(සුජිත් හේවාජුලිගේ සහ දිලිනි උදේශිකා)
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ දෝෂ නිවැරදි කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති හෙයින් එම ඉංග්‍රීසි පරිවර්තනය අධිකරණමය කටයුතුවලදී යොදා ගැනීම වැළැක්වීමට තම නීතිඥවරුන්ට වහාම උපදෙස් දෙන්නැයි නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා නීතිපතිවරයාගෙන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඊයේ (20) ලිඛිතව ඉල්ලීමක් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ දෝෂ පවතින හෙයින්එම දෝෂ සහිත ව්‍යවස්ථාව නීතිඥවරුන් හෝ වෙනත් තැනැත්තන් අධිකරණ කටයුතුවලදී හෝ වෙනත් කටයුතුවලදී යොදා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකැයිද ඔහු සඳහන් කළේය.
තමාගේ මෙම සාධාරණ යුක්ති සහගත ඉල්ලීම අනුව නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වන බවද උණවටුන පැවැසීය.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ ඇති දෝෂය පෙන්වා දීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා එම වරද වහා නිවැරදි කරන ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ ඇති දෝෂය එලෙස දිගටම පැවතියහොත් විවිධ අධිකරණමය කටයුතු වලදී යම් යම් පාර්ශවවලට අගතියක් ඇතිවිය හැකි බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ ඇති දෝෂය නිවැරදි කිරීමට අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පරිවර්තනයේ ජනාධිපති ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ කාලය අඩු කිරීමටත් වැඩි කිරීමටත් ජනමත විචාරණයක් අවශ්‍ය බව සඳහන් වන නමුත් ඉංග්‍රීසි පරිවර්තනයේ එය සඳහන් වන්නේ එම කාලය වැඩි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව යනුවෙන් යැයි නීතිවේදීහු පෙන්වා දෙති.
2025 නොවැම්බර් මස 21
227
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
281
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1197
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කොපිය පාවිච්චිය නවතී?
දිමුත් Thursday, 21 August 2025 10:17 AM
යම් නීතියක අපැහැදිලි තැනක් ආවොත් සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුයි කියලා සම්ප්‍රදායක් තියෙනවා නේද?
prasanna Thursday, 21 August 2025 04:03 PM
ඒක හොඳ තීරණයක්.
ආලෝකය Friday, 22 August 2025 04:54 AM
එතකොට මේ භාෂා වැරැද්ද නිසා මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිලාට අවුරුදු 5න් යන්න කීම වැරදියි නේද? මහින්ද යාපා කතානායකගේ පාර්ලිමේන්තුව අවුරුදු 5න් අවසන් කිරීම වැරදියි නේද? මේ කතාව මුලින්ම උසාවියට කියපු ලෙනව කියන කෙනා හරි වගේ නේද? අනුර ජනාධිපතිටයි හරිනි අගමැතිගෙ පාර්ලිමේන්තුවටයි වසර 6ක් ඉන්න පුලුවන් නේද? වැරදි ඉංග්‍රීසි භාෂා කොටස නිසා අසාධාරණයක් වුණු අයට මොකද කරන්නේ.
maalaka Friday, 22 August 2025 06:30 AM
මේ පරිවර්තන දෝෂය කොතරම් කල් තිබුණාද? ඉංග්‍රීසි සහ නීති විශාරදයෝ කියා ගන්න අය කොතරම් කල් පාර්ලිමේන්තුවේ සිටියාද ? ඔවුන් මේ ගැන දන්නේ නැද්ද?