
(ටී.කේ.ජී.කපිල සහ ගයාන් සූරිය ආරච්චි) )
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පිරිස අද සවස දිවයිනට රැගෙන ආවේය.
එසේ රැගෙන ආ පිරිස අතර කොමාන්ඩෝ සලින්ත නොහොත් පිට්ටුවා , බැකෝ සමන් , පානදුරේ නිලංග සහ තැඹිලි ළහිරු නැමති අන්වර්ථ නාම වලින් හදුන්වන ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් සිටියි .
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් දැඩි ආරක්ෂාවක් මධ්‍යයයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ලෙස ආරක්ෂාව තර කර ඇති ආකාරයක් දැක ගන්නට තිබේ .
ඔවුන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා විසින් ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ,පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය , පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් යන මහත්වරුන් ඇතුළු පොලීසියේ , පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .




(ඡායාරූප- ටී කේ.ජී කපිල)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් මහින්දලත් ඉන්නව එහෙනම්!
එකල බැරි දේ, මෙකල සිදුවේ, මොකද මේ අරුමේ.
අඩෝ කූඹ්යනේ…, තොපිට විතරක් නොව බොල, දැන් අපිටත් රජෙක් ඇත්තේ.
ඉතින් මේ කට්ටිය පිලිගන්න රජයේ වැදගත් අය කීපදෙනෙක් සහ නැටුම් කණ්ඩායමක් කටුනායකට යවන්න අමතක වුණාද ?
මේ අයව හොඳට බලාගන්න ඕනේ. අපේ ලඟම ආධාරකාරයෝ.
ආණ්ඩුවේ ලොකු ලොක්කෝ ද පොලිස් ලොක්කන් ද මාධ්‍ය සංදර්ශන පවත්වමින්ද, ඇතැම් රූපවාහිනි චැනල් බ්රේකින් නිව්ස් දෙමින් සමරන මහා ජයග්‍රහණය. රටේ තිබුණ ලොකුම ප්‍රශ්නය ඉවරයි වගේ. පාතලයක් නැති හෙටක්.
ඇමති හා පොලිස්පති ගියා? රාජ්‍ය නායකයෙක් ආවා වගේනේ. මල්මාලා දාලා පිළිගත්තද දන්නේ නෑ.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගෙන එයි. එසේ වුවත් අපරාධකරුවන් රැගෙන ඒම රගපෑමක් නොවිය යුතුයි.
මොවුන්ට ආශිර්වාද දුන්නු දේශපාලුවන් කුදලන දවස වැඩි දුරක නැහැ..
මේ මහා අපරාධ කරුවන් අල්ලා ගැනීම අපරාධ මැඩලීමේ ඉතාම වැගත් ජයග්‍රහනයකි! ඒ ගැන ආණ්ඩුවට පැසසුම්, නමුත් මෙය "මහා මාධ්‍ය ප්‍රදර්ශනයක්" කරගෙන ගැලරිය පිනවීම ගැන නම් ඉතාම අප්‍රසන්නයි, අතිශයින්ම දේශපාලනිකයි. ලෝකයේ අනිත් රටවල මේ වැනි දේ කරන ආකාරය යුටියුබ් විඩියෝ බලලා හරි ඉගෙන ගන්න, විශේෂයෙන්ම පොලිස්පතිතුමා සහ පොලිසිය බාර ඇමැතිතුමා පරිණත මනුස්සයින් ලෙස කටයුතු කරන්න, මේ වැනි දේ පුනරුදයකට යන ගමනේදි සිදු නොවිය යුතුයි...!
පුදුමයි අල්ලන් ආපු අපරාධකාරයන්ට මල්මාලා දාලා පිලිගත්තේ නැති එක. එහෙව් මොට්ටයෝ ටිකක්.
පක්‍ෂයේ පාලනයක් නැතුව ඇමැතිලාට තනි තීරණ ගන්න දෙන්න එපා අනුර සහෝදරයා. මේ වගේ වැඩ අපිට ප්‍රශ්නයක්...
