කටුනායකින් මැණික් තොගයක් අල්ලයි
රුපියල් ලක්ෂ හැටක් වටිනා මැණික් තොගයක්, සිය ගුද මාර්ගයේ සගවා ගෙන, කිසිවක් ප්රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (31) දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.