IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලෝක ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පොලිසියේ සැරයන්වරියක්

(නිමන්ති රණසිංහ)

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා පොලිස් සැරයන් අනුරාධා විජේසිංහ කරුණාරත්න මහත්මිය සුදුසුකම් ලැබ තිබේ.

ලෝක ශුරතා දුන්නෙන් විදීමේ තරඟාවලිය තරඟාවලිය ඊයේ 20 සිට ලබන 26 වැනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ (Yankton South Dakota) යන්ක්ටන් දකුණු ඩැකෝටා නගරයේ දී පැවැත්වෙන අතර , එහි compound දුන්නෙන් විදීමේ ඉසව්ව නියෝජනය කරමින් මෙම නිලධාරිනිය හෙට (22) ඊට සහභාගි වනු ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඇය 2010 වර්ෂයේ දුන්නෙන් විදීමේ ක්‍රීඩාවට යොමුවී වසර පහක්ම දුන්නෙන් විදීමේ ජාතික ශූරිය බවට පත්වී ශ්‍රී ලංකා පොලීසියට කීර්තියක් අත්කර අත්කරදුන් නිලධාරිනියක බව ද පොලිස් මූලස්ථානය පවසයි.

2016 සහ 2019 වර්ෂවල දකුණු ආසියාතික දුනු ක්‍රීඩා උළෙලේදී දුන්නෙන් විදීමේ රිදී පදක්කම ද ඇය විසින් ලබා ගනු ලැබුවාය.

ගාල්ල හිමිදුම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අනුරාධා විජේසිංහ කරුණාරත්න මහත්මිය කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙස ශ්‍රී ලංකා පොලීසියට එක්වී ඇත්තේ 2003 වර්ෂයේදී ය .



අදහස් (2)

ලෝක ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පොලිසියේ සැරයන්වරියක්

Senarath Wednesday, 22 September 2021 12:32 PM

ඔබට ජය පතමි.

:       0       1

fairoos Wednesday, 22 September 2021 12:33 PM

සුබ පැතුම්..!!!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site