IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


භික්ෂු විනය කතිකාවත ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

භික්ෂු විනය පිළිබඳ කතිකාවත සම්බන්ධයෙන් මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එය ඉදිරියට ගෙන යාමට රජයට හැකියාව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධශාසන අමාත්‍යවරයා වෙත බාර දී තිබෙන බව කී ජනාධිපතිවරයා දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට බාර දී තිබෙන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්විණි.

බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ වූ  සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී කීය.ඒ වෙනුවෙන් මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

භෞතික වශයෙන් අත්කරගත යුතු ජයග්‍රහණ මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ළඟා කර ගත යුතු ජයග්‍රහණ රැසක් තිබෙන බව කී ජනාධිපතිවරයා දිගු කලක් මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව පදනම් කර ගෙන ධර්මය දේශනා කළ, එම ධර්මයට සවන් දුන් රටකට අද අත් වී ඇති ඉරණම සියලුදෙනා අවබෝධ කර ගත යුතු බව පැවසීය.

එබැවින්, විනයගරුක සහ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීමට සියලුදෙනා අප්‍රමාදව එක්ව කැප විය යුතු බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බුදු දහමේ චිරස්ථිතිය සහ අඛණ්ඩතාව ඉදිරියට පවත්වාගෙන යාමේදී උපසම්පදා විනයකර්ම ආදී අවස්ථා ඉතා වැදගත් වන බවද කියා සිටියේය.



අදහස් (4)

භික්ෂු විනය කතිකාවත ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

Srinath Tuesday, 01 July 2025 01:33 AM

එක රටක් එක නීතියක් එක ආගමක් එක නීතියක්

:       0       0

ලුම්බිණි Tuesday, 01 July 2025 07:17 AM

භික්ෂු විනය ඒ ගොල්ලන් බලා ගනීවි...

:       1       1

Bunny Preena Tuesday, 01 July 2025 09:03 AM

ඔබ වැනි යහපත් සිතුවිලි ඇති නායකයෙකු ප්‍රමාද වී හෝ අපට ලැබීමට රටවැසියන් ලෙස අපි පිණක් කරලා තියෙනවා. ඔබට දිගු කාලයකට අපේ රටේ නායකත්වය දරන්න හැකිවෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා

:       4       10

කපුරුහාමි Tuesday, 01 July 2025 03:39 PM

ජනතාවගේ සිත් වලට විෂබීජ දාලා මනස අවුල් කරන, අනුන්ට අපහාස කරන, බොරු සමාජගත කරන හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා කස්ස‍ප කියලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 972 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1026 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site