IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


දූත මණ්ඩල ප්‍රධානීන් 13 දෙනාට පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය

( තිළිණි  ද සිල්වා )
 
විදෙස් රටවල් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස නම් කර ඇති 13 දෙනාගේ පත්වීම්වලට උසස්  නිලතල  පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය  හිමිව ඇතැයි  විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
 
 
නව දූත මණ්ඩල ප්‍රධානීන් 13 දෙනා අතර වෘත්තීය රාජතාන්ත්‍රික නිලධාරීන් 09 දෙනෙකු සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.
 
පත්කරනු ලැබ ඇති නව දූත මණ්ඩල ප්‍රධානීන් දහතුන් දෙනා අතර, නයිජීරියාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ. එස්. ඛාන් මහතා, කුවේට් සඳහා ශ්‍රී ලංකා තානාපති යූ. එල්. මොහමඩ් ජවුහර් මහතා, කොරියානු ජනරජය සඳහා ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ඒ. එස්. යූ. මෙන්ඩිස් මහතා, ජෝර්දානය සඳහා ශ්‍රී ලංකා තානාපතිනි එස්. ශානිකා දිසානායක මහත්මිය, වියට්නාමය සඳහා ශ්‍රී ලංකා තානාපති ඩබ්. ජී. එස්. ප්‍රසන්න මහතා, නේපාලය සඳහා ශ්‍රී ලංකා තානාපතිනි හිමාලි අරුණාතිලක මහත්මිය, කියුබාව සඳහා ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා, ඉතියෝපියාව සඳහා ශ්‍රී ලංකා තානාපති පී. ආර්. එස්. සුගීෂ්වර ගුණරත්න මහතා සහ ලෙබනනය සඳහාද පත් කරනු ලැබ ඇත. 

මීට අමතරව ඕස්ට්‍රේලියාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් ජනාධිපති නීතීඥ හා මානව හිමිකම් පිළිබඳ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරී නීතීඥවරයෙකු වන ජේ. සී. වැලිඅමුණ මහතා, මැලේසියාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් කපිල ජයම්පති මහතා, මාලදිවයින සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් හිටපු අතිරේක මිනුම්පති නිමල් කරුණාරත්න මහතා සහ කටාර් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපදේශක හා ව්‍යාපාරික කිත්සිරි ඇතුලත්මුදලි මහතාද  පත් කර ඇත.
 
ශ්‍රී ලංකාව විදේශ රටවල තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල පනස් දෙකක් පවත්වාගෙන යන අතර මෙම නව පත්කිරීම සමඟ එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් සියයට 54 ක් වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් යැයි ද අමාත්‍යාංශය කියා සිටී.
 
මේ වසරේ දී පත්කරනු ලැබ ඇති දූත මණ්ඩල ප්‍රධානීන් 27 දෙනාගෙන් විසි තුන් දෙනෙකුම ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නිලධාරින් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.



අදහස් (0)

දූත මණ්ඩල ප්‍රධානීන් 13 දෙනාට පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 162 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site