IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැතිසබේ අනංග සිද්ධිය: විමර්ශන කමිටුව ලත් තැනම ලොප්



(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ  දෙපාර්තමේන්තුවේ  සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කෙරුණු ත්‍රිපුද්ගල  කමිටුව වින්දිත නිලධාරිනිය විසින් තරයේ   ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් එහි  විමර්ශන අතරමග නැවතී ඇතැයි වාර්තාවේ.

මෙම කමිටුව පසුගිය 14 වැනිදා සිකුරාදා රැස්වුණු අවස්ථාවේදීද වින්දිත නිලධාරිනිය එහි පෞද්ගලිකවම පෙනී සිටිමින් ඊට විරෝධය දක්වා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එසේම කමිටුවට විරෝධය පළ කරමින් ඇය  පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර  මහත්මියටද  ලිඛිතව
පැමිණිල්ලක් කර ඇත.

නිලධාරිනිය දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි පැවසෙන්නේ එම කමිටුවේ සභාපතිනී හැන්සාඩ් සංස්කාරක නයනි ලොකු කොඩිකාරද සිල්වා මහත්මියටය. කමිටු සභාපතිනිය පාලනාධිකාරියේ ඇතැම් නිලධාරීන් සමග පවත්වනු ලබන කියන බව දැඩි මිත්‍රශීලී පවුල් සබඳතා  විමර්ශනයේදී තමාට දැඩි අවාසියක් සිදුවිය හැකි බව පවසමින් ඇය  කමිටුවට මෙසේ විරෝධය දක්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් මූලික විමර්ශනයක් පවත්වා ඇති හෙයින් සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කරන ලෙස වින්දිත නිලධාරිනිය එහිදී දැඩිව ඉල්ලා ඇතැයිද  දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනටමත් මූලික පරීක්ෂණයක් පවත්වා ඇති හෙයින්   සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කිරීම සුදුසු බව තමාගේද අදහස බවයි.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් නොපමාව පවත්වන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය ලෙස  කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි
චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවසුවාය. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් පවසන්නේද මේ සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය බවයි.



 

 

 



අදහස් (5)

මැතිසබේ අනංග සිද්ධිය: විමර්ශන කමිටුව ලත් තැනම ලොප්

kamal Koyrala Monday, 17 February 2025 11:29 AM

ප්‍රශ්න වියවුල් කිරීමෙන් වැළකී සෑම දෙයම CID ට භාර දෙන්න . CID යට පැමිනිල්ලක කරන්න

:       5       14

ජිල්බුMonday, 17 February 2025 01:18 PM

ප්‍රශ්න ගොඩක් තියෙන නිසා බාගයක් ඉන්දියාවෙ CID එකටත් දෙන්න වෙනවා.

:       1       15

සනෙත් Monday, 17 February 2025 11:59 AM

මොකක්ද මහත්තයෝ මිත්‍රශීලි පවුල් සබදතා කියන්නේ?

:       6       6

ජිල්බු Monday, 17 February 2025 01:01 PM

ඔබතුමා වගේ ඉන්ටර්නෙට් තියෙන කැලේක තනියම ජීවත්වෙන කෙනෙකුට ඒක තේරුම්ගන්න ටිකක් අමාරුයි වගේ.

:       2       11

ravin Monday, 17 February 2025 01:08 PM

කොහොමත් ඔතන යම් යම් නිලදරුවන්ගේ පත්වීම් පිළිබඳව කසු කුසු ඇහුනා නේද .තවද යම් යම් දේශපාලන සම්බන්ධතා එහෙමත් .හොරාගේ අමාගෙන් පේන නොඅහා නීතියෙන් බලයලත් අය ලවාම විමර්ශනය කලොත් හොඳ නැද්ද

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site