IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


සහන දෙන්න බිලියන 200ක් වෙන් කරයි

 

(අංජුල මහික වීරරත්න)

දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී  රැස්වූ අවස්ථාවේදී  මෙම තීරණය ගෙන තිබේ.

මෙම වැඩ පිළිවෙල යටතේ රටේ සිටින සියලුම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට  රුපියල් 7500- රු.10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිතය.

දැනට රටේ පවතින භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය සැළකිල්ලට ගනිමින් ආදායම් අහිමිව සිටින පවුල් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල කෘෂිකාර්මික කටයුතු සමාලෝචනය කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව කීය. 

මේ අතර දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසැල්වල සිටින සියලුම දරුවන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් සැපයීමට ද  ජීවන වියදම් කමිටුව  අවධානය යොමු කර තිබේ.

 මව්පියන්ගේ රැකියා සහ ආදායම් අහිමිවීම හා ආදායම් අඩුවීම සැළකිල්ලට ගනිමින් දරුවන්ගේ පෝෂණ තත්ත්වය  ආරක්ෂා කිරීම සඳහා මෙම වැඩ පිළිවෙළ යෝජනා වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (2)

සහන දෙන්න බිලියන 200ක් වෙන් කරයි

මරිසිපාල Friday, 01 July 2022 04:18 PM

පාලකයිනි, අඩු ආදායම් ලාභීන් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න සැලසුම් හදපල්ලා. ඒ සඳහා පාසලේ සාමාන්‍ය පෙළ අසමත් වන දරුවන්ටත් උසස් පෙළ අසමත් වන දරුවන්ටත් පාසල් කාලයෙන් පස්සේ කරන්න කුමක් හෝ ජීවන මාර්ග ඇතිකරපල්ලා. දරුවන්ගේ සාමාන්‍ය දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට සුදුසු පුහුණුවක් දීපල්ලා. එවිට රටේ බොහෝ ප්‍රශ්න විසදාගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව අතීසාරයට අමුඩ ගහන්නා වගේ ඔහොම කරලා කිසිම දවසක ගොඩට එන්න බැහැ...

:       0       1

beau Saturday, 02 July 2022 06:33 AM

කොහේද බිලියන 200ක්.. අච්චු ගහන ඒවාද? අපි යන විදිහට කොහොමත් අපිට ට්‍රිලියනයක්වත් අරන් යන්න වෙයි පාන් ගෙඩියක් ගන්න තව මාසෙකින්. කෙරුවාව තමයි ඔය පෙන්නන්නේ.. ඔය ඔක්කොම කපුටන් තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 156 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site