පෙට්‍රල් නැව් 5ක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි 2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 November 2024
චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 06 November 2024
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් පත්කරයි ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 November 2024
රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම් එම්.නයිමුදීන් මහතා පැවසීය. 06 November 2024
ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම් අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන පලනී ශිරාන් ක්ලෝරියන් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 10 කට ආසන්න දේපල මුදල් විශුද්ධ කිරීමේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි. 06 November 2024
අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන් 2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 November 2024
ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 November 2024
‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා පවසයි.ෙඅත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා අවුරුදු 38 සහ 58 වියේ පසුවන අතර අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු විසි හයක් වන උස්වැටකෙයියාව සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. 06 November 2024
පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 November 2024
ගාලු මුවදොර උත්සව - සංගීත බාධාව ඉවතට ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 November 2024
270 න් 230 ක් ට්‍රම්ප්ට ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්‍රම්ප් ජනපද 23 ක් ද ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමගා හැරිස් ජනපද 11 ක් ද දිනා ගනු ඇත. 06 November 2024
දුරකථන කණුවක හැපී යතුරුපැදිකරු මරුට බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි. 06 November 2024
මෙහෙම ගියොත් අපි අඩු කරගත් ණය සහනත් රටට අහිමි වෙයි රාජ්‍ය සේවක වැටුප වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලබන සිකුරාදාට පෙර ප්‍රකාශ නොකළොත් ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සහාය දෙන්නේ කුමටදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළුතර දී ප්‍රශ්න කළේය. 06 November 2024
දේවාලයක නිධන් හෑරූ 13ක් මාට්ටු දොම්පෙ ප්‍රදේශයේ දේවාලයක් තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දොම්පෙ පොලිසිය පවසයි. 06 November 2024
කරටකර සටන ඇරැඹේ ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙ මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් අතරේ කරටකර සටනක් පැවැත්වෙයි. 06 November 2024
ඌරන් මැරීම -මස් විකිණිම තහනම් කර දෙවැනි වරටත් ගැසට්ටුවක් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් මේ රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අඅබේරත්න කොතලාවල විසින් දෙවන වතාවටත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 06 November 2024
සැඩ පහරට අසුව දෙදෙනෙක් මරුට කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 06 November 2024
අදත් තැනින් තැනට වැසි මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 November 2024
ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට් අතරේ හටගත් මත ගැටුම්ය. 06 November 2024
කවුරු දිනුවත් ඓතිහාසිකයි ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට කවුරු ජයග්‍රහණය කළත් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇත. 06 November 2024
7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙහි සමාරම්භක උත්සවය පැවැත්විණි. 06 November 2024
හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා? උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩමක් අත්පත් කොට ගෙන ඇතැයි දැනගන්නට ඇත. 05 November 2024
මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබේ. 05 November 2024
රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 05 November 2024
හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක් හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි. 05 November 2024
ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසී 05 November 2024
’’මහ ඡන්දයේ ප්රචාරයත් සාමකාමී’’ මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති 05 November 2024
ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන් මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. 05 November 2024
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත. 05 November 2024
මස්සිනා දොස්තර බිරිය මරයි විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05) අලුයම සොයා ගත් බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය කියයි. 05 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026