IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විදුලිසැර වැදී නව හැවිරිදි දරුවා මරුට

( රොමේෂ් මධූෂංක)

යාපනය වේලනෙයි සෙට්ටිපුලම් ප්‍රදේශයේදී නිවසක් තුළ විදුලිසැර වැදීමෙන් 09 හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (16) මිය ගොස් ඇතැයි කයිට්ස් පොලීසිය පැවසීය.

‍විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ වේලනෙයි සෙට්ටිපුලම් ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි චන්ද්‍රකාන්ත් කණිෂ්ඨන් නැමති දරුවෙකි.

මෙම පිරිමි දරුවාට විදුලිසැර වදින අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් නෙසිට ඇති අතර ඔහුගේ මව අසල්වැසියෙකුගේ නිවසට ගොස් ඇති අවස්ථාවක මෙම සිදුවීම සිදුව ඇතැයි කියයි.

කෙසේ වෙතත් මෙම දරුවා රූපවාහිනිය නැරීඹීම සඳහා එයට විදුලිය සම්බන්ධ කිරීමට ගත් උත්සහයකදී  විදුලිසැර වැදීම සිදුව ඇති බවට පොලීසිය සැකපල කරන අතරම දරුවාගේ මව නිවසට පැමිණෙන විටදී දරුවා බිම වැටී සිටිනු දැක ඒ අවස්ථාවේදීම වේලනෙයි රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබුණි.කෙසේ වෙතත් දරුවා රෝහලට රැගෙන යන විටද දරුවා මිය ගොස් ඇතැයි රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.

 



අදහස් (1)

විදුලිසැර වැදී නව හැවිරිදි දරුවා මරුට

Kumar Tuesday, 18 February 2025 12:50 AM

ඒ ගෙවල්වල ට්‍රිප් ස්විච් නැද්ද? එය දරුවා නැති කර අවමංගල්‍යයකට වඩා ලාභදායී වේ. අසූව දශකයේ මුල් භාගයේ එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට පෙර මම මගේ මව වෙනුවෙන් ඉදිකරන ලද නිවසෙහි එම සියලුම ආරක්ෂිත අංග ඇතුළත් විය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site