
(ඩයනා උදයංගනී)
රට ගොඩ ගත හැක්කේ සියලු පක්‍ෂ එක්ව දූෂිතයන්, වංචාකාරයන්, පවුල්වාදය නැති පිරිසිඳු මිනිස්සුගෙන් යුත් ආණ්ඩුවක් ගොඩනැගීමෙන් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
තමන් සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරන්නේ රට වෙනුවෙන් මිස ජනාධිපති අගමැති තනතුරු බලාපොරොත්තුවෙන් නොවන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ වන විට රට තිබෙන්නේ ගිනි කන්දක් උඩ බවත්, එය නිවාගෙන සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට රජය මැදිහත්විය යුතු බවත් හෙතෙම කීවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජත්‍යන්තර මුල්‍ය අරමුදලින් මුදල් ලැබීම ගැන සම්පූර්ණ ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ලබාදෙන බව කී සිරිසේන මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල ඇති වැදගත්ම කරුණ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මගපෙන්වීම තුළ දූෂණය වංචාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ හා වැඩපිළිවෙලක් ඇතිකළ යුතුවීම බව ද පැවසීය.
COMMENTS
ආයෙත් උඩ්‍රබුරනවා. ඔහෙ 2015ට ඉස්සෙල්ලා හා පස්සෙ කියපු කරපු දේවල් තමා ,තාමත් වමාරන්න බරිව දන්ගලන්නෙ. ලෙඩා අසාද්‍ය විමෙ වගකිම ඔහෙ බාරගත යුතුමයි. තවත් අපිට පවු නොඩි ?? අනිච්චා වත සංකාරා.
ඔයා මුලින්ම ගෙදර යන්න එහෙනම්
අනෙ එපා .. ඔකත් තියාගෙන ගෙදරට වෙලා ඉන්න !
වැද්දාස් බණ. ඔයත් වංචා දූශණ කාරයින්ගෙන් කෙනෙක් තමයි.
ඔබලාට රට ගොඩනැගීමට කිසිදු අවශ්‍ය තත්වයක් නොතිබු බව පුරවැසියන් දනී.
පවුල්වාදය ගැන කතාකරන විට " දහම් " කව්ද ?
එතකොට දූෂිතයින්ට,වංචාකාරයන් හට,පවුල් පාලනයට හොර ආණ්ඩු හැදූ හැටි දැන් දැන් අමතකයි වගේ ග්‍රාම සේවක මහත්තයාට ... කොයි කටින්ද දන්නේ නෑ කතා කරන්නේ ...
ඉන්නේ එක පුතයි මිනිහත් දේශපාලනයේ හැබැයි කතාව පවුල්වාදය නැති කොරන්න.
ඔය නවත්වන්න ඔනෙ කියන දහ ජරා වැඩ තෝලගත් තියෙනව
පිස්සුද ජනාදිපතිවෙලා හිටපු කාලෙ කරනින බැරි මේමිනිහ දැන් බොරැවට මිනිස්සු අන්දන්න යන්නෙ
යන එන මං නැතිවෙනකොට, නඩු හබ වලින් වැරදිකාරයෙක් වෙනකොට, එකමුතු වෙලා ගොඩ යන්න මතක් වෙලා නේද?
මට මතකයි ඔබතුමාගේ නමත් හිටපු ජනාධිපති වරුන්ගේ ලිස්ට් එකෙන් තිබුන. ඒ කාලේ ඔහොම වැඩපිළිවෙලක් ගැන හිතුනෙම නැද්ද. ඔබතුමාලගේ ජඃහ පාලනය කාලේ ගත්තු බිලියන 12 අරගෙන මොනවද කෙරුවේ ඇත්තටම. දැන් බිලියන 3 ක් අරගෙන ලොකු ජයක්වගේ උඩ පනිනවා අර ගානට මොනවද ඇත්තටම කෙරුවේ. පුදුම යි. .
ඔය මොලේ තිබුනේ නැද්ද බලයේ ඉන්නකොට..... බලේ තියෙනකොට මොලේ නෑ. මොලේ තියෙනකොට බලේ නෑ... දැන් ඉතිං ඔබතුමාලා කරපු සේවය හොඳටම ඇති. ඒවා තමයි දැන් මේ මිනිස්සු භුක්ති විඳින්නේ. දැන් හරියට කරන්න පුළුවන් පිරිසකට රට භාර දෙමු. දැන් ඉන්න 225 ටම බෑ කියලා රටම දන්නවා.
ආප්ප කාල කෝපි බීල..රට ගොඩනගන්න ආපු හැටි මතක් වෙනව...... බෝම්බත් කාගෙනම....
ආප්ප කාලා රටත් කාලා දැන් පොර ටොක් දෙනවා
එක වෙන්නැති 2015 සිට 2019 දක්ව කලෙ. සංවර්ධන වෙගය 6% සිට 2% දක්වා අඩුඋනේ.