ කාලකන්නියෙක්. වතුර කපන්න දැනුම් දෙන්න. ඇයි උබලට එවන බිල කෝ හොරා කන්න විතරයි දන්නෙ. බිල් පේන්නෙ නැහැ. කජු ඇට කොස් ඇට වගේ . කියන්නේ ජනාදිපති කාර්‍යාලයෙන් ගෙවයි ඔය නම වෙනස් කරන්න. අසරන දුගී ජනතාවගෙන් . පින් ගොන්නුන්ට සලකන කාර්යාලය කියන්න. ජනාදිපති කාර්යාල ජනාදිපති අරමුදල්. මේවා හොරුන්ට පමනයි. මුන්ව තව කාලයක් තියන් හිටියානම්. ජනතාවට. හිටගන මැරෙන්න වෙන්නෙ දැනටත් එහෙම වෙනවා අසරන පවුල් වල තියෙන ප්‍ර්ශ්න වලට. මුන්ට හෙන හත වැදිලත් මදි

:       3       8

සාලිය Friday, 14 February 2025 07:25 AM

ලිදක් කපා ගනිල්ලා.

:       4       4

වික්‍රම විදුර Friday, 14 February 2025 07:54 AM

එතකොට මූට ඉන්න ගෙවල් 2ක්.. ය‌කෝ එතකොට අපි ඉන්නෙ මහ මුහුදෙද? අහන්න දෙයක් යැ රට ණය වෙන එක..

:       4       5

කයි Friday, 14 February 2025 09:54 AM

හොරා කෑව හොරා කෑව කිය කිය ඉන්නේ නැතුව හොරා කෑවා නම් හොයලා දඩුවම් කරා නම් හරිනේ. ඔහෙල ගෙනාපු කයි ආණ්ඩුව මිසක් මහින්දගේ ආණ්ඩුව නෙමෙයිනේ දැන් තියෙන්නේ.

:       7       8

පිටිගල මිලානෝ Friday, 14 February 2025 01:00 PM

හා දැන් වතුරත් නිකංද ඉල්ලන්නේ…?

:       2       5

සමන්ති Friday, 14 February 2025 01:09 PM

ගෝටා නම් කතරගම අනවසර ගෙදරට ජී රාජපක්ෂ නමින් වතුර බිල් ගෙවලා තියෙනවා….

:       0       3

ටානියා Friday, 14 February 2025 01:13 PM

වතුර නැතුව වැසිකිළියට යන්නේ කොහොමද….? විශාල ප්‍රශ්ණයක් වුනානෙ මේක….

:       0       3

සෞම්‍යා Friday, 14 February 2025 01:18 PM

විජේරාම මාවතේ පාරේ ටැප් එකක් නැද්ද දරුවෙක් යවලා වතුර බාල්දියක් ගෙන්නා ගන්න…

:       0       3

ඩයස් Friday, 14 February 2025 02:49 PM

අම්මපා, ලක්ෂ 4ක් පනිනතුරු වතුර දුන්නාට ජල සම්පාදනයට නඩු පැවරිය යුතුයි.

:       1       2

යාමිනී Friday, 14 February 2025 02:53 PM

මහින්ද නිල නිවාසයේ ලයිට් සහ වතුර බිල මාසෙකට ලක්ෂ 10 පනිනවා ඇති. වර්ග අඩි 30500 (පර්චස් 112) ගෙදර වායුසමීකරන වලට වලට විතරක් රුපියල් ලක්ෂ 10 විතර යනවා ඇති. ඒවා ඔක්කෝම ගෙවන්නේ අපේ ටැක්ස් සල්ලි වලින්...

:       1       3

Nadun Friday, 14 February 2025 03:39 PM

කෝපිකඩේ අප්පුවයි, මහින්දයි මාර වෙනස්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1175 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 422 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 567 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 162 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 367 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 330 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1065 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site