IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කෝටි 287 කට ගෙනා වාහන 78 සොයා ජවිපෙ මන්ත්‍රී සී.අයි.ඩීයට යයි

(මුදිතා දයානන්ද)

රුපියල් ලක්ෂ 28,700 ක් වැය කර පසුගිය රජය කාලයේ ගෙන්වන ලද වාහන 78 තිබෙන්නේ කොහේද කා සතුවද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ජයතිස්ස මහතා මෙසේ පැවසීය.

පසුගිය ආණ්ඩු කාලයේ ඇමතිවරු මිලදී ගත් වාහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ වාහන සම්බන්ධයෙන් 2017 මැයි මාසයේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

ඒ වාහන සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලුවා. ඒත් වාර 5 ක් සති දෙක ගානෙත් තවත් වාරයක් මාසයක් ලෙසත් කල් ගනිමින් උත්තර දීම මග හැරියා. අන්තිමට 2019 අගෝස්තු මාසයේදී මාස 6 ක් කල් ගත්තා. එහෙමයි ඔහු මේක මගහැරියේ.

ආණ්ඩුව මාරු වුණාට පස්සේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ ප්‍රශ්නයට උත්තර දුන්නා. ඒ වාර්තාව අනුව වාහන 78 ක් රුපියල් ලක්ෂ 28,700 කට මිලදී ගෙන තිබෙනවා. 

දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ වාහන තිබෙන්නේ කොහෙද කියන එක. සමහරු අපි ගත්තේ නැහැයිලු. සමහරු කියනවා මම දන්නේ නැහැ කියලා. දැන් මේ වාහන තියෙන්නේ කොහෙද? කවුද භාවිතා කරන්නේ කියලා පරීක්ෂණයක් කරන ලෙස අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට නීතිඥ සුනිල් වටගල මහතාද එක්ව සිටියේය.

 

 



අදහස් (19)

කෝටි 287 කට ගෙනා වාහන 78 සොයා ජවිපෙ මන්ත්‍රී සී.අයි.ඩීයට යයි

Mahesh Thursday, 13 February 2020 03:33 PM

ඉතින් ඔයාලගේ ආණ්ඩුවක්නේ තිබුනේ. හාමු ඔයාලාට නොදී තනියෙන් වාහන පාවිච්චි කරලද..?

:       66       179

saradiyelFriday, 14 February 2020 03:09 PM

මේ ඡන්දෙ ළඟයිනේ. මොනවාහරි කියන්න එපෑයෑ...!! මෙයාලගේ සෙල්ලම මේක අනෙක් අයගේ සෙල්ලම නාටක පෙන්නන එක..

:       36       200

සෙනෙවිරත්න Saturday, 15 February 2020 12:26 PM

මේ වාහන සම්බන්ධයෙන් 2017 මැයි මාසයේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.* මේ ගැන ඔබගෙ පොහොට්ටු මහත්වරුන් මොකද කළේ?

:       0       0

saradiyelSunday, 16 February 2020 01:28 PM

පොහොට්ටුකාරයේ අපි සුද්ද කරන්නේ නෑ. හැබැයි සහෝදරයා නම් මේ ගැන දැනගත්තේ ජොන්ස්ටන් කීවට පස්සේ

:       0       0

සෙනෙවිරත්න Saturday, 15 February 2020 12:30 PM

හාමු එක්ක මහිනදගෙ ඩීල් ,කෝ බැඳුම්කර හොරු ,මොනවත් වෙන්නෙ නැහැ මේ ගොල්ලන්ට තියෙන උනන්දුව ගෝඨාගෙ ගොල්ලන්ට තියෙනවද?

:       0       0

Hafeel Thursday, 13 February 2020 03:59 PM

රනිල් තමාගේ බල තන්නාවට, අසාර්ථක නායකත්වය සහ කිසිම වටිනාකමක් නැති අගමැති දූරය රැකගන්න ඕනෙම වැරදි වැඩක් කරාවි.

:       0       0

Senevirathne Thursday, 13 February 2020 04:09 PM

දැන් හඳ පෙන්නපු අයගෙ ඇඟිල්ල එහෙම නැතිනම් 3% ගැන කතා කරාවි

:       0       0

Pradeep Thursday, 13 February 2020 04:39 PM

ඉතාමත් හොද වැඩක්. බලමුකෝ මේවා කොහෙද, කා ලගද තියෙන්නේ කියලා. දැනටමත් හොර පාරෙන් විකුණලා ඇති.

