(සුමිත් පොතුපිටිය)
පානදුර සංචාරක හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 10 ඇතුළු 41 දෙනකු අද භාරයට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායම හොරේතුඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත්වූ සාදය වටලා ගංජා, කුස් මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමග සැකකරුවන් පොලිස් භාරයට ගෙන තිබේ.
හෝටලයේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ ද පොලිස් භාරයට ගෙන ඇතැයි සදහන් වේ.
සාදය අතරතුර මත්ව සිටී ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු පිරිස අතර සිටින බවත් පොලිසිය කීය.
සැකකරුවන් පිරිසක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් දෙමාපියන් ගෙන්වා භාරදීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණු පිරිමි එකතුවෙලා සංතෝෂ වෙන එක හරි ලස්සනයි. ඒත් මේ වගේ බලුවැඩ කරන උන්ට පාටි එපාවෙන්න දඬුවම් කරන්න ඕනි.
මේ විදිහට 41ක් අත්අඩංගුවට ගත්තේ කුමන නීතිය යටතේද?