(සුජිත් හේවාජුලිගේ සහ නිමල් ජයරත්න)
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මැදගම්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හත් හැවිරිදි දරුවකුට පන්තිභාර ගුරුවරිය රූල් තුළ අකුරු නො ලියූ බව පවසමින් පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවාගේ පියා වන මංජුල කුමාර රත්නායක මහතා පොලිසියට ළමාරක්ෂක අධිකාරියට සහ අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කර ඇත.
මේ සිද්ධියවී ඇත්තේ පසුගිය 20 වෙනිදාය
සිද්ධියෙන් තුවාල ලැබූ එම දරුවා රෝහල් ගත කරනු ලැබ සිටියි. මේ සම්බන්ධයෙන් විවිධ අංශවලට පැමිණිලි කර ඇතත් ඊට විසඳුමක් නොමැතිවීම හේතුවෙන් දරුවා පාසලට නොයා නිවසේ රැඳී සිටින බව දරුවාගේ පියා පැවසීය.
මේ සම්බන්ධයෙන් දරුවාට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.
මේ සම්බන්ධයෙන් මැදගම්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති රංජිත් නිශ්ශංක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙය සුළු සිද්ධියක් බවයි.
සිද්ධිය සමථයට පත් කරවා ගැනීමෙන් පසුව දරුවා පාසලට එවීමට මවුපියන් කැමැත්ත පළ කර ඇති බවත් දරුවාට ඇත්තේ සෙම සහ හතිය බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමා වාසලමුදලි මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ සිද්ධිය පිළිබඳව විදුහල්පතිවරයා තමා දැනුවත් කර නැති බවයි.
මේ සිද්ධිය ගැන දරුවාගේ පියා තමා දැනුවත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට දිඹුලාගල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාට උපදෙස් ලබා දුන් බවත්ය
සිද්ධියට මුහුණ දුන් දරුවාට සාධාරණය ඉටු කිරීමට තමා කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ සම්බන්ධයෙන් අප ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි බොහෝ අවස්ථාවලදී විමර්ශන සඳහා අදාළ පොලිසිවලට යොමු කරන බවයි.
පොලිසිවලින් සාධාරණය ඉටු නොවන්නේ නම් අධිකාරිය පෞද්ගලිකවම මැදිහත්වී විමර්ශන පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.
පොලීසියේ පරීක්ෂණවල අඩුපාඩු කමක් පෙනෙන්නේ නම් මවුපියන්ට ඒ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කළ හැකි බවද මහාචාර් ය උදය කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට ගහලා හදන්න ඕනෙ කාලෙ හදන්න ඕනේ...
මීට අදාළ විමර්ශන සති දෙකක් තුළ අවසන් කර ඉදිරිපත් කර ඉදිරිපත් කරන ලෙස උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් දිඹුලාගල කළාප අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දී ඇත. ඒ අනුව කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස විසඳුම් ලබාදීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වනු ඇත.
හොඳ වෙලාවට අපේ තාත්තා පොලිසි ගියේ නැත්තේ. එහෙම වුණා නම් තාත්තා ටීචර් එක්ක හැමදාම පොලිසියේ. අද මට මේක ලියන්න වෙන්නෙත් නැහැ. වෙලාවට මේකේ රූල් නැහැ
මම හිරේ නොගියේ... ගුරුවරු මට ගහපු නිසා...!
ළමයා ගෙදර. ප්‍රශ්නය එකම තැන... ආයතනවල නිලධාරීන් බෝල පාස් කරකර ඉන්නවා.
ලුණු මිරිස් නැතුව හොද්ද හදන්න මංජුල කුමාර සූදානම් වෙලා කියන්න පුළුවන්... මෙහි දැක්වෙනවා දරුවට තුවාල වුණා කියලා. ඒක කෙසේවත් පිළිගන්න බැහැ. සොයා බලන්න.. මෙම පියාත් හරියට ඉගෙනීමක් නොකල අයෙක් නේද කියලා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය.. කොහොම වුණත් මේ දරුවා අනාගතයේ මැරයෙක් වීම වළක්වන්න සක්කරයාටවත් බැහැ.
තුවාල වෙන්න ගහලා දරුවා රෝහල් ගතකළා නම් ගුරුවරිය අත්අඩංගුවට ගත යුතුයිනේ. මේ කතාව ටිකක් ගැටලු සහගතයි. එහෙම නැතුව යම් වරදකට ගුරුවරයෙක් පාරක් දෙකක් ගැහුව පලියට පොලිසි යන දෙමව්පියන් දරුවන්ට දෙන පණිවිඩය නරක එකක්. ඒ විදියට හදන දරුවො අම්මා තාත්තා දඩුවමක් දුන්නු දවසක ඒ අයට විරුද්ධව අත උස්සන්න වුණත් ඉඩ තියෙනවා...
අපි ගුටිකාපු විදිහට අපේ තාත්තලා පොලිසි ගියානම් ගුරුවරු තාම හිරේ... අපේ ගුරුවරුන්ට අපි තාම ආදරෙයි..
මේක හරිම සංකීර්ණ ප්‍රශ්නයක්... ගුරුවරයෙක් ළමයෙකුට ගහන විට තුවාල සිදුවුවත් ගුරුවරයන් අතින් එහෙම වෙනවා කියන එක මීට පෙර නම් අසා නැහැ. මේ ගුරුමහත්මියත් එකම ගමේ නම් පවුල් අතර ප්‍රශ්න තියෙන්න පුළුවන්. ළමයාට නිසි ආකාරයට අකුරු ලියන්න බැරිනම් ඒකටත් ගුරුවරුන්ට චෝදනා කරන්න පුළුවන්... තවම මේ ළමයාට හරියට අකුරු ලියන්නවත් බැහැ.
හොද ගුරුවරු අතරෙ අලුගොසුවොත් ඉන්නව, කාටත් මතක ඇති පසුගිය කාලෙ දරුවො දූශනය කරපුව, සමහරක් ගෙදර ප්‍රස්නනම් දරුවන්ට තඩිානව
මේ දවස්වල ගොඩක් දරුවෝ කුසගින්නේ එන්නේ... ගහන්න එපා...!
මීට කළිනුත් දුප්පත් දරුවෙක් සපත්තු දාගෙන ආවෙ නෑ කියලා දරුවගේ බෙල්ලේ එල්ලලා තිබුණා.. එම දරුවාට දිඹුලාගල පොලිසියේ ඕ.අයි.සී. සපත්තු දෙකක් අරන් දීපු සිද්ධිය පුවත්පත්වල පලවුණා.
මගේ දරුවාට අකුරු සම්බන්ධයෙන් ගුරුවරියට අවුරුදු 35කට පෙර පැහැදිලි කිරීම: කොම්පියුටරේ, කැල්කියුලේටරයක් මේ ප්‍රශ්න විසඳනවා, ළමයාට කරදර කරන්න එපා! ඒ අවුරුදු 35කට පෙර, නමුත් ලංකාවෙ දියුණුව, තාම එතනමයි!!! විදුහල්පතිට සුළු සිද්ධියක්, ගණන් ගන්නෙත් නෑ. තව අවුරුදු 35කට ලංකාව මෙතනම තමා.