(සුජිත් හේවාජුලිගේ )
රටේ නීතිය පාසල් පෙළ පොතට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බව අධිකරණ හා බන්ධනාගාර ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
අපරාධ නීතීය හා සිවිල් නීතීයද පෙළපොතට ඇතුළත් කරන බව ඇමැතිවරිය සඳහන් කළාය. අතුකෝරළ මහත්මිය මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ අද පැවැති සමථ දින සාමාජික උත්සවයේදීය.
COMMENTS
ඉතාමත් කාලෝචිත තීරණයක්... රටක් නීතිගරුක වෙන්න කලින් ඒ රටේ පුරවැසියන් නීතිය ගැන දැනුවත් විය යුතුයි.
හොඳ ප්‍රවණතාවයක්... නමුත් පොතට පමණක් සීමා වෙලා පුළුවන්ද? විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරණය වෙන දේවල් බලන්න. රූපවාහිනියක් එකට ඉඳන් නරඹන්න පුළුවන්ද? මුද්‍රිත මාධ්‍ය "හෙඩ් ලයින්" බලන්න. නීතිය වල්වැදිලා ඇති බව කව්රුත් පිළිගන්න සත්‍යයක්.
ඔව් ඔව් එතකොට නීතියේ තියෙන හිල් ටික පොඩි කාලේ ඉඳලම හොයාගන්න පුළුවන්නේ...
ක්‍රියාත්මක නීතිය හොඳේ. නැමෙන නීතිය නොවේ...
රටේ නීතියක් නෑති නිසා, හිස් පිටු තමයි තියන්න වෙන්නේ...
ඇමතිතුමිය හදන්නේ වෛද්‍ය සංගමය වගේ නීතිඥ සංගමයත් පාරට බස්සන්න වගෙයි.
සිරිලංකාවේ නීතියට අනුව දේශපාලකයකු වූ විට ලැජ්ජාව නැතිවීම, තමාගේ පක්ෂය රට විකුණුවත් විරුද්ධ නොවීම, ස්ත්‍රී දූෂණය, මිනිසුන් ඝාතනය කළත් බේරී ගෙදර සිටිය හැකිබව, කියන ඒවද දන්නේ නෑ..
මෙතන හුඟක් ලියල තියන අදහස් බලපුවහම ... පැහැදිලිවෙන්නේ ... අපේ ඉන්නේ වැඩිහරියක් දුෂකයෝ බවයි .....
රටේ නීතිය මෙන්ම ඊට එරෙහි වුනොත් ලැබෙන දඬුවම් මොනවද කියලත් පාසෙල් පෙළපොතට ඇතුලත් කලොත් හොදා. ඒ වාගේම රටේ නිතර නිතර සිදුවන අපරාධ වලට අදාළ දඬුවම් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කල යුතුය. එතකොට ජනතාවට නිතර නිතර මේවා ඇස ගැටෙන නිසා අපරාධ අඩුවීමට උදව් වෙන්න පුළුවන්.
දැන් රටේ මිනිස්සු නීතිය ඉගෙන ගනී කියල පෙරකදෝරුවෝ ටික වර්ජනය කරයිද දන්නේ නැහැ.
අපරාද නීතිය සිවිල් නීතිය මුලික අයතිවාසිකම් පවුල් නීතිය සයිබර්අවකාශ සහ ඉලෙක්ට්‍රොනික් අපරාද , සමථකරණය යන කොටස් අනිවාර්යෙන්ම දැනගත යුතුයි...
අපේ අධ්‍යාපනය කන්නේ තකතීරු දේශපාලකයෝයි. ඒ අයට හිතන දේ පාඨමාලාවලට දමනවා. ළමයින්ගේ ධාරණය කරගැනීම, ශක්තිය හිතන්නේ නැතිව තමයි වැඩ කරන්නේ..
කරන්න පුලුවන්නම් එය බොහෝම වටිනා විෂයක්...