(තරිඳු ජයවර්ධන)
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති ලෙස සිකුරාදා(17) වැඩ බාරගත් කේ කේ විජේරත්න මහතා ඉල්ලා අස්වී ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
පසුගිය සිකුරාදා විජේරත්න මහතා රාජකාරී ආරම්භ කළ අතර ඊට එරෙහිව දෙමාපියන් හා සිසුන් පිරිසක් විරෝධතා පැවැත්වූහ.මේ නිසා රාජකාරී ආරම්භ කර ටික වේලාවකින් පාසලෙන් පිටව යාමට ඒ මහතාට සිදුවිය.
එම සිදුවීමත් සමග තමාට එහි රාජකාරී කළ නොහැකි බැවින් ඉල්ලා අස්වන බව විදුහල්පතිවරයා පළාත් අධ්‍යාපන ලේකම්වරයාට අද (20) දැනුම් දුන්නේය.
ඒ අනුව නව විදුහල්පතිවරයකු පත් කරන තුරු විදුහල්පති ධූරයේ රාජකාරී ආවරණය කරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.එන්.කේ ඒකනායන මහත්මිය ජී.එස් ප්‍රේමසිරි නම් නිලධාරියාට ලිඛිතව දැනුම් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම බාධාකිරීමට වැඩබලපු විදුහල්පති සම්බන්ධ ඇති පුද්ගලික කටයුතු සඳහා රාජකාරි යොදාගැනීම ආයතන සංග්‍රහය අනුව වරදක් විනයානුකුල කටයුතු කරන්න
උද්ගෝශනේ කොරන මවුපියන්ගෙන් විදුහල්පති කමට කෙනෙකුව පත් කර ගන්න. වැඩේ අමාරු නම් විදුහල වසා දමන්න.
ඕක වහල දාන්න. මුන් ඕනෙවට වඩා ඩිමාන්ඩ් කරන නිසා වහල දාන්න.