කෙහෙළිය ගැන රහස් ප්‍රකාශයක් දෙන්න ව්‍යාපාරිකයා කැමැත්තෙන්
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අයත් යැයි කියන රුපියල් කෝටි 74 ක අයථා වත්කම්වලින් රුපියල් ලක්ෂ තුන්සීය (30,000,000 .00)ක මුදලක් තබා ගත් බවට රක්ෂිත බන්ධනාගාරගත රත්නපුරයේ ව්‍යාපාරිකයා සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ අද ප්‍රකාශ කළේය.