:       0       0

Kumar Thursday, 13 February 2020 04:55 PM

මොන ආණ්ඩුව තිබුනත් තමන් ළඟ තිබෙන මුදල්වලින් තමන්ට ලැබුන පර්මිට් එකකින් වාහනයක් ගෙනාවොත් ඔබලාට තිබෙන කැක්කුම මොකක්ද කියල වහගන්න අමාරුයි. මම දන්නා වෛද්‍යවරු කිහිප දෙනෙක්ම මේ පිළිවෙත අනුගමනයය කළා. මේ ගමන වෙනසකට තිබුනේ වාහනේ මුලුවටිනකම එක ගමන්ම ගෙවන්න සිදු වුන එකයි.

:       0       0

Bamunuarachchi Thursday, 13 February 2020 05:23 PM

මේ කට්ටියත් මොනවා හරි අනුන්ගේ දෙයක් හොයලා මාධ්‍යට කියලා ලොකු ප්‍රසිද්දීයකුත් අරගෙන කොහොම හරි දවස ගැට ගහ ගන්නවා.

:       0       0

Nishan Thursday, 13 February 2020 10:27 PM

ඒවටත් චෝගම් එකට ගෙනාපු බෙන්ස් කාර් පනහට වෙච්ච දේම වෙලා ඇති. හැබැයි අපරාදේ කියන්න බැහැ ඒ ආණ්ඩුවෙන් විපක්ෂ නායක තුමාටත් වෙඩි නොවදින බෙන්ස් කාර් එකක් ගෙනත් දුන්නා.

:       74       105

Asanga Friday, 14 February 2020 12:42 AM

එතකොට දැන්ද මේගොල්ල ඇහැරුණේ.

:       141       141

cw Friday, 14 February 2020 02:07 AM

ඇයි දැන්? ඒ කාලේ කළේ නැත්තෙ මොකද?

:       194       232

abaran Friday, 14 February 2020 03:03 AM

cw වෙත, පුවත හරියට කියවන්න..

:       0       136

Jaya Friday, 14 February 2020 03:22 AM

ඒ කාලෙ නොකල එක ප්‍රශ්නයක් තමයි. ඒත් දැන්වත් මේගැන හොයන්න ඕන. කෝටි 287 ක් කියන්නෙ සුලුපටු ගානක් නෙවෙයි. ඇරත් විදේශ විනිමය. මේ කන්නයේ රටේ මුලු වී අස්වැන්නම මිලදී ගන්න උනත් වැයවන්නෙ මේ මුදලින් ඉතා සුලු කොටසයි. ගනුදෙනුව හෙලිකොට නිකන් සිටින එක නෙවෙයි රජයේ වගකීම.

:       1       60

shan Friday, 14 February 2020 03:35 AM

cw , අසංග දේශපාලන කන්නාඩි දාගෙන අදහස් දමන්න එපා. පුවත හරියට කියවන්න.

:       176       101

sharm warn Friday, 14 February 2020 04:00 AM

අපෝ මෙව්වා ඉතින් අපිට පෙන්වන නාටක තමයි. 2015 දී මොන තරම් ෆයිල් හැදුවද ?? අද වෙනකල් එක ෆයිල් එකක් හරියට විසදලා තීන්දුවක් දුන්නද ?? බොරු ගමන් යන්නේ නැතුව වැඩක් බලාගෙන ඉන්න. ඔයාල නිකන් රස්තියාදු වෙන එක විතරයි.

:       51       25

සෙනෙවිරත්න Saturday, 15 February 2020 12:31 PM

ඇත්ත රනිල් මහින්ද ඩීල්වලට සේරම යටයි,

:       0       0

denin Saturday, 15 February 2020 11:50 AM

පුලුවන්නම් යෝජනාවක් ගෙනෙන්න මන්ත්‍රීවරුන්ට නොමිලේ වාහන දීම නතරකරන්න කියා.ඒ වගේම යෝජනාවක් ගෙනෙන්න ඇමතිවරුන්ගේ ප්‍රයෝජනය සඳහා හයිඑස් හෝ නිසාන් වැනි වෑන් රථ පමණක් ගෙනෙන්න කියා.එහෙම කලාම එකම වෑන් රථයේ ආරක්ෂකයින් හා තව නිලධාරී කීපදෙනෙකුට එකම වාහනයේ යන්න පුළුවන් ඇමතිවරයා සමග.විශාල මුදල් ඉතිරියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 141 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 506 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1717 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1573 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 119 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 1400 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1238 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 397 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site