(සුජිත් හේවාජුලිගේ)
සංචරණ සීමා ක්‍රියාත්මකවූ පසුගිය 7 සහ 8 යන දෙදිනේදී අධිවේගී මාර්ගවල වාහන ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අධිවේගී මාර්ගවල පසුගියදා 7 වැනිදා වාහන පනස් එක් දහස් හත්සිය අනූවක්ද පසුගිය 8 වැනිදා වාහන හතළිස් හත් දහසක්ද මෙසේ ධාවනය වී ඇත.
මෙම දින දෙකේදී රථවාහන ධාවනයෙන් උපයාගෙන ඇති මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධිකය.
මේ සම්බන්ධයෙන් අප අධිවේගී මාර්ග මෙහෙයුම් ,නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ඉංජිනේරු නිහාල් ලොඩ්වික් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ අධිවේගී මාර්ගවල රථ වාහන ධාවනය පොදුවේ සියයට 60කින් පමණ අඩුවී ඇති බවය.
අධිවේගී මාර්ගවලින් සංචරණ සීමා නැති වෙනත් සාමාන්‍ය දිනයකදී උපයන ආදායම දළ වශයෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න යැයිද මේදිනවල එම ආදායම හරි අඩකින් පමණ අඩු වී ඇතැයි ද ඔහු සඳහන් කළේය .
අධිවේගී මාර්ගවල මේ දිනවල ගමන් ගන්නා වාහන ප්‍රමාණයට අත්‍යවශ්‍ය සේවා සඳහා යන වාහන සහ ගිලන්රථද ඇතුළත් වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පවසති .
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1013
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දින දෙකට වාහන ලක්ෂයක් එහා මෙහා ගිහින්
fairoos Thursday, 10 June 2021 06:06 PM
ස්ටිකර් අලවපු වාහන විතරද?