
(අංජුල මහික වීරරත්න)
මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි නිවාස පෙළ හදිසියේම ගිනි ගැනීම සම්බන්ධයෙන් සෙවීමට කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.
මෙම වතු නිවාස පෙල නිරන්තරයෙන්ම ගිනි ගැනීමට ලක්වන බවත් ගතවූ වසර එකහමාරක කාලයේදී තුන්වරක් එම නිවාස ගිනි ගැනීමට ලක්ව තිබෙන බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
කජීමා වත්තේ පදිංචි වී සිටින අයගෙන් ගෙවල් අත්‍යාවශ්‍ය අය හඳුනා ගත යුතු යැයිද ඇතැම් විට බදුල්ලේ අයත් එහි පදිංචි වී සිටින අතර ඔවුන්ට ඒ ප්‍රදේශවලින් නිවාස ලබා දිය යුතු යැයිද අමාත්‍යවරයා කීය.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී අද (28) රැස්වීය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තොට ලඟ ගින්න ගැන හොයන්න කමිටුවක්
Dulaj Wednesday, 28 September 2022 02:15 PM
හොඳයි...