(කාංචන කුමාර ආරියදාස)
මෙවර අයවැය ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු දෙනා ඒකරාශි වී පරාජය කරාවියැයි යන්න ජනතාවගේ දැඩි විශ්වාසයක් පැවැති බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනතා පැතුම ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී. එල්. පීරිස් මහතා පැවසීය.
සියම් මහා නිකායෙ අස්ගිරි පාර්ශවයේ මාතලේ දීසාවේ උප ප්‍රධාන සංඝනායක රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර ගම්බා පිරිවෙනෙහි අධ්‍යක්ෂ අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියන් (07) දින බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරු ඇතුළු පිරිසක් ද රංගිරි දඹුලු රජ මහා විහාරස්ථානයට පැමිණ මල් පහන් පූජා කර නායක ස්වාමීන් වහන්සේ බැහැදැක දඹුල්ල ප්‍රදේශයේ ගොවීන්ට බලපා ඇති ගැටලු ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළහ.
මෙහිදී මාධ්‍ය අමතමින් ය හිටපු අමාත්‍ය ජී .එල් .පීරිස් මහතා කියා සිටියේ අයවැය පරාජය කිරීම සඳහා තිබුණු හොඳම අවස්ථාව ගිලිහී යෑම සම්බන්ධයෙන් දැඩි කණගාටුවෙන් පවතින බවයි . එය සිදුකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රී කණ්ඩායමක් බව කීවේය.
ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි එම මන්ත්‍රීවරුන් ඊට පෙර අයවැය යෝජනාවට විරුද්ධව දැඩි විවේචන එල්ල කළ බව ද හෙතෙම කියා සිටියේය.
මේ රටේ එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක අවශ්‍යතාවය පවතින බවත් ඉදිරියේදී එවැනි බලවේගයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත් අප්‍රේල් 10 දින එම සාකච්ඡාව තවදුරටත් ක්‍රියාත්මක වන බවද කියා සිටියේය.
වර්තමානයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය සහ වචන ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව බරපතළ ප්‍රශ්න රැසක් මතුව ඇති බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මේ මස 08 දින වන විට දකුණු පළාත් සභාවේ කාලය අවසන් වන බවත් අප්‍රේල් මස විසි වැනි දින වන විට බස්නාහිර පළාත් සභාවේ කාලය අවසන් වන බවත් අප්‍රේල් මාසය අවසන් වන විට පළාත් සභා නවයකකින් අටක නිල කාලය අවසන් වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මේ හේතුව නිසා පළාත් සභා කාර්ය භාරයන් සියල්ල අකර්මන්‍ය වී තිබෙන බවද ජී .එල්. පීරිස් මහතා සඳහන් කළේය. දිගටම මැතිවරණ නොපවත්වා මෙයාකාරයෙන් රජය පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් මතුවන බවද කීවේය.පළාත් සභා ඡන්ද නොපවත්වන්නේ අන්ත පරාජයක් රජය ලබන බව දැනගෙන බවද හෙතෙම කියා සිටියේය.
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘අය වැය පරාජය කිරීමට තිබු හොදම අවස්ථාව ගිලිහීම ගැන කණගාටුයි‘
ravi Sunday, 07 April 2019 07:37 AM
ඔබතුමා හැම වෙලාවකම ගිලිහුණු දේවල් ගැන කියමින් පංචස්ථාප වෙන පුද්ගලයෙක් .... අන්න ඒ නිසා තමයි ඔබතුම වගේ පුද්ගලයින් ඉන්න තැන්වලට වගතුවක් නැත්තේ ..
Saman Sunday, 07 April 2019 07:42 AM
මට මහලු වයසේ , බැරිය වෙණ ගායනා පෙරසේ .......
Seneviratne Sunday, 07 April 2019 08:00 AM
දැන් නම් ජී එල් ට හරිනෑ වගේ. ජයවර්ධන මහත්තයා තමා හරියට දැනගෙන මෙයාව ඈතට කරලා තිබ්බේ.
Vajira Sunday, 07 April 2019 08:22 AM
අයවැයට පක්ෂව චන්ද 119ක් ලැබුණා. ශ්‍රීලනිප විරුද්ධව ඡන්දය දුන්නත් පරද්දන්න බැහැ.
ඇත්ත සත්‍යපාල Monday, 08 April 2019 03:01 AM
ඇත්ත කතාන්තරය තමයි මහින්දලාටත් මේ ආණ්ඩුව පෙරලන්න අවශ්‍යකමක් නෑ. ඉතින් හොරගල් අහුලමින් චන්දයක් එනතුරු ඔහේ යනවා. මහින්දලා ආවත් නැවත එන්නේ දැන් ඉන්න හොර නඩයෙන් කොටසක් සමග. ඒ ඇවිත් කරන්නෙත් මෙයාල කරන ටිකමයි. රනිල්ලා රට විනාශ කරන තුරු එයාලගේ පාක්ෂිකයෝ එයාලව රකිනවා. ඊළගට එන මහින්දලා ඉතුරු ටික විනාශ කරනකම් ඒ පක්ෂවල අය එයාල රකිනවා. මාරුවෙන් මාරුවට අපිව වනසන්න අපිම උදවු කරනවා. ඔන්න ඕකට තමයි දේශපාලනය කියන්නේ. අන්තිමට දෙපැත්තේම පොඩි එවුන් රටත් සමගම ගිලෙනවා. අවාසනාව සහ නොදැනුවත්කම. ඔය පක්ෂ වෙනුවෙන් එළිපිට හෝ හැංගිලා කඩේ යන අයට කියුවට තේරුම් ගන්න තරම් දැනුමක් නෑ. ජවිපෙත් එච්චරම තමයි. කල යුත්තේ ආණ්ඩුවක් බලයට ආව ගමන් සියලු ජනතාව එකමුතුව ඔවුන් හරි මග යන්නට පළමු දවසේ සිටම බලපෑම් කිරීමයි. එහෙත් බලයට එන අයගේ පාක්ෂිකයන් එයට එකග වෙන්නේ නෑ. ඔවුන් අලුත් රජය රැකගන්නට කියමින් ඔවුනට වැරදි කරන්නට ඉඩ හදා දෙනවා.
Bamunuarachchi Sunday, 07 April 2019 08:23 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ නොම්මර එකේ පිරිසක්...
kapila Sunday, 07 April 2019 08:32 AM
දැන් කලේ හරි ඔබලාට අයින් වෙන්න .
Mudali Sunday, 07 April 2019 08:42 AM
පේනතෙක් මානයක එ්කාබද්ධයට සුගතියක් නම් නැහැ.. දිගටම අත්වෙන්නේ පරාජය තමයි.. හේතුව පිට කවුරුවත් නෙවෙයි. ඕකෙ ඇතුලේ ඉන්න කුජීත වෙච්ච දේශපාලුවෝමයි.. එවුන්ගේ කුණු ගඳ ගහන කතාවලට ඇහුම්කන් දුන්නාම ඒකාබද්ධය එපාවෙනවා… අනිත් පැත්තේ. දැනට ඉන්න හරක් රැලම දිගටම හිටපුදෙන් කියලා හිතෙනවා..
සිරිබිරිස් Sunday, 07 April 2019 09:07 AM
ඇදුරුතුමා බයවෙන්න එපා ඒ වැඩේට විධායක නිලධාරීන් 35000ක් බැහැලා ඉන්නවා.
sirimal Sunday, 07 April 2019 09:11 AM
මේ මහාචාර්ය තුමා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ එල් ටී ටී ඊ එකේ කට්ටිය එක්ක ලෝකේ පුරා සාම සාකච්ඡා තියන්න එයාගේ යෝජනා "පොට්ටනියක්" කරගහගෙන ඇවිද්දා දැන් මතක නැද්ද? දැන් පක්ෂයක නාමිකව නායකයා කියල කියාගෙන ඉන්න ගමන් තවත් පක්ෂයක සාමාජිකත්වය තියාගෙන ඒ පක්ෂයේ බලය අල්ලන්න දඟලන කෙනෙක් කර උඩ තියාගෙන උන්නැහේට ආපහු බලය ලබාදෙන්න රට පුරා ඇවිදිනවා. අනේ කාලේ වනේ වාසේ කිවලු.
rohana kumara mendis Sunday, 07 April 2019 09:21 AM
අනේද කියන්නේ හැමදාම මල් වට්ටි වට්ටි අරගෙන පන්සල් ගියාට දෙවියෝ ඔයාල දිහා බලන්නේ නැහැ .... මොකද ඔය සේරමලාගේ බොක්ක හොද නැහැ එකයි. දැන් ඉතින් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න බලය තිබ්බ කාලේ කරපු දෙයක් නැහැ නේ ද?
Ashan Sunday, 07 April 2019 09:30 AM
මෙතුමට ඕනේ එජාපෙ පරද්දන බලවේගයක් හදන්න. රට හදන බලවේගයක් නෙවෙයි. ලැජ්ජයි මහත්තයා එජාපෙ කියන්නේ තනි පක්ෂයක්...
BamunuarachchiSunday, 07 April 2019 10:37 AM
එජාපෙ පරද්දනවා කියන්නේ රට හදනවා කියන එකනේ..., එ්ක එ් තරමටම සිම්පල්... මේ අවුරුදු 4 එජාපෙ රටේ දියුණුවට කළ එකදෙයක් කියන්න.
raviSunday, 07 April 2019 11:59 AM
අපි හිතුවේ.. බමුණුආරච්චි මහත්තයා " පරලෝ සැපත්වෙලා " කියලනේ....
ranilSunday, 07 April 2019 12:02 PM
ජී.එල්. එක්ක මේ බමුණාවත් රිටයර් කරන්න ඕනේ... එකම පදේ... හරිම බෝරින්...
Chanak Los angelesSunday, 07 April 2019 08:30 PM
අය වැය පරාජය කරගන්න බැරිවුණු අය කොහොමද එජාපය පරදවන්නේ ?
ගොන් වස්සාMonday, 08 April 2019 06:38 AM
දැන් එහෙනං 2015 ට ඉස්සෙල්ල රට හැදිලා තියන්ඩ එපායැ ! නිකන් මෝඩ කතා කියන්ඩ එපා මහත්තයෝ !!!
චමින්දMonday, 08 April 2019 07:25 AM
ඇයි බමුණු මොරගහකන්ද ජලාශය හැදුවේ 2015 ත් 2019 ත් අතර කාලයේ නොවේද?
BamunuarachchiTuesday, 09 April 2019 10:42 AM
මුන් අදහස් අතින් කොපමණ බංකොලොත්ද කියා බලා ගන්න පුළුවන්. මෙවන් රජයක් බිහි උනේ මොවුන්ගේ ඡන්දයෙන් කියා දැන් හොඳටම පැහැදිලියි. මේවගේ ලක්ෂ 62 මේ කාලකන්නි රටේ ඉන්නවානේ.
shhan Sunday, 07 April 2019 09:56 AM
ඔය වයසක අයව ගෙදර යවන්න.
Aris Sunday, 07 April 2019 10:04 AM
දැන් ඉතින් ඕක පැරැද්දුවා කියලා ඇති පලේ මොකක්ද? අවුරුද්දට සේවක පඩිනඩි ගෙවන්න බැරිවුණාම ඒකෙත් වරද පොදුජන පෙරමුණේ. තවත් ඡන්ද ටිකක් ගිලිහිලා යාවි...
Buddika Sunday, 07 April 2019 10:37 AM
බැරි වැඩ නොකරන් අබරෝ... කිව්වේ නිකන්ද? මට මහළු වයසේ.. බැරිය වෙණ ගායනා පෙරසේ... කියලත් තියනවනේ. 2015 ඉඳලා කී පාරක් ආණුඩුව පෙරළුවද? නේද? සද්දෙ විතරයි වැඩ බෑ. කොහොමත් වලපයයි, ගොඩපයයි තියාගෙන ඉන්න මිනිස්සු කරන්න ඕනෑ විවේකීව පින්දහම් කරන එක... මොකද එළොව පෙනෙන මානයේ නිසා. ඔහෙත් එක්කම ඔහේගේ අනික් අයටත් මේක අදාලයි.
ජලාසිලි Sunday, 07 April 2019 01:21 PM
ජනතාව කාටවත් අයවැය පරාජය කරන්න කියලා කිව්වේ නෑ. මෙතුමා බොරුමයි කියන්නේ.
Chanak Los angeles Sunday, 07 April 2019 08:39 PM
මහාචාර්ය උපාදියකුත් තියාගෙනත් හොරුන් එක්ක හිටගන්නේ ඇයි ඇදුරුතුමෝ?
BamunuarachchiTuesday, 09 April 2019 02:35 PM
රනිල් වටේ ඉන්න අය පට්ට හොරු නිසයි.
Chanak Los angeles Sunday, 07 April 2019 08:39 PM
මහාචාර්ය උපාදියකුත් තියාගෙනත් හොරුන් එක්ක හිටගන්නේ ඇයි ඇදුරුතුමෝ?
සෙනෙවි Monday, 08 April 2019 01:45 AM
මල් වට්ටි අතේ තියාගෙන මේවද කතා කරන්නෙ? මේ හාදයො මොකටද ගෙන්වන්නෙ පන්සල් වල උත්සව වලට
Shirani Monday, 08 April 2019 01:46 AM
මහාචාර්ය කමටත් නිගාදෙන ප්‍රතිපත්තියක් කියන එකක් ගෑවිලා වත් නැති කෙනෙක්.
Sugath Monday, 08 April 2019 04:14 AM
අපෝ කනදෙයක් කාලා පැත්තකට වී සිටින්න
Don Monday, 08 April 2019 05:23 AM
මෙයා ඉඳල තියෙන්නේ පොහොට්ටුවෙන් ඔක්තොම්බෙර් 26 දා වගේ පාන්ඩුවක් හදන්න.
Sumith Monday, 08 April 2019 09:00 AM
සේරම නලුවෝ... ජනතාවට පුන්නක්කු තමයි දෙන්නේ.