(ගයාන් සූරිය ආරච්චි)
කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාගවන නීති කෘත්‍යයට අදාළව අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍යවරයාට කළ දැනුම් දීමකට අනුව ඔහු අද (9) එම කොම්ෂන් සභාව හමුවේ පෙනී සිටියේය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව සිදු කරන විමර්ශන වලට අනුව අමාළි රඹුක්වැල්ල මහත්මියගෙන්ද ඉකුත්දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ඊට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාද මෙම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
අල්ලස් හෝ දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදු කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කෙහෙළියගෙන් පැය 5ක ප්‍රකාශයක්
ගමේ එකාලා Monday, 09 June 2025 08:17 PM
නැවක් වගේ විශාල ගෙයක් නුවර පැත්තේ නිකම් වහලා දාලා එහෙම එකා මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා තවත් වටිනා කියන දේපළ අරගෙන.... බලයෙන් උමතුවෙලා කරපු ජඩ වැඩවලට විඳවලාම මැරෙන්න වෙනවා...
කව්ද බෝයි Monday, 09 June 2025 10:28 PM
පැය පහක් නෙමෙයි, මාස පහක් ප්‍රශ්න කළත්, මේ ගොල්ලෝ දන්නේ නෑ ඒ ගොල්ලන්ට තියෙන වත්කම් ප්‍රමාණය සහ තියෙන තැන්. ඔය කොයික කරලත් හොයාගන්න පුළුවන්වෙන්නේ සොච්චමක් විතරයි. වැඩිහරියක් විදේශයන්වල තියෙන්නේ ඉඩ-කඩම්, ගෙවල් දොරවල්. ඒවා කවමදාකවත් එළි නොවන වත්කම්. හැබැයි අහිංසක ජනතාවගේ කඳුලුත් එක්ක මුසුවූ සාපය වදිනවා... වදිනවාමයි ලොවෙත් නැතිවෙන්න.