IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ජනපති අනුර 11 ජර්මනියට

(විමුක්ති එස් රුද්‍රිගු)

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  11 සිට  13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක, ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

එහිදී රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජනාධිපති දිසානායක මහතාගේ නිල සංචාරයේදී ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේද ප්‍රධානත්වය දරනු ලබන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.

 



අදහස් (10)

ජනපති අනුර 11 ජර්මනියට

Aruna Monday, 09 June 2025 05:51 PM

අනේ එහෙනම් අර ඩයස් පෝරාවල්ව හම්බ වෙන්න අමතක කරන්න එපා...

:       8       16

ගුණරත්න Monday, 09 June 2025 05:52 PM

කලින් රනිල්ට විදේශ සංචාර යනවා කියලා බැනපු අය මාසෙට දෙපාරක් විදේශ සංචාරවල යෙදෙනවා.

:       23       19

යෝගා Monday, 09 June 2025 05:57 PM

ඩයස්‌පෝරා යාලුවොත් හම්බවෙලා, ගනුදෙනුත් බේරාගෙන මෝල්ටාව හෝ ග්‍රීසිය හරහා ප්‍රයිවට් ජෙට් එකකින් ආපහු එන්න.

:       0       5

අරුණි Monday, 09 June 2025 08:33 PM

ඩයස්පෝරාවේ පිහිටත් අරගෙන ඔබතුමාගේ අනාගතය සඳහා දේශපාලන රැකවරණ, සරණාගත භාවයන් ගැනත් කතාබහ කරගන්න. ක්‍රියාකලාපය අනුව රටතුළ විසීමට වරම් ලැබේදැයි සැකයි දැන්නම්.

:       0       0

Perera Tuesday, 10 June 2025 07:00 AM

ගුණරත්න, රනිල් 1977 ඉඳන් පාර්ලිමේන්තුවේ දිගටම හිටියට රනිල් අභිවෘද්ධියට සාර්ථකව කළ එක දෙයක් කියන්න...

:       0       0

Hiran Tuesday, 10 June 2025 07:15 AM

KP එහෙමත් හම්බවෙයිනේ නේද?

:       0       0

Nadee Tuesday, 10 June 2025 07:18 AM

අංගුලිමාලව මතක් වුණා.

:       0       0

Asanga Tuesday, 10 June 2025 10:24 AM

මෙයා යන්නේ ජර්ම්න් ජනාධිපතිගේ ආරාධනාවකට නෙමෙයි. ඩයස්පෝරාවේ ආරාධනයකටයි.

:       0       0

prasanna Tuesday, 10 June 2025 10:45 AM

අරුණ මහතා හූණා කියන්නා වගේ හරියටම කිව්වා. ගොනා හැරෙනකොටම දන්නවා පොල්පැලේ කන්න කියලා. බලාගෙන පා පුවරුවේ යන්න එපා. බාගෙ ටිකට් අරගෙන.

:       0       0

Hamid Tuesday, 10 June 2025 12:09 PM

අපේ රටේත් සාමය හොයාගෙන ගියේ කෙනෙක්ගේ පිළිරුවක් හදයිද දන්නේ නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1567 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site