ඕලුගල මහත්තයා බරපතල ලෙස දේශපාලන පළිගැනීම් වලට ලක්වුන කෙනෙක්… දක්ෂ නිලධාරියෙක්... ඔහුට බාල බොහෝ අය දැනටමත් ඩී අයි ජීලා.. මොහුට වහාම ඩී අයි ජී උසස්වීමක් දෙන්න...
"අපි පාතාලෙ" කියල එයාලාම කියන අයගේ මූණු බොඳ කරලා ඒ ගොල්ලෝ කුදලාගෙන ආපු පොලිස් නිලධාරීන්ගේ මුහුණු පෙන්නන මහ අමුතු රටක් මේක...
දැන්, අපේ පොලීසිය ඒ ගොල්ලන්ගෙ රාජකාරි නිසි ලෙස ඉටු කරනව. ශ්‍රීලාංකියෙකු විදියට අපිට හරිම සතුටුයි ආඩම්බරයි.
පාතාලකාරයෝ පෝෂණය කෙරුවේ ,,උන්ව රැක්කේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ . තමුන්ගේ මැරකම් චණ්ඩිකම් වලට, සුදුවෑන් ගාතන අතුරුදහන් වලට ,කඩාකප්පල්කාරී වැඩ වලට, චන්ද වියාපාර වලට පාතාල කාරයන්ගේ සහාය නොඅඩුව ලැබුනා.මාළිමා ආණ්ඩුවෙන් පාතාලය මර්දනය කිරීමට ගත් පියවර ගැන සතුටුවෙනවා
පාතාල කාලකන්නින්ගෙ මූන වහල පෙන්වන්නෙ උන්ට තර්ජනයක් වෙයි කියල දුකටද ? මේකට විශාල කැපකිරීමක් කරපු පොලිස් විරුවන්ගේ මූනු පෙන්නුවම ඒක ඔවුන්ට සහ පවුල්වලට විසාල තර්ජනයක්.ඒක තේරුම් ගන්න මේ සන්දර්ශන සංවිධායකයන්ට මොලයක් තිබ්බෙම නැත්ද
කෝ මෙතන පළමුව මව්බිම, දෙවනුව මව්බිම, තෙවනුවත් මව්බිම චායාරුපය නැහැනේ !
දැන් තමයි රුබිකොන් පිරිස්ටයි, අර්ශස් කළු රත්නේටයි වැඩ තියෙන්නේ ! හරක් කටාගේ තාත්තට දිවිරුම් ප්‍රකාශයක් හදන්න ලක්ෂ 50ක් ගත්තාවගේ, තව කුඩු සල්ලි කෝටි ගානක් ගන්න පොටක් පැදීලා, මුන් ජෝඩුවට !
දැන්වීමයි. තව හොරිකඩයෙක් අපේ සමාගම නමින් මෙහි අදහස් පලකරන අතර මෙවැනි වංචනිකයින්ට අසුනොවන ලෙස අපගේ ඩෝබි සමාගමේ ගණුදෙනුකාර භවතුන්ට කාරුණිකව දැනුම් දෙමු. මීට යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ දෙපල
කන්ජි කියන දේ අනුර කරනවා ! අනුර කියන දේ විජේපාල කරනවා ! කොහොමද ටිකිරි මොලේ ! අනුරගේද ? නැහැ නැහැ කන්ජිගේ !
කපුටාව ගේන්නේ කවදාද…?
පාතාලය මැඩ පවත්වන්න බැහැ කියලා උදේ හවා කෙදිරි ගෑව අබල දුබල විපක්ෂයේ හොරු සෙට් එකට හොදටම රිදිලා සහ බයවෙලා බව පෙනෙනවා කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු සෙට් එක එකපාරටම අල්ලලා ලංකාවට ගෙනාවම, දැන් කියනවා ඇමති සහ පොලිස්පති ගුවන් තොටුපලට ගිහිල්ලා මාධ්‍ය සංදර්ශන පවත්වනවාලු.