(මොහොමඩ් ආසික්)
ගලගෙදර පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද මෙහෙයුමක් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 99 යි මිලිගෑම් 700 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකුද අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ගලගෙදර අක්කරවත්ත ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 25 ත් 27 ත් වයස්වල පසුවන පුද්ගලයින් බවද පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd