
(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන 219ක බලය පිහිටුවීමට අද (30) පස්වරුව වන විට සමත්ව සිටියේය.
සමඟි ජනබලවේගය පළාත් පාලන ආයතන 30 ක ද, ඉලංගෙයි තමිල් අරසු කච්චි පළාත් පාලන ආයතන 20ක ද, වෙනත් පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 18 ක ද, අද පස්වරුව වන විට බලය පිහිටුවා තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන 6 ක බැගින් ද, ලංකා කම්කරු කොංග්‍රසය ආයතන 3ක ද, එක්සත් ජාතික පක්‍ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ආයතන දෙක බැගින් ද, බලය පිහිටුවීය.
අධිකරණ නියෝග සහ විවිධ හේතුන් මත සභා පිහිටුවීම ආයතන 18 ක කල්දැමීමට සිදුව තිබේ.
මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයට ඇතුළත් වූ පළාත් පාලන ආයතන 339 න් ආයතන 315ක මේ වන විට සභා පිහිටුවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පැරදුණු කට්ටිය සේරම එකතුවෙලා " ල ඇහින්දාස් " ක්‍රමයට බලය පිහිටුවන්න ගත්තු උත්සාහය හරිගිහිල්ලා නෑ එහෙනම්...!
හොර ඩීල්, රහස් ඡන්ද මගඩි නැත්නම් ඔතැනින් තව සෑහෙන ප්‍රමාණයක් පරාදයි. ආණ්ඩුව පිහිටුවලා මාස හයක් ඇතුළත, උපරිම මහන්සි වෙලත් ප්‍රතිඵලය මෙච්චරද...?