(සුජිත් හේවාජුලිගේ )
සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට සුවිශේෂී ආර්ථික වැඩපිළිවෙළක් සහිත ගමනක් මේ මස අග සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
මෙම වැඩපිළිවෙල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන සතියේදී ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.
මෙම වැඩපිළිවෙළේදී ගෙවතු වගා ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
නව වසර ආරම්භයේදී රජය වේගවත් සංවර්ධන ගමනකට අවතීර්ණ වන බවට රජයේ දේශපාලනඥයෝ රැසකද මෙයට පෙර ප්‍රකාශ කළහ.
COMMENTS
ඒක හොඳයි...!!!
මිනිස්සු ඡන්දය දුන්නේ එම අවස්ථාවේ ඉදිරිපත් කළ වැඩ පිළිවෙළට මිස වෙනත් එහෙකට නොවෙයි. ඒ නිසා ඡන්දය අවස්තාවේ ඉදිරිපත් කළ වැඩසටහන පරාජයට පත්වුනාද? ෆේල් කියන්නෙ ඕකට තමා. ගෙවතු වැඩත් ගමේ සංවිධායක හරහා කලොත් හබක් තමයි.
තව ආර්ථික ප්‍රතිපත්ති අහවල් දේකටයැ. සෞභාග්‍යයේ දැක්ම කියලා තිබුණේ කරන්න යන දේවල් ගැන.. ඒකත් රිවස් වෙලා...
පවුල් පාලන ආණ්ඩුව හරියට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරුවා නම් අද අපේ රටේ මෙතරම් ආර්ථික ව්‍යවසනයක් ඇතිවෙන එකක් නැහැ.
O/L අසමත් මුදල් ඇමති සහ ආර්ථිකය පිළිබඳ දැනුමක් නැති ාමාන්‍ය ගණකාධිකාරී වරයෙක් වන කබ්රාල් උන්නැහැ, මේ ආර්ථිකය ගොඩ ගන්න බැරි තරමට විනාශ කරනවා. ගජ මිතුරන්ට වෙළෙඳපොළ අනුව විනිමය අනුපාතයට වඩා අඩුවෙන් ඩොලර් දීලා වැඩි මිලට භාණ්ඩ විකිණීමට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. මේ අතර අමාරුවෙන් ඩොලර් උපයන ිදේශීය ශ්‍රමිකයන්ගේ ඩොලර් ගසාකෑමට සලස්වනවා. මේක නිසයි අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි වෙන්නේ.
මේ අය සංවර්ධනේ කරන්නේ කොළ කෑලි වලින්. ඒකයි මෙච්චර දැක්මවල්. ඇත්තටම වැඩක් කරනවනන් දක්මවල් ගැන පම්පෝරි ගගහ ඉන්ඩ දෙයක් නෑනේ
නටන්න බැරි එවුන් පොළොවේ ඇද අරින්න තව ගානක් පිටරටින් ණය ගන්න වගෙයි මේ දඟලන්නේ?
විශ්මිත ගෑස් බෝම්බ, පොහොර නැව් කතාව, තෙල්නැව බලාසිටියිදි ගිනිබත්විම, මහරැ එල්ලුම් ගහේ නැගුනු කතාව, නිල් ජෙට් කුරුල්ලා .....කතන්දර පොත් පිංචකට මුලාශ්‍රඇත.
එහමනම් ගෙවී ගිය අවුරුදු දෙකෙන්ම කලේ පරණ ආර්ථික වැඩපිළිවෙළක්ද?
"ගෙවතු වගා ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත"රටේ ආර්ථිකය ගොඩ දාන්න යන්නේ මෙහෙම ද?රටට අබ සරණයි
හැමදාම අලුත් ප්‍රතිපත්ති ,ගැසට් වගේ තමයි.කිසිම සැලසුමක් නැහැ