“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න” මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට අද (6) උපදෙස් දී ඇත. 06 November 2024
කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 06 November 2024
ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි. 06 November 2024
දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. 06 November 2024
ජනපති ට්‍රම්ප් ට සුබ පතයි අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ. 06 November 2024
ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. 06 November 2024
සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේන් ඇද වැටී බරපතළ තුවාල ලබා අද (6) පස්වරුවේ දියතලාව රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි . 06 November 2024
විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක් බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් විසින් රැස්විම තහනම් කිරිමට පියවර ගනු ලැබිය. 06 November 2024
අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි? ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 06 November 2024
ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 06 November 2024
හජ් වන්දනාවට 3500කට අවස්ථාව මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 06 November 2024
ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිපියක් ජනපතිවරණයට පෙර සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සැකකරුවන් වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළණ ගමගේ මහතා රහස් පොලිසියට අද (06)නියෝග 06 November 2024
බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදල ලබා නොදී වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවක් අධිකරණයට ඉදිරිපත් කළ මෙන්ඩිස් සමාගෙමි සභාපති අර්ජුන ඇලෝසියස් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මයේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය 06 November 2024
වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. 06 November 2024
රටේ ජනතාව අතරමං වෙලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 06 November 2024
පළාත් දෙකක කුණු ප්රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහ චක්‍රීය ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 November 2024
ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින් ’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ. 06 November 2024
පාස්පෝට් ප්රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 06 November 2024
පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කරයි. 06 November 2024
සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්‍රීවරුන් ද තෝරා ගැනෙයි. 06 November 2024
ට්‍රම්ප් දිනුම් රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ කරටකර සටනක් අපේක්ෂා කළත්, ආරම්භයේ දී පටන් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවිය. 06 November 2024
දොස්තර ෂාෆි නිදහස් වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද නියෝග කළේය. 06 November 2024
හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දික් කරයි විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා දී ඇති පොරොන්දු ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා තෙක් බලපවත්වන පරිදි අද (06) දීර්ඝ කෙරිණි. 06 November 2024
ට්‍රම්ප් ජයග්‍රහණය අභියස ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය. 06 November 2024
වැටත් නියරත් ගොයම් කාලා පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ පොලිස් නිලධාරින් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 06 November 2024
මහා භාණ්ඩාගාර ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කරයි මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 November 2024
අගමැතිනියගේ වෛද්‍ය ඒකකය විසුරුවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට කටයුතු කල බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි 06 November 2024
අඩු ආදායම් ලබන්නන්ට චීන උදව්වෙන් ගෙවල් අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 November 2024
තවත් ඩිෆෙන්ඩරයක් වෙන්නප්පුවෙන් සොයා ගනී ලියා පදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. 06 November 2024
ළමා ආරක්ෂණ අධ්යක්ෂ ජනරාල්ගේ සේවය දිගු කරයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රීති අනෝමා සිරිවර්ධන මහත්මිය වෙත මාස 6ක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත. 06 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026