සංජීවට ගම්පහ උසාවියේදී වෙඩි තබන බවට තොරතුරක් ලැබී තිබුණා සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය 22 February 2025
මන්ත්‍රී ගෙවල් කුලියත් ඉහළට? මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 22 February 2025
කැලණිවැලි මාර්ගයේ දුම්රිය 5ක් අවලංගුයි කැලණිවැලි මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද දින අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 22 February 2025
වන්දනා බසය ගිනි ගනී:අරක්කැමියා මරුට බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම බස් රථයේ නිදා සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව එම බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 22 February 2025
කොළඹ වරායේ වර්ජනයක් කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ සේවකයන් වැඩ වර්ජනයක් අද (22) පෙරවරුවේ ආරම්භ කළ බව වරාය වෘත්තීය සමිති පවසයි. 22 February 2025
අපේ නිල ලාංඡන භාවිත කළොත් බලාගෙනයි විජය පුවත්පත් සමාගමේ දිනපතා ඉංග්‍රීසි පුවත්පත වන ඩේලි මිරර් සහ සිංහල පුවත්පත වන ලංකාදීප යන පුවත්පත් දෙකෙහි වෙබ් අඩවිවල ඇති නිල ලාංඡන ඇතැම් පාර්ශ්ව අවභාවිත කරනු ලබන බව අප ආයතනයට දැනගන්නට ලැබී ඇත. 22 February 2025
24 වැනි දායින් පසු පළාත් කීපයකට වැසි පෙබරවාරි මස 24 වැන දින සිට ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු මැද,නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වය වැඩි වීමක් බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 February 2025
කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්දී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව කොටහේන පොලිසිය කියයි. 22 February 2025
තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන් ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය. 21 February 2025
වෙඩි තැබීමකින් කොටහේනේ අයෙක් මරුට, වෙඩික්කරුත් අල්ලයි කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි. 21 February 2025
ලෝක බැංකු ආසියානු නියෝජිතයෝ අග්‍රාමාත්‍ය ලේකම් හමුවෙති ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය. 21 February 2025
’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස් රථ පහක් , මෝටර් රථයක් සහ යතුරු පැදියක් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් අද (21) දින නියෝග කලාය 21 February 2025
ත්‍රීරෝද රථයක් ලක්ෂ 20 ක් වෙයි පෙට්රල්වලින් ධාවනය කරන නව ත්‍රීරෝද රථයක් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ. 21 February 2025
අලුත්ගම වෙළඳසැලක ගින්නක් අලුත්ගම ඩිපෝ හන්දියේ ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිට වෙළඳසැලක අද(22) රාත්‍රියේ ඇතිවුණු ගින්නකින් එම වෙළඳසැල ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි අලුත්ගමපොලිසිය කියයි 21 February 2025
ගණේමුල්ල සංජීව ඝාතකයාගේ පෙම්වතිය අත්අඩංගුවට අලුත් කඩේ අංක 5 අධිකරණ සංකීර්ණය තුළදී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුගේ පෙම්වතිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 February 2025
උද්ධමනය සෘණ 4.0ක් දක්වා අඩු වෙයි මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජනවාරි මාසය සඳහා සියයට -සෘණ -4.0 ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 21 February 2025
කජ්ජාට මාංචු දුන් PC රිමාන්ඩ් දරු දෙදෙනාද සමඟ යතුරු පැදියෙන් යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කළ ‘කජ්ජා’ මියගොස් වැටී සිටි ස්ථානයේ තිබු පොලිස් ‘මාංචු’ කුට්ටම් දෙක ඔහුට දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල කොට්ඨාශ රථවාහන අංශයේ කොස්තාපල්වරයා මාර්තු 05 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් නවෝද්‍යා හැන්නදිගේ මහත්මිය අද (21) නියෝග කළාය. 21 February 2025
පාසල් 1000ක් ක්ලීන් වෙයි රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ තෝරාගත් පාසල් 200ක ආරම්භ කෙරිණි. 21 February 2025
ගණේමුල්ල සංජීවගේ අවසන් කටයුතු සිදුකරයි අලුත්කඩේ අධිකරණයේ නඩුවකට ඉදිරිපත්ව සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පාතාල කල්ලි නායකයක් වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීවගේ දේහය පිළිබඳව අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (21) පස්වරුවේ සිදුකෙරිණි. 21 February 2025
සංජීවගේ ඝාතනයට අනුබල දුන් බව කියන පී.සී රිමාන්ඩ් සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිසියේ කොස්තාපල්වරයා ලබන 07 වනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය වෙඩික්කරු අධිකරණය අසළට ගෙනැවිත් ඇරලවු බව කියන රියදුරා තවදුරටත රද්වාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අද (21) අවසර දුන්නාය. 21 February 2025
ජනපති ලේකම්- වියට්නාම තානාපතී හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි. 21 February 2025
කටපුංචාගේ මීගමු ඉලක්කය වරදියි මීගමුව වෙළඳසලක හිමිකරුවකු ඉලක්ක කර අද සවස වෙඩි තැබීමක් සිදු කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරුවන්ගේ උත්සහාය අසාර්ථක වී ඇතැයි මීගමුව මූලස්ථාන පොලිසිය කියයි. 21 February 2025
’’පාතාලයට රාජ්‍ය ආයතනවල සහාය ලැබෙනවා’’ පාතාල කල්ලිවලට සමහර රාජ්‍ය ආයතනවල සහාය ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය 21 February 2025
ඩිජිටල් ගැන මැති සබේට කියාදෙන්න යයි රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් මාර්තු 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය. 21 February 2025
’’ඔන්මැක්ස්’’ මහ මොළකරු රිමාන්ඩ් රුපියල් කෝටි ගණනින් ජනතා මුදල් වංචා කළ ’’ඔන්මැක්ස් ඩි ටි’’ නීති විරෝධී පිරමීඩ මූල්‍ය සමාගමේ මහමොලකරුවකු ලෙස කටයුතු කර ’’ඔන්මැක්ස්’’ පරිගණක පද්ධතිය නිර්මාණය කළේ යැයි කියන පන්නිපිටියේ ගයාන් චාමර වික්‍රමතිලක සැකකරු මාර්තු හත දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (21) නියෝග කළාය. 21 February 2025
කජ්ජාට මාංචු දුන්නැයි PC අත්අඩංගුවට මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ ඝාතනයට ලක්වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නමැත්තාට අත් විලංගු යුගලයක් ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 21 February 2025
අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පතනව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 February 2025
කළුතර නිවසක් ගින්නෙන් විනාසයි කළුතර හීනටියංගල ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන විනාශවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 21 February 2025
නැ’හිර හින්දු පාසල් 27 නිවාඩුයි හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සවයක් වන මහාශිව රාත්‍රී උත්සවය ලබන 26 වෙනිදාට යෙදී ඇති බැවින් ලබන 27 වෙනිදා නැගෙනහිර පළාතේ දෙමළ (හින්දු ) පාසල් වලට පමණක් නිවාඩු ලබා දුන් බව ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පැවසීය . 21 February 2025
සෞඛ්‍ය දියුණු කරන්න අලුත් වැඩක් අරඹයි මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මභාවය වැඩි දියුණු කිරීම සදහා වෘත්තිකයාගේ වෘත්තීය නිපුණත්වය ඉහළ නැංවීම අතිශය වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 February 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026