(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
ජාතික පොලිස් කොමිෂන් සභාව අලුතින් පිහිටුවීමෙන් පසු පොලිසියට එරෙහිව ලැබුණු මහජන පැමිණිලිවලින් සියයට 89ක් විමර්ශනය කර අවසන් බව එම කොමිෂන් සභාව කියයි.
2015 ඔක්තෝබර් 10 වැනි දා සිට 2018 මැයි 30 වැනි දා තෙක් පොලිසියට එරෙහිව මහජන පැමිණිලි 4437ක් ලැබුණු බවත්, එම පැමිණිලිවලින් 3963ක් විමර්ශනය කර අවසන් කළ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම පැමිණිලි අතුරෙන් වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ පොලිසියේ නොසැලිකිලිමත් භාවය පිළිබඳව බවත්, චෝදනා ලත් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගත් බවත් එම ප්‍රකාශකයා පැවසීය.
ඉතිරි පැමිණිලි ද කඩිනමින් විමර්ශනය කිරීමට කටයුතු කරන බව කී එම නිලධාරියා ඒවා ප්‍රමාධ වන්නේ පොලිසියෙන් ලැබෙන ඇතැම් වාර්තා ප්‍රමාද වීම නිසා යැයි ද සඳහන් කළේය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව අලුතින් පිහිටවූයේ 2015 ඔක්තෝබර මාසයේදීය.
2025 දෙසැම්බර් මස 04
624
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසර තුනට පොලිසියට එරෙහි පැමිණිලි 4437ක්