IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සත්ව ආහාර සදහා යොදාගත් ලක්ෂ 29 සහල් අත්අඩංගුවට

 

(තිලකරත්න දිසානායක)

සත්ව ආහාර නිෂ්පාදනය කිරීම පිණිස රතු කැකුළු සහල් තොගයක් ගබඩා කර තබාගත් බව කියන විදේශ සමාගමක් පරීක්ෂාවට ලක් කළ පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් එහි තිබී රුපියල් ලක්ෂ 29 ක් වටිනා සහල් තොගයක් අත් අඩංගුවට ගෙන ඇත.  

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා වෙත ලැබී ඇති තොරතුරක් මත එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් ජාඇල , ඒකල ප්‍රදේශයේ පිහිටි මෙම සමාගම පරීක්ෂාවට ලක්කර කිලෝ ග්‍රෑම් 31,000 රතු කැකුළු සොයා ගැනීමට සමත්විය.

කිසිම සහල් වර්ගයක් සත්ව නිෂ්පාදන සඳහා යොදාගත නොහැකි බවට පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබියදී එය නොසළකා හරිමින් මෙම විදේශ සමාගම කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය. 

අත්අඩංගුවට ගන්නා සහල් තොගය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති අතර අදාළ සමාගමට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය. 

 



අදහස් (3)

සත්ව ආහාර සදහා යොදාගත් ලක්ෂ 29 සහල් අත්අඩංගුවට

Bamunuarachchi Tuesday, 11 August 2020 01:46 PM

පොහොර සහනාධාර දීලා ගත්ත අස්වැන්න වී මෝල් හිමියෝ වැඩිමිලට මිලදී ගෙන විකුණන්නේ සත්ව ආහාර හදන්න. මේ අයව ගොල්ෆ් පිට්ටනියකට ගේන්න. අපි ඉතුරු ටික කරන්නම්.

:       52       16

BamunuarachchiWednesday, 12 August 2020 03:09 AM

මගේ වියදමින් දෙකයි දෙකේ කලුගල් ලෝඩ් එකක් ගෝල්ෆේස් පිටියට එවන්නම් සංග්‍රහ කරන්න.

:       0       0

ferna Wednesday, 12 August 2020 08:15 AM

සහල් අත්අඩංගුවට.. කුඩු බෙදා හරිති..